මුළු ඇඟම තලලා දාලා වගේ දැනෙද්දී ජන්ග්කුක් ඇස් ඇර ගත්තෙත් අමාරුවෙන්..මුලින්ම ජන්ග්කුක්ගේ ඇස්වලට අහු උනේ සුපුරුදු දර්ශන නොවෙද්දී ඉන්නෙ කොහෙද කියලා ඔලුවට එන්නත් ටික වෙලාවක් ගියා..තමන්ගේ ඉන වටේ එතිලා තියෙන අත් දිගේ ඇස් අරන් ආපු ජන්ග්කුක්ට දකින්න හම්බුනේ තාමත් එයාට තුරුල් වෙලා නිදාගෙන ඉන්න ටේහ්යුන් ව.. ඒත් එක්කම ඊයේ සිද්ධ උන දේවල් චිත්රපටයක් වගේ ඇස් ඉස්සරහ මැවිලා පෙනුණා.. ජන්ග්කුක් කී දවසක් නම් මෙහෙම ටේහ්යුන්ගේ තුරුලේ ඉඳන් ම උදේ ඇහැරිලා ඇත්ද..ඒ මතක හරි ලස්සනයි..ජන්ග්කුක් ආදරෙයි ඒ හැම දේටම...ඒත් ඊයේ සිද්ධ උන දේ ගැන නම් ජන්ග්කුක්ගේ හිතේ සතුටක් ඇති උනා කියලා හිතන්න අමාරුයි..
ජන්ග්කුක්ට තමන් ගැන ම පිළිකුල් සහගත හැඟීමක් දැනුණේ..ටේහ්යුන් ඇහැරෙන්න කලින් එතනින් පිට වෙන්නයි ජන්ග්කුක්ට ඕන කළේ..ඉන වටේ එතිලා තියෙන ටේහ්යුන්ගේ අත හිමින් සැරේ අයින් කර ගත්ත ජන්ග්කුක් එක පාරටම කෙලින් වෙද්දී යටි බඩෙන් වගේම කොන්ද හරහා දැනුණු අධික වේදනාවට කෙඳිරි ගෑවුණු ජන්ග්කුක්ගේ ඇස්වල කඳුළුත් පිරුණා..යටි තොල හපාගෙන ම වේදනාව දරා ගත්ත ජන්ග්කුක් හෙමින් සැරේ ඇදෙන් බැහැලා ගිහින් හැමතැනම විසිරිලා තිබුණු එයාගේ ඇඳුම් ටික හොයාගෙන ඇඳ ගත්තා..
ඇඳ උඩ තාමත් නින්දක ඉන්න ටේහ්යුන් දිහා එක පාරක් හැරිලා බලපු ජන්ග්කුක් නොන්ඩි ගගහම රූම් එකෙන් එළියට ආවේ ජින්වත් නම්ජූන්වත් මූණට හම්බවෙන්න එපා කියලා ප්රාර්ථනා කරන ගමන්..ජන්ග්කුක්ගේ වාසනාවට මේ වෙද්දී නැඟිටලා හිටියේ මැන්ශන් එකේ මේඩ්ස්ලා විතරක් වෙද්දි කාටත් නොපෙනි ගෙදරින් එළියට එන්න ජන්ග්කුක්ට පුලුවන් උනා...•
•
•
•
•
•
•
•
•"හන් ඔම්මා..."
හෝසොක් කතා කරගෙන ම ගේ ඇතුළට ආවේ කලබලෙන්..ඔලුව ගිනි අරන් වගෙයි හෝසොක්ට දැනුණේ..එන ගමනුත් ජන්ග්කුක්ට,ජින්ට වගේම නම්ජූන්ට පවා හෝසොක් කෝල්ස් ගත්තා..ඒත් ඒ එක්කෙනෙක්වත් නෙවෙයි ෆෝන් ආන්සර් කළේ.."කෝ ජන්ග්කුක්.."
හෝසොක්ගේ සද්දෙට ගුකීගේ රූම් එකේ ඉඳන් එළියට ආව හන් ඔම්මාගෙන් හෝසොක් අහපු පළවෙනි ප්රශ්නේ උනේ ඒක..හෝසොක් මඟ එනකොට ජන්ග්කුක් ගෙදර ආවයි කියන්න හන් ඔම්මගෙන් කෝල් එකක් ආවා..
YOU ARE READING
Plz Forgive Me||TK||Ongoing
Fanfictionසියුමැලි ව නොතැලෙන්න මල් රේණු පෙති මතට තැවරූ උණුසුම් මෘදු හාදු... හිමිදිරියෙ පිණි පොකුරු පෙති රෝසපත් තෙමුව නොලියූ කවියක ඇරඹමලු... රාගයේ ගිලෙනා අඳුරේ ප්රේමයක් නම් නෑ දැණුනේ වේගයෙන් නිමවූ හැඟුමේ නෑ යළි විඳගමු අපි සොඳුරේ.....❤️ TK Fanfiction...💚💜 To...