Mʸ Oⁿˡʸ Lᵒᵛᵉ ❤️

408 100 67
                                    

යූන්ගි appartement එකට ආවෙ නැතුව අදට දවස් තුනක් ගෙවිල ගියා...
කෙල්ලගෙ call answer කරන්නෙත් නෑ.. වෙන ඉන්න තැනක් දන්නෙත් නෑ... අඩුම ගාර්ඩ් කෙනෙක්වත් නෑ... කෙල්ල නොසෑහෙන්න අව්ලෙන් උන්නෙ...

" මගෙ ඇස්වහ කටවහ වැදුනද මන්ද අප්ප " 😕

සුමී කිව්වෙ කැෆටේරියා එකට වෙලා හූල්ල හූල්ල උන්න කෙල්ල දැකල.. කෙල්ල දවස් තුනම හරිහමං විදිහට කෑමක් ගත්තෙත් නෑ... බලාගත්ත අත බලාගන ඉන්නවා...

" ඔන්නී... අනේ කාල ඉන්නකෝ "

" මට කන්න බෑ සුමී ඔයා කන්න... "

" යූන්ගි ඔප්ප හදිස්සියෙ ගමනක් යන්න ඇති..
එයා අනිවාරෙන්ම අද එයි....
ඔන්නි කන්නකෝ....
ඔයා මේ දවස් තුනට පස් පාරකට වඩා ෆේන්ට් උනා... "

" මට බයයි....
මම... මම කොහෙන් කියල එයාව හොයාගන්නද ?
කව්රුත් දන්නෑ එයා වෙන ඉන්න තැනක්... "

" මට දැන් බයයි එයා ඔයාව රවට්ටල ගියාද කියල...
ඔච්චරටම බිසී වෙනවද මනුස්සයෙක්...
සල්ලි තියන උන් ඔක්කොම එකයි බලන් ගියාම "

" සුමී ඔයාට මීටින් එකක් එන්න... "

" ඕ එනව... අනේ ඔන්නි මං ටක් ගාල එන්නම් කාල ඉන්න.... " 😕

සුමී එතනින් යන්න යනවත් එක්කම නතර කරගන හිටපු කඳුලු යූවොන්ගෙ ආයම අලුත් උනා... එයා ආයම මොබයිල් එක අතට ගත්තා..

📲 Yoongi 🖤  -> 379 dial calls

කෙල්ල ආයම යූන්ගිගෙ මොබයිල් එකට ඩයල් කලා... ඒත් ඒක Off.. කෙල්ල මොබයිල් එක මේසෙ උඩින් තියල ආයම මේසෙට ඔලුව ගහං ඉකි ගහන්න ගත්තා...

මට... ඔයා හරි ඉන්නව කියල මං හිත හදාගත්තා...
ඔයත් මාව දාල ගියාද යූන්ගි....
ඇයි හැමෝම මාව දාල යන්නෙ....
ඔයාව කොහෙන් කියල මම හොයාගන්නද...
ආහ්... අනේ මට තවත් බලන් ඉන්න බෑ....

කෙල්ලගෙ වේදනාබර හැඬීමනම් තද නින්දක උන්න යූන්ගිට ඇහුනෙ නෑ.....








~][~

එදාම හවස් වෙද්දි යූන්ගිට සිහිය එනවා.... කොල්ලට අමාරුවෙන් සිහිය එද්දි යන්තම් එයාට මතක් උනා රෑ වෙච්ච සිද්දිය.

Bᵒʳⁿ Tᵒ Dⁱᵉ || SG Where stories live. Discover now