Main House එකෙන් පිටත් උනත් හරි යූන්ගි නොයිවසිල්ලෙන් ආවෙ කෙල්ලගෙ මූන ටිකක් බලන්න. එයාට ටිකක් තුරුල් වෙලා ඉන්න. මොකද දැන් ටිකකට කලින් එයාගෙ අප්ප එයාට ඇඟෙව්වෙ යූවොන්ටත් මේ ටික කරන්න එයාට බැරි කමක් නැති බව..
කෙල්ලත් off එක අරගන appartement එකට ආවෙ අද යූන්ගිට එන්න වෙන්නෙ නෑ කියල ගාර්ඩ් කෙනෙක් කිව්ව නිසා..
ඒත් කෙල්ල appartement එක ගාවට ඇවිල්ල කා එක පාක් කරල උඩට යන්න යනකොටම දැක්ක යූන්ගි එනව වගේ..." යුන්ගියා.. ආම්... "
දුවං ආව කෙල්ලව එකපාරටම කෙල්ලව ඇදල අරං යූන්ගි තුරුල් කරගන කෙල්ලගෙ උරහිසේ මූන ගහගන ටිකක් නිදහසේ ඒ උනුහුමේ ඉන්න උනා...
" යූන්ගී... මොකක් හරි උනාද ?? "
" ම්... පාලු හිතුනා... "
කෙල්ල තුරුල් වෙලා ඉන්න අස්සෙම ලස්සනට හිනා උනා.. කෙල්ලත් යූන්ගිගෙ පිට රටාවකට අතගාල එයාව ටිකක් උනුහුම් අරල අතින් ඇදගන Elevator එක දිහාවට ආවා...
" අපි උඩට යමූ.. මං රස කෑමක් හදල කවන්නම් ඔයාට " 😊
කොල්ලත් යූවොන්ගෙ අතේ එල්ලිලා appartement එකට ආවා... අනේ ආවත් හරි යූන්ගි යූවොන්ව බැක්හග් කරගන ඉන්නව කෙල්ලට උයන්න දෙන්නෙම නෑ...
" යූන්ගි... විනාඩි පහලවක් දෙන්න මං එන්නම් "
" ම්හ්..."
හරි එයා යන්නෙම නෑනෙ කියල කෙල්ල ඔන්න ඔහෙ උන්නාවෙ කියල හිතල කෙල්ල යූන්ගි ඇලිල ඉද්දිම මස් ටිකක් කපල ලීක්ස් කැරට් ටිකක් කපල බත් ටිකක් හදන්න ගත්තා.. කෙල්ලට එහාට යන්නත් නෑ මෙහාට යන්නත් නෑ යූන්ගි පූසෙක් වගේ ඇඟේ එල්ලිලා...
" අයියෝ යූන්ගි... ටිකක් එහාට යන්නකෝ "
" ම්හ්.. "
" ඔයා මොනවද මට හංඟන්නෙ ආ....
යාහ්.. ම්හ්... මට හැරෙන්නත් බෑ....
කෝ.... මට මූන පෙන්නනව.. මං අල්ල ගන්නම් හොරේ... යාහ්... "යූන්ගි අත් බුරුල් කරද්දි ක්ශනිකවම කෙල්ල යූන්ගිගෙ මූන පැත්තට හැරිල මූනට එබුනා.. කොල්ලගෙ මූනෙන් පේනව අඬාගන්න බැරි වේදනාවක් හිරකරං එයා හොඳින් වගේ රඟපානව කියල...
" අනේ පැටියො ඇයි මේ ?? " 😕
කෙල්ල යූන්ගිගෙ මූන දෙපසින් උනුහුමට අත් දෙක තිබ්බම යූන්ගි ආයම ඒ අත්වල ඇතිල්ලෙන ගමන් ඇස් පියා ගත්තා...
YOU ARE READING
Bᵒʳⁿ Tᵒ Dⁱᵉ || SG
FanfictionDon't Copy My Work 🚫 Sinhala Fanfiction MIN YOONGI Main දුශ්ථ ඕතරී 😈 Ranking #01 Kissing #01 Myg #01 Minsuga #01