Jᵉᵃˡᵒᵘˢ Kⁱˢˢ 💋

461 112 95
                                    

කෙල්ල අරං ආව බඩු ඔක්කොම විනාස උන නිසාත් කෙල්ලව තනියම දාල එලියට යන්න හිතක් නොතිබ්බ යූන්ගි එයාවත් එක්කගන එලියට යන්න කා එකට ආවා..
සෙනඟ ගොඩාක් අඩු Market එකක් බලල යූන්ගි කෙල්ලවත් එක්කගන ආවෙ එයා ආස ගොඩක් නිදහස් මිනිස්සු අඩු තැන් වලට නිසා...

" ඔයා බඩු ගන්නද ආවෙ ?? " 🙂

" නෑ ඔයා ගන්න... "

කෙල්ල හිනා වෙලා කූඩෙකුත් තල්ලු කරගන ඉස්සරහට යන්න ගත්තම යූන්ගිත් එයා පස්සෙන් ආව.. අත් දිග දනහිස ගාවට තිබ්බ කලුපාට Frock එකක් ඇදල කොන්ඩෙ කඩල උන්න කෙල්ල අද වෙනදට වඩා සුගාට ලස්සනට පෙනුන.. මොකද මනුස්සය ආසම පාට කලු නිසා...

කෙල්ල එළවලු ටිකක් තෝරල අරගන කෝල බෝතලේකුත් දාගන පලතුරු රාක්කෙ පැත්තට ආවා.. රෑ නිසා ලයිට් දාල Super market එක හරි ලස්සනයි..

" ඔයා මොනවද කන්න ආස ?? "

කෙල්ල යූන්ගිගෙන් අහද්දි එයා ටැන්ජරීන් වලට ඇඟිල්ල දික් කලා... කෙල්ල හිනා වෙලා දොඩම් ගෙඩි පැක් එකක්ම අරගන කූඩෙට දාගත්තා.. තව ස්ට්‍රෝබෙරි කිවි ටිකකුත් කෙල්ල අරගත්තා..

" ඔයා බත් කන්න ආස එළවලු එක්කද ?? මස් කනවද ?? "

" මස් "

හෙන ගැහුව වගේ තනි වචනෙන් උත්තර දෙන්න කොල්ලගෙ ඒ වචනෙට පවා හිනා වෙන කෙල්ල මස් තියන තැනට ආවා.. කොන්ඩෙ එහාට මෙහාට වෙන නිසා ටක් ගාල අම්ම කොන්ඩයක් ගහගත්ත කෙල්ල මස් තෝරන්න ගත්තා.. වටපිට ගැන කොල්ල අවදානය දෙද්දි කොල්ල දැක්ක ගාර්ඩ්ල වටපිටාවෙ ඉන්නව කියල. කොල්ල ඒ නිසා ලොකූ Tension එකක් ගත්තෙ නෑ...

එයා ආය කෙල්ල දිහා බලද්දි කෙල්ල අර දිග කොන්ඩෙ බැඳගන.. බෙල්ලෙ රතු පාටට ඇඟිලි පාරවල් හොඳට පේනවා.. එකපාරටම සුගා කෙල්ලගෙ කොන්ඩෙ ඇදල කඩල දාන ක්ශනිකවම කෙල්ල හැරිල සුගා දිහා බැලුව..

" ඇයි ?? "

" අ... අත වැදුනා... "

කෙල්ල හිනා වෙලා ආයම කොන්ඩෙ ගැටයක් ගහගන්න යද්දි සුගා කෙල්ලගෙ අතින් ඇදල පස්සට ගත්තා...

" ඇයි ?? " 🙄

" ත.. තමුසෙ ඉන්නවා.. මම කන මස් මමනෙ දන්නෙ " 🤨

Bᵒʳⁿ Tᵒ Dⁱᵉ || SG Where stories live. Discover now