Cᵒⁱⁿᶜⁱᵈᵉⁿᶜᵉ 🍃

735 134 69
                                    

තණකොල ගහක්වත් හරිහැටිව දැකගන්නට බැරිව තිබුන දැඩි ග්‍රීස්ම කාලයේ එක්වරම ඇදහැලුන අනපේක්ෂිතව වර්ශාවෙ සීතලට රාත්‍රියේ බොහෝ මිනිස්සුන්ට සනීපෙට නින්ද ගිහිල්ලයි තිබුනෙ.
කොච්චර සනීපද කියනවනම් සමහරුන්ට වැඩට යන්නත් අමතක වෙලා.. මේ අතරෙ සනීපෙට නින්ද ගිහින් උන්න ලස්සන කෙල්ලෙකුත් වැඩට යන්න ඇහැරෙද්දි එයාට වැඩට යන්න හොඳටම පරක්කු වෙලයි තිබුනෙ.

අනේ දෙයියනේ හයට කාලයි නේද... මම විනාසයි.... 😩

කලබලෙන් ඇදෙන් බැහැගත්ත කෙල්ල දඩිබිඩි ගාල දතකට මැදගන කෙලින්ම යුනිෆෝම් එකෙන්ම ලෑස්ති උනේ ගොඩක් පරක්කු වෙලා තිබුන නිසා.. නැත්තම් මෙයා යුනිෆෝම් එක අරගන ගිහින් එහෙන් තමයි ලෑස්ති වෙන්නෙ.. සුදුපාට උඩු කබාය සහිත යුනිෆෝම් එක ඇඳගත්ත දඟකාර හැඩකාර හුරුබුහුටි කෙල්ල එයාගෙ Name tag එක කබායෙ පැත්තකින් අමුනගත්තා. [ Training Doctor HAN YOOWON ]

ඔක්කොම හරි නේද... හරී... දුවමූ.... 😩

කන්නාඩියට කතා කරපු කෙල්ල කුඩෙත් ඉහලගන බෑග් එකත් හද හද ගෙයින් එලියට බැහැල දූවල යන්න හැදුවත් පාර මඩ වෙලා නිසා ඇඟිලි තුඩුවලින් පැන පැන විගහට විගහට යන්න පටන් ගත්තෙ එයා එක්කම තනියම කියෝ කියෝ..
වෙනදට හය වෙද්දි ඉර එලිය වැටිල රන්වන් පාටට හුරු වෙලා තියන වටපිටාව අද තද නිල් පාටට හුරු කලු පැහැයක් අරගන. සමහරවිට ඒ උදේ පාන්දර නිසාත් අනපේක්ෂිත වර්ශාව නිසාත් වියහැකී...

මේ දුවගන යන කෙල්ල නමින් හන් යූවොන්. ඇය පුහුනු වෛද්‍යවරියක් වන අතර ඉතාමත් කඩිසර නීතිගරුක කෙනෙක්. Hospital එකට විනාඩි දහයක දුරින් තිබුන මහල් නිවාස සංකීර්නයක උඩම appartement එකේ තමයි මෙයා ජීවත් උනේ.

වැස්සයි පරක්කුවයි නිසාම කෙල්ල Hospital එක පිටිපස්සෙ පාලු පාරෙන් ඇතුලට දුවගන එන්න ආවෙ ඉක්මනට එන්න ඕන නිසා.. මෝචරිය තියන පැත්ත නිසාත් මේ පැත්ත කොහොමත් ටිකක් මූසල පාටක් ගත්ත නිසා පරක්කු උන දාකට ඇරෙන්න යූවොන් මේ පාරෙන් ආවෙ නෑ..
මොකද එයා ටිකක් ගුප්ත දේ වලට කලුවරට.. හොල්මන් වලට හරි බයයි..
පරක්කුව නිසාම ඒ පැත්තෙන් දුවං ආව කෙල්ල පාරෙ වැසි ජලය එක්ක ලේ මිශ්‍ර වෙලා යනව දකින්නෙ කලබලේ එක්ක අහම්බෙන්...
එකපාරටම එයා පාරෙ නතර උනේ ටිකක් බය වෙලා...

Bᵒʳⁿ Tᵒ Dⁱᵉ || SG Where stories live. Discover now