SNOW FROST -හිම තුහින පළමු දිග හැරුම

418 21 6
                                    


සීතල පරිසරයත් එක්ක හිතට පුදුම සනීපයක් දැනෙද්දී මන් සිගරට් එක්කුත් එක්ක බියර් එකක් බොන්න පටන් ගත්තේ හිතට දැනුනු ඒ සැනසීම තවත් වැඩි කරන්න හිතාගෙන.....

🐯-උබ ඔක තාම අතෑරියෙ නැද්ද?

පිටිපස්ස හැරිලා බලද්දී එතන හිටියෙ මගෙ අතිජාත මිත්‍ර සෝලා...නෑ නෑ උගෙ නම සොලා නෙමෙයි..... උගෙ නම රුවිනි....

🐺-හ්ම්ම්ම්

🐯මොකක්ද බන් මෙහ්? අපි නුවර එළියෙ ආවෙ ලංකාවෙ ඉන්න අන්තිම දවස් ටික නිදහසෙ ඉන්නනේ....උබ දැන්වත් ඔක අතෑරපන්...ඔක බිව්වයි කියලා විනාස වෙන්නෙ උබගෙ ජිවිතේ...මන් උබට කලිනුත් කිව්වනෙ ප්‍රතික්ෂේප වුනු එක මොටිවේෂන් එකක් කරගන්න කියලා...උබ ඔහොම ගිහින් කොහොමද කොලේජ් එකේ වැඩ ටික කරගන්නේ....

🐺-ම්ම්ම්

🐯-ඇයි ‍තෝ බක මූණෙක්ද බල්ලො....ඔය රෙද්ද තියලා වරෙන් අපි ටව්න් එකට යනවා ... ශොපින් යන්න....

🐺-උබලා පලයන් බන්....

‍🐯-තෝ එනවද නැත්තන් බලෙන් එක්කන් යන්නද?

🐺-හරි විනාඩි දහයක් දීපන් ලෑස්ති වෙලා එන්නම්...

උගෙ බල කිරීම හින්දම මන් උන් එක්ක යන්න එකග උනා...ටව්න් එකට ආවට පස්සෙ මුන් මාව ඇදගෙන කඩවල් ගානෙ යනවා.........

🐺-හපෝ මොකක්ද බන් මෙහ්...මන් කැමති නෑ ඔය සෙනග තලෙ යන්න....

🐯-මෙන්න මෙහෙ වර බන් උබෙ බොරු පොශ් එක....

.

සෙනග ඉන්න තැන් වලට යන්න මගෙ එච්චර කැමැත්තක් තිබ්බෙ නෑ....ඔහොම ටික දුරක් යද්දි සෙනග ටිකක් අඩු තැනකට එන්න අපිට පුලුවන් උනා....මන් ෆෝන් එකේ එබී ගෙන ගිය නිසා ඉස්සරහින් කව්ද එන්නෙ කියලා දැක්කෙ නෑ...කෝම හරි ඉස්සරහින් ආව මොකෙක් හරි මගෙ ඇගේ හැප්පුනා කෝම හරි හැප්පුන එකා ගිහින් බිම...හත්තිකේ ලැජ්ජාවේ බෑ ....මගෙනෙ වැ‍රැද්ද..

🐺-oh sorry..my bad...

.

මන් නැවතිලා අත දුන්නෙ ඒ බිම වැටිලා හිටිය කෙනා ඔලුව උස්සද්දී.....

ඒ ඇස් දෙක....ඔව් ඒ එයා....sachini මගෙ අවුරුදු ගාණක ආදරේ....මාව අද මේ තැනට පත් කරේ ඔව් ඒ එයා....

හිම තුහින- SNOW FROST ❄️Where stories live. Discover now