Ep 08

37 8 10
                                    

මට දැනුනේ මගෙ හුස්ම හිරවෙනවා වගේ ... මගෙ ඔලුව කැරකෙනවා.. නැ මගෙ වටපිටාවම කැරකෙනවා..... තුහාන් එක්ක ඉද්දි සැහැල්ලුවක් දැනුනත් හිත ඇතුලෙන් අමුතු මූසල හැගීමක් මට දැනුනා... ගනන් නොගෙන ඉදියාට මොකක් හරිම අවුලක් ඇති කියන්න දැනුනා මට....

ඔව්.... මගෙ ජීවිතේදි වෙන දේවල් ගැන මන් අවධානෙන් ඉන්න ඉගෙන ගත්ත දවසේ ඉදන් ඉස්සරහට හොද හෝ නරක හෝ දෙයක් වෙද්දි ඊට කලින් අපට ස්වභාදහමෙන් දෙන ඉගි මන් කියවන්න පුරුදු වුනා... ඒකේ ප්‍රතිඵලයක් තමයි නරකක් වෙනවා නම් ඊට කලින් අමුතු මූසල හැගීමක් දැනෙන එක....

            මන් ගෙදර එද්දි මිදුලේ බාප්පගෙයි අටාලේ මහප්පගෙයි  ත්‍රීවිල්  වගේම කොට්ටාවේ මහප්පලාගේ කාර් එක තිබුනා....ඒත් අපේ බයික් එක නැහැ.. පවුලේ හැමෝම අපේ දිහා ඇවිත් නිසා මට සතුටක් දැනෙන්න ඕනි උනත් එහෙම දැනුනේ නැ.. මම දොර ගාවට ගියාම දැක්කේ අම්මා අඩ අඩ ඉන්නවා... සුදු අම්ම , ලොකු අම්මලා , චූටි අක්කා , චූටි අයියා , බාප්පා , මහප්පලා සාලේ ඉදගෙන.. ඒත් අප්පච්චි නම් සාලේ ඉදියේ නෑ...මන් ආවා කියලා එයාලා දැක්කෙත් නැ.... මන් ඉතිං සෙරෙප්පු ගලවලා ඇතුළට යද්දි ලතා ලොකු අම්මා නැගිටලා අම්මා ගාවට ඇවිත් ඇගිල්ලක් දික් කර කර කීව දෙයින් මන් ගල් වුනා...

" අරකි බඩට ආව නිසයි තෝ අද විදවන්නේ තේරුනාද... ඒ කාලෙම කීවා ඒකිව බඩෙන් අයින් කරපන් කියලා.. අයින් කරලා අහපව් වරෙන් කියලා.. කෝ.. කෝ.. උබ ඇහුවද.... නෑ... අම්මට තාත්තට අපිට දුක් දීලා , අපේ පවුලේ දැලි ගාලා ගියාට තමයි තෝ ඔය විදවන්නේ... කාපු අන්නාසි , බීපු පෙන්ඩෝල් -  "

" මන්දෝදරී!!! "

          කදුලු ? නැ... මගෙ ඇස් වලට කදුලු ආවේ නෑ.... මන් දන්නවා බඩට ආව අරකි කීවේ මට කියලා... අම්මා අද විදවන්නේ ඒ කීවත් වගේ මන් එයාගේ බඩට ආව නිසයි.. ආච්චිලා ලොකු අම්මලා කීවා වගේ අම්මා එදා මාව නැති කරලා දැම්මා නම් අම්මා අද මෙහෙම අප්පච්චිගෙන් ගුටි කකා මැරි මැරි විදවන්නේ නැ...

       චූටි අක්කා මගෙ නම කියද්දියි හැමෝම වගේ ගැස්සිලා දොර පැත්ත බැලුවේ... අම්මගෙ ඇස් රතගැහිලා.. ඒ මූණ මහන්සියෙන් හෙම්බත් වෙලා... අනේ මට සමාවෙයන් අම්මේ ඔයාගේ බඩට ආවට... කිසිම වෙනසක් පෙන්වන්නේ නැතුව මන් කාමරේට ගියා.. ගිහින් වොශ් එකක් දාගෙන පාඩම් මේසේ ඉදගත්තා.... ගෙදර හරියෙ කිසිම සද්දයක් නැ... එයාලා හුස්ම ගන්න සද්දෙ විතරයි.... කවුරුත් මාත් එක්ක කතා කරන්න ආවේ නෑ... ඒත් චූටි අක්කා ආවා ,

❝ මන්දෝදරී ❞Where stories live. Discover now