කම්පැනි එකේ හදිසි වැඩක් නිසා ටේහ්‍යුන්ට අද සෝල් වලින් පිට යන්න සිද්ධ වෙලා තිබුනා...ඉතින් ටේහ්‍යුන් ගෙදර එද්දි රෑ එකොලහත් පහුවෙලා...යුංගිලත් එක්කම එලියෙන් ඩිනර් අරන් ආව ටේහ්‍යුන්ට ඕනි උනේ ඉක්මනින්ම නිදා ගන්න...මොකද අද උදේ ඉදන් ම වැඩත් එක්ක බිසී වෙලා ටේහ්‍යුන් ඇත්තටම හිටියේ මහන්සියෙන්...ඒත් හැමදේටම කලින් එයාට කරන්න විශේශ වැඩක් තිබ්බා...
ශර්ට් එක අන්බට්න් කරන ගමන් ටේහ්‍යුන් බලන් හිටියේ ජැක්සන්ගෙන් කෝල් එකක් එනකං...එයා ජැක්සන්ට වැඩක් බාර දුන්නනේ ජන්කුක් ගැන හොයන්න...අද ටේහ්‍යුන්ට කම්පැනි එකට යන්න බැරි උනත් ටේහ්‍යුන් දැනටමත් දන්නවා අද ජන්කුක් කම්පැනි එකට ආවා කියලා...ඉතින් අනිවාර්යයෙන් අද ජැක්සන් ජන්කුක් ව ෆලෝ කරන්න ඇති...ඒ ගැන විස්තර දැන ගන්න තමා ඔය බලන් ඉන්නේ...
ඒත් බලාපොරොත්තු උන කෝල් එක නැති වෙද්දී අන්බට්න් කරපු ශර්ට් එක ගලවලා ඇඳ උඩට විසික් කරන ගමන් ෆෝන් එක අතට ගත්තු ටේහ්‍යුන් හැදුවේ ජැක්සන්ට කෝල් කරන්න..මොකද ඊයේ ජන්කුක්ට කෝල් කරපු මොහොතේ ඉඳන්ම ටේහ්‍යුන්ගේ ඔලුවේ වැඩ කලේ ජන්කුක්වම වෙද්දී එයා ගැන විස්තර දැන ගන්න ටේහ්‍යුන් හිටියේ පුදුම තරම් නොයිවසිල්ලෙන්...කෝල් එකක් ගන්න හැදුවත් ජැක්සන්ගෙන්ම ආපිට කෝල් එකක් එද්දි වැඩි වෙලා නොයාම ටේහ්‍යුන් කෝල් එක ආන්සර් කලා...
"හෙලෝ බොස්..."
"ජැක්සන් කොහොමද වැඩේ..?"
"වැඩේ ගානට කලා...මං කලින් කෝල් කලා...බොස්ගේ ෆෝන් එක වැඩ කලේ නෑ..."
"මං අද සෝල් වලින් පිට හිටියේ...වැල්වටාරං නැතුව මට විස්තරේ කියහං.."
"මං කම්පැනි එක ගාව ඉඳන්ම කොල්ලව ෆලෝ කරලා ගෙදර හොයා ගත්තා...ඒක කම්පැනි එකේ ඉදන් කිලෝමීටර් හය හතක දුරින් තියෙන ප්‍රයිවට් ලේන් එකක ගෙයක්... මීට අවුරුදු තුනකට විතර කලින් ඒ ගෙදර පදිංචියට ඇවිත් තියෙන්නේ...මට ලැබුණු තොරතුරු වලට අනුව කොල්ලා ඇරෙන්න තව දෙන්නෙක් ඒ ගෙදර ඉන්නවා..එක්කෙනෙක් ගෑනු කෙනෙක්..මං හිතන්නේ ඒ ගෙදර වැඩට ඉන්න කෙනා..අනෙක් කෙනා මං හිතන විදිහට කොල්ලගේ සහෝදරයෙක්..නැත්තං --"
STAI LEGGENDO
Plz Forgive Me||TK||Ongoing
Fanfictionසියුමැලි ව නොතැලෙන්න මල් රේණු පෙති මතට තැවරූ උණුසුම් මෘදු හාදු... හිමිදිරියෙ පිණි පොකුරු පෙති රෝසපත් තෙමුව නොලියූ කවියක ඇරඹමලු... රාගයේ ගිලෙනා අඳුරේ ප්‍රේමයක් නම් නෑ දැණුනේ වේගයෙන් නිමවූ හැඟුමේ නෑ යළි විඳගමු අපි සොඳුරේ.....❤️ TK Fanfiction...💚💜 To...