Five years ago....."බූසාන් සිට සෝල් කරා ධාවනය කෙරුණු දුම්රිය තව සුළු මොහොතකින් ගමනාන්තය කරා ළඟා වනු ඇත..."
දුම්රිය පාලක මැදිරියෙන් නිකුත් කරපු නිවේදනයට ලාවට නින්ද යාගෙන ආව ජන්ග්කුක් ගැස්සිලා ඇහැරුණා..
විනාඩි ගානකට පස්සේ ජන්ග්කුක් හිටියේ අතේ තිබ්බ බෑග් එකත් පපුවට තුරුල් කරගෙන ඉස්සරහින් තියෙන අහස උසට පේන ගොඩනැගිලි දිහා බලාගෙන..කොහොම හරි අන්තිමේ එයා සෝල්වලට ආවා..ඒත් නුහුරු නුපුරුදු පරිසරය නිසාම වෙන්නැති ඒ පපුව අමුතු තාලෙකට ගැහෙන්න අරන් තිබුණා..
අඳුරන කාත් කවුරුත් නැතුව නොදන්න නගරෙක තනි වෙනවා කියන්නෙම බය හිතෙන හැඟීමක්..ඒකත් වයස අවුරුදු දහනවයක අහිංසක පුංචි හුරතල් කොල්ලෙක්ට..ජන්ග්කුක් කියන්නේ දන්න තේරෙන කාලේ ඉඳලම බූසාන් වල ළමා නිවාසෙක හැදුණු කෙනෙක්..තමන්ගෙ ඔම්මා අප්පා කවුද එයා කොහොමද ළමා නිවාසෙකට ආවේ ඒ කිසි දෙයක් ගැන ජන්ග්කුක් දන්නෙ නෑ..එයා ඒ ගැන හොයන්න ගියෙත් නෑ..කාලයක් තිබුණා ජන්ග්කුක් බලන් හිටපු..සමහර වෙලාවට ලොකු ලොකු පෝසත් පවුල්වලින් ඇවිත් එයත් එක්කම එකම ළමා නිවාසෙ ඉඳපු ළමයින්ව හදා ගන්න අරන් යනවා වගේ එයාවත් කවුරු හරි අරන් යාවි කියලා..ඒත් බලන් ඉඳලම පුංචි ජන්ග්කුක්ට ඇති වුණා..අන්තිමට හැමදේම අතෑරලා දාලා ඉගෙනීමට විතරක් හිත යොමු කරන්න පුංචි ජන්ග්කුක් හිතා ගත්තා..එයාට ඕනි උනා ලොකු මනුස්සයෙක් වෙන්න..කාගෙවත් අනුකම්පාවක් බලාපොරොත්තු නොවී තනියෙම ගොඩ නැඟෙන්න..ඉතින් ජන්ග්කුක් කාලය වැය කරේ තමන්ගේ ඉගෙනීමට විතරමයි..අඩුම ජන්ග්කුක්ට යාලුවෙක්වත් හිටියේ නෑ..එයා යාලුවෝ ඇති කරගන්න උත්සහ කළෙත් නෑ..ජන්ග්කුක් කැමති තනියම ඉන්න..
Jungkook
YOU ARE READING
Plz Forgive Me||TK||Ongoing
Fanfictionසියුමැලි ව නොතැලෙන්න මල් රේණු පෙති මතට තැවරූ උණුසුම් මෘදු හාදු... හිමිදිරියෙ පිණි පොකුරු පෙති රෝසපත් තෙමුව නොලියූ කවියක ඇරඹමලු... රාගයේ ගිලෙනා අඳුරේ ප්රේමයක් නම් නෑ දැණුනේ වේගයෙන් නිමවූ හැඟුමේ නෑ යළි විඳගමු අපි සොඳුරේ.....❤️ TK Fanfiction...💚💜 To...