"හියොන්...""එන්න ජන්කුක්..."
අවසරය ලැබෙනවත් එක්ක ම රූම් එක ඉස්සරහ හිටපු ජන්කුක් දොරත් ඇරන් ඇතුලට ගියා..."කොෆී එක..."
"ආ කෝ දෙන්න..."
ඩ්රෙසින් ටේබල් එක ඉස්සරහ ලැස්ති වෙමින් හිටපු කෙනා ජන්කුක් දීපු කොෆී එකෙන් උගුරක් බීලා මග් එක ඩ්රෙසින් ටේබල් එක උඩින් තිබ්බා..."කෝ බබා..."
"එයාට බෙහෙත් වලටම ආයෙ නින්ද ගියා හියොන්...රෑ දෙකේ විතර ඉඳන් ඇහැරලනේ...දැන් නං උණ බැහැලා ගිහින්..."
"හ්ම්ම්...කොල්ලට ලෙඩක් හැදුනම අඩු වෙන්නෙ නෑනෙ ලේසියෙන්...ඒකයි ඔය අඬන්නේ එක දිගට....ම්ම්ම් මම එහෙනම් යනවා ජන්කුක් පරක්කු උනා...උවමනාවක් උනොත් කෝල් කරන්නකෝ...මම කොහොමත් දවල්ට ඇවිත් ආයෙ බලලා යන්නං..."
"හෝසොක් හියොන් බ්රෙක්ෆස්ට් අරන් යන්නකෝ..ඔයා ඊයෙත් කාලා නෙවෙයි ගියේ...ඔහොම නොකා ඉඳලා ලෙඩ උනාම ඔයාගෙ ලෙඩ්ඩුන්ට තමයි ඔයාට බෙහෙත් දෙන්න වෙන්නේ..."
ජන්කුක් නෝක්කාඩුවට කියවද්දී හෝසොක්ට හිනා ගියා.."හිනා නෙවෙයි ඇත්ත කිව්වේ...මට විනාඩි දෙකක් දෙන්නකෝ මං ඉක්මනට කෑම ටික පැක් කරලා දෙන්නං.."
"ඕනි නෑ ජන්කුක් මම ගිහින් -----ආයිශ්.."
හෝසොක් බීලා ඉවර කරපු මග් එකත් අරන් ජන්කුක් දුවද්දී හෝසොක් කෑ ගැහුවත් ඒ වෙද්දී ජන්කුක් ගිහිල්ලත් ඉවරයි..."ඔක්කොම කන්න ඕනි හරිද..."
කෑම පැක් එක හෝසොක්ගේ අතට දෙන ගමන් ජන්කුක් හුරතලේට කියවද්දී හෝසොක් ජන්කුක්ගේ කොණ්ඩේ අවුල් කලා.."අපෝ හරි හරි...දැන් පුතාට වඩා පපා හුරතල් වෙනවද මන්දා..."
"හියොන්..."
"ම්ම්ම්..."
"මේ...මට ජොබ් එකක් හොයලා දෙන්න පුලුවන් ද...මං කිව්වේ මාත් හොයනවා..ඔයත් චුට්ටක් බලන්නකෝ..."
කෑම එකයි බෑග් එකයි පැසෙන්ජර් ශීට් එකෙන් තියලා කා එකට නඟින්න හදන හෝසොක්ගෙන් ජන්කුක් ඇහුවා...කා එකට නඟින්න හදලත් ආයෙ දොර වහලා දාපු හෝසොක් බර හුස්මක් පාතට දැම්මා..."ඇයි ජන්කූ කියන දේ අහන්න බැරි...ඔයා ඔය දේ මට කියන මේ තුන් වෙනි වතාව...ඉතින් මට දෙන්න තියෙන්නේ කලින් දීපු උත්තරේම තමයි..."
YOU ARE READING
Plz Forgive Me||TK||Ongoing
Fanfictionසියුමැලි ව නොතැලෙන්න මල් රේණු පෙති මතට තැවරූ උණුසුම් මෘදු හාදු... හිමිදිරියෙ පිණි පොකුරු පෙති රෝසපත් තෙමුව නොලියූ කවියක ඇරඹමලු... රාගයේ ගිලෙනා අඳුරේ ප්රේමයක් නම් නෑ දැණුනේ වේගයෙන් නිමවූ හැඟුමේ නෑ යළි විඳගමු අපි සොඳුරේ.....❤️ TK Fanfiction...💚💜 To...