ටික වෙලාවක් ඔහොම්ම ඉදලා මන් එළියට ආවා ..... කෙල්ලගෙ කාමරෙන් හිනා සද්ද වගයක් ඇහෙනවා ... මාත් පොඩ්ඩක් ඔලුව දාලා බලන්න ගියා එතන මොකද වෙන්නෙ කියලා.. මන් යද්දී එතන.........
..................................................................................................................................................
මන් එතනට යද්දී කට්ටියම පොඩි එකාගෙ රූම් එකේ... නෙතුයි රුවියි දෙන්න කෙල්ලට අන්පැක් කරන්න උදව් කරනවා...
සචී බියුයි දෙන්නා කෙල්ල එක්ක කතාවක.....
රුවී - ආ මේ ආවෙ මෙච්චර වෙලා කොහෙද හිටියේ..........
නදී- වොශෲම් එකට ගියා පොඩ්ඩක් මන් එහෙම කිව්වෙ කෙල්ල දිහා රවලා බලාගෙන...........
නෙත් - ආ ආ පැටියෝ...කෝමද
නදී - අනේ මේ හු....කතා කරන්නෙ නැතුව ඉදපන්.........
බියු- කෑවද බන්....
නදී - මන් කියන්නෙ නෑ තොට.......
කට්ටියටම ඒකටනම් පොඩි හිනාවක් ගියා හිනා වෙන ගමන් මන් බැලුවෙ කෙල්ල දිහා...... ම්ම්ම් හිනා වෙද්දි නම් සුරංගනාවියක් වගේ......
හිනා වෙන ගමන් කෙල්ල මන් දිහා බැලුවා මගෙත් ඉතින් ලොකු සීන් නේ මන් හිනාව නවත්තලා කෙල්ලට හැටට හැටේ එරෙව්වා...... පව් අෆ්ෆා මූණ දෙක වුනා කෙල්ලගෙ... මන් මොනා කරන්නද ඉතිම් මන් ඉන්නෙ ඒම තමා😑 අපි ගණන් ගයි ඔය හිච්චි එවුන්ව....😗
aera - සචී අක්කෙහ් ඔය bf and gf දෙන්න ද?
ආ........යසයී........ ඉදලා ඉදලා ඔය ඇහුවෙ ප්‍රස්නක්....... ඔන්න ඕකනෙ ප්‍රස්නේ.........
සචී- කෝමද දැනගත්තේ
aera - ඔය දෙන්න, දෙන්නා දිහා බලන විදිහෙන්
බියු- බලන විදිහෙන් කිව්වෙ
ඒකට කෙල්ල මුකුත් නොකියා දත් තිස්දෙකම එලියට දාලා හිනා වුනා..... හිනා වෙන ලස්සන දෙන්න හිතෙනව දත් ටික බඩට යන්න....
සචී - අනේ අනේ පොඩියට හිටියට පොඩිම නෑ නේද?
aera - හී.........................
ඔව් ඔව් මටත් දැන් තේරිලා තියෙන්නෙ මූ නම් පොඩි නෑ කියලා
ඔහොම කෝම හරි කතා කර කර ඉද්දී වුනා කෙල්ලගෙ අම්මත් ඇවිල්ලා කෙල්ලව අපිට බාරදීලා ගියා........ අපි dinner වලින් පස්සෙ එලියගෙ ගාඩ්න් එකට ගියෙ පොඩ්ඩක් නිදහසෙ ඉන්න...
YOU ARE READING
හිම තුහින- SNOW FROST ❄️
RomanceSNOW FROST හිම තුහින This is a lesbian story කියවන්න කැමති අය කියවන්න ..අකමැති අය කියවලා අන්වශ්ය කමෙන්ට්ස් දන්න එපා විරාගය හමුවේ තැවුනු හදවත් දෙකක්....