Chapter 17

36 9 6
                                    

_______________________________

Jungkook Pov

වෙලාව හවස හතරට විතර ඇති..ෆුට් බෝල් ප්‍රැක්ටිස් ගියපු eunwoo එනකං මට පොඩ්ඩක් ඉන්න කිව්ව නිසා මම හිටියේ යුනිවසිටි ගේට් එක පේන මානේ යුනිවසිටි කා පාක් එක ළඟ..
යුනිවසිටි පටන් අරන් මේ වෙද්දී සති දෙකක් විතර ගත වෙලා ගිහින් තිබුණා වෙද්දී ස්පෝට් එකක් හෝ වෙන බාහිර දෙයක් කරන එක අනිවාර්‍ය වෙලා තිබුණා..ඉතින් ස්පෝට්ස් පැත්තට වැඩි කැමැත්තක් නැති මම ඩාන්සින් තෝර ගද්දී eunwoo ෆුට්බෝල් තෝර ගත්තා..කොහොමත් මං පොඩි කාලේ ඉදන්ම ඩාන්සින් වලට ආසයි..ඒකයී ඩාන්සින් තෝරගන්න තීරණය කළෙත්..

"හේයි ජන්ග්කුක්.."
කල්පනාවක හිටපු මම ළඟින්ම ඇහුණු කටහඬට ගැස්සිලා ගියා..

"ඔහ්..ජිමින් හ්‍යොන්ග්.."
ඒ හිටියේ ජිමින් හ්‍යොන්ග්..එදා රෑ මට කරදරයක් වෙන්න ගිහින් බේරගත්තේ..ඒ සිද්ධියෙන් දවස් දෙකකට විතර පස්සේ හ්‍යොන්ග් ව යුනිවසිටි එකේ හම්බුණාම තමා මාත් දැනගත්තේ එයාලත් අපේ යුනිවසිටි එකේ අපේ ෆැකල්ටි එකේ ෆයිනල් ඉයර් එකේමයි කියලා..ඒක දැනගත්තම මට සතුටු හිතුණා..අනේ මන්දා..
කොහොමහරි එයත් එක්ක අර සුදු හ්‍යොන්ග්නුත් හිටියා..ඇත්තටම මම ජිමින් හ්‍යොන්ග් ව දකින ගොඩක් වෙලාවට ඒ සුදු හ්‍යොන්ග්නුත් එයත් එක්ක ඉන්නවා..මං හිතන විදිහට එයාලා ලවර්ස්ලා..

"මොකෝ මෙතන..?"

"Eunwoo එනකං ඉන්නේ හ්‍යොන්ග්.."

"ඔහ්..යාලුවා එක්කද යන්නේ.. නැත්තං අපිත් එක්ක යන්න පුලුවන්.."

"අනේ කමක් නෑ හ්‍යොන්ග්..මං Eunwoo එක්ක එන්නං.."

"ඕකේ..එහෙනං අපි යනවා.."

"හරි හ්‍යොන්ග්.."
මගේ කොණ්ඩෙ අවුස්සලා හිනා වෙච්ව හ්‍යොන්ග් සුදු හ්‍යොන්ග් එක්ක කා එක පැත්තට ගියා..

ඒ එක්කම වගේ මං දැක්කා ඈතින් එන අර අනිත් උස හ්‍යොන්ග්..එදා ජිමින් හ්‍යොන්ග් එක්ක හිටියේ..ජිමින් හ්‍යොන්ග් එයාට කතා කළේ නං ටේ කියලා..මං දැක්කා දුර තියාම හ්‍යොන්ග් මාව දැක්කා කියලා..මං හිනාවීගෙන බලන් හිටියේ හ්‍යොන්ග් අදවත් මාත් එක්ක හිනා වෙයිද කියලා..ඒත් ම්හු නෑ..වෙනදා වගේම දැක්කත් නොදැක්කා ගානට අහක බලාගෙන යන්න ගියා..
අනේ මන්දා ඉතින්...
සමහරවිට මාව තාම අඳුර ගන්න බැරි වෙන්න ඇති...!

Plz Forgive Me||TK||OngoingWhere stories live. Discover now