Chapter 09

36 10 6
                                    

කඩින් කඩ ඇහෙන ECG මැශින් එකේ සද්දේ ඇරුනු කොට මුලු රෝහල් කාමරයම පිරිලා තිබුනේ ඇහෙන නෑහෙන ගානට ඉකි බිඳින ජන්කුක්ගේ හඬ විතරයි..ගුකීට ලේ දෙන්න ටේහ්‍යුන් ඉදිරිපත් උනා වගේම දෙන්නගෙම බ්ලඩ් ගෲප් මැච් උන නිසා ගුකීට ලේ දුන්නායින් පස්සේ එයාව EU එකේ ඉඳන් නෝමල් රූම් එකකට මාරු කලා..මේ වෙද්දී ගුකීගෙ තත්ත්වය නෝමල් වෙලා තිබ්බත් තාමත් කොල්ලට සිහිය ඇවිත් තිබ්බේ නෑ..ඉතින් ගුකීගේ ඇඳ ගාවම පුටුවක් තියා ගත්ත ජන්කුක් ගුකීගෙ පුංචි අතක් ඒ අත්වලට මැදි කරන් පිටි අල්ලට පුංචි පුංචි හාදු තියන ගමන් ගුකී නැඟිටිනකං බලන් ඉන්නවා..ජන්කුක්ගේ ඇස්වල තාමත් කදුලු..ජන්කුක් හිටියේ නොසෑහෙන්න කලබල වෙලා වගේම බය වෙලා..ගුකීට පුංචි ලෙඩක් හැදුණත් ඕනාවටත් වඩා කලබල වෙන ජන්කුක්ට මේ මොහොතේ කොහොම දැනෙනවා ඇත්ද කියලා හිතා ගන්න පුලුවන් ද..?

ටේහ්‍යුන් දැන් ටික වෙලාවක ඉඳන් ගුකීගේ රූම් එක ඉස්සරහ..එයාට ඇතුලට යන්න ඕනි..ඒත් මොකක්හරි කියාගන්න නොතේරෙන අමුතු හැඟීමක් එයාව වහගෙන තිබුනා..ටේහ්‍යුන් ගුකීව දැක්කා..ලේ ගන්න එයාව ඇතුලට අරන් ගියපු වෙලාවෙ එයා ගුකීව දැක්කා..ඒ වෙලාවෙ ඉඳන් ටේහ්‍යුන්ගේ හදවත අමුතු තාලෙකට ගැහෙන්න ගත්තේ ඇයි කියන්න ටේහ්‍යුන් දන්නේ නෑ..කොහොම හරි ටේහ්‍යුන්ට තව එක පාරක් ගුකීගේ මූණ බලන්න උවමනාවක් ඇවිත් තිබ්බා..

"ටේහ්‍යුන් ඇයි මෙතන..?ඇතුලට යන්නෙ නැද්ද..?"
ගුකීව බලන්න ආව හෝසොක් දොර ගාවට වෙලා ඉන්න ටේහ්‍යුන්ගෙ ඇහුවේ ටේහ්‍යුන් ව කල්පනා ලෝකෙන් එලියට ගන්න ගමන්...
මේ වෙද්දී තමන් ජන්කුක් එක්ක වැඩ කරන කෙනෙක් කියලා ටේහ්‍යුන් හෝසොක්ට තමන්ව හඳුන්වලා දීලා තිබුනා..

"ඇත්තමයි ඒ වෙලාවේ ලොකු උදව්වක් කලේ..කොච්චර පේශන්ට්ලට ට්‍රීට්මන්ට් කරලා තිබුණත් ඒ වෙලේ මමත් හිටියේ ඇත්තටම ස්ට්‍රෙස් වෙලා..සෝ තැන්ක්‍යු සෝ මච් ටේහ්‍යුන්.."

"ඉට්ස් ඕකේ..ඒක සුලු දෙයක්.."
ටේහ්‍යුන් හිනා වෙලා කියද්දී හෝසොක් ඔලුව වනලා ඇතුලට ගියේ ටේහ්‍යුන්ට එන්න කියලා සන් කරන ගමන්..

"හ්‍යොන්ග්..ගුකී තාම නැඟිට්ටේ නෑනේ..අනේ එයාව චෙක් කරන්න..මට බයයි.."
හෝසොක් ඇතුලට එන පරක්කුවට හෝසොක් ගාවට ආව ජන්කුක් හෝසොක්ගේ අතෙන් ඇද ඇද කිව්වා...

Plz Forgive Me||TK||OngoingWhere stories live. Discover now