" ඇයි තව ඔයා දන්නවද එයා හයි ස්කූල් ගිහින් ඉවර වෙලා ගෙදර එන්නත් කලින් කරෙ මුලු අතක් පිරෙන්න ම ටැටූස් ගහපු එක කියලා.."
" ඇත්තටම එයා කියුට් පාටයි.පොඩි එකෙක් වගේ"
ජිමින් වැඩිය හිතන්නෙ නැතුව එයාගෙ හිතට ආව දේ කියලා දැම්මෙ ටේට මල් මල් හිනාවක් යද්දී.
" එක්කෙනෙකුට මල් දුන්නෙන් හොද පාරක් වැදිලා වගේ..හරි හරි."
ටේ ජිමින්ගෙ පිටට ගහන ගමන් කියද්දි ජිමින් පුලුවන් තරම් හිනාව නවත්තගෙන් කෝල්ඩ් ලුක් එකක් මවා ගන්න හිතුවත් එයාට නිකංම හිනා ගියා.ජිමින්ගෙ හිනාව දැකපු ටේටත් නිකම්ම හිනා ගියා.
එයා දන්නව ජිමින්ව ලේසියෙන් හිනස්සන්න බෑ කියලා.හරියට ම කිව්වොත් දැන් ඉන්න ජිමින් ව කීයටවත් මෝඩ විහිලු වලට හිනස්සන්න බෑ.ජිමින් ගොඩ කාලෙකට පස්සෙ ඇත්තටම හිනාඋන එයා ඇස් හීනි වෙලා කම්මුල් වල ගිලිල යන තරමට ම.
එක සැරේටම ජිමින්ගෙ හිනාව නැවතුනේ ටේ එයා දිහා හිනා වීගෙන බලාගෙන හිටපු නිසා.
" ඇයි ...උඹ මං දිහා කන්න වගේ බලාගෙන ඉන්නෙ."
'' ඔයා ඒක කරා...ගොඩක් කාලෙකට පස්සෙ ඒකත් ජන්කුක් නිසා..."
ටේ ලොකු පුදුමයක් දැක්ක වගේ ජිමින්ට කිව්වෙ එයාගෙ ඔලුවත් පොඩ්ඩක් අවුල් කරල දාල.ඇත්තටම එයාට හිතාගන්නවත් බැරි උනා එයා මේ දැන් අද දැකපු පිස්සු පොඩි එකෙක් නිසා ඔච්චරටම හිනා උනා කියලා.මං කියන්නෙ ටේත් පුදුම වෙන තරම්.
" මං..මං ඔච්චරටම මොකද්ද කරේ."
" ඔයා හිනාඋනා.හරියට චූටි කාලේ වගේ" ටේ එයාගෙ උනුසුම් හිනාවෙන් ජිමින් දිහා බලන ගමන් කිව්ව.
" හරි...හරි...අපි ඔය කතාව නවත්තමුද..ඔයා දන්නවනෙ මං කැමති නැහැ කියලා."
" මොකට ද කැමති නැත්තෙ."
" ඔයා දන්නවනෙ ටේ මං ඔය ටොපික් එකට ඉන්ටරෙස්ට් නෑ කියලා."
" මොකද්ද ටොපික් එක ? "
ටේ ප්‍රශ්නාර්ථ බැල්මකින් ජිමින්ගෙ මූන දිහා බලන ගමන් ඇහුවෙ.ජිමින්ට නිකම්ම සමච්චල් හිනාවක් යද්දී.
" මං ආස නෑ පොඩි කාලේ ගැන කතාකරන්න."
ජිමින් එකෙන් ම ටේ දිහා බලාගෙන කියලා දැම්මෙ හැගීම් විරහිත බැල්මකින්.
" මොනවා උනත් තමුසෙ හිනා වෙද්දී ගොඩක් ලස්සනයි."
" ඇත්තට "
ජිමින් සෙල්ලන්කාර විදියට හිනා වෙන ගමන් ටේ දිහා බැලුවෙ ටේ ඇස් රෝල් කරලා එයා එහෙම කිව්වෙ අපරාදෙ කියලා හිතද්දි.
" එහෙනං මම මේ විදියට ම හිනා වෙලා ජන්කුක්ව සති දෙකක් සෙට් කරගෙන පෙන්නන්න ද "
ජිමින් කට කොනෙන් හිනා වෙන ගමන් කිව්වෙ ටේහියුන්ග් ජීවිතේටවත් නොහිතපු දෙයක්.
" ඒකනං එච්චර හොද වැඩක් නෙවෙයි."
ජිමින් කරන ඕනි වැඩක් පොඩ්ඩක් ජජ් කරන ටේහියුන්ග් ඒකටත් පොඩ්ඩක් විරුද්ධ උනා.
" ඔහ් කමෝන් ටේ....චූටි දෙයක් නේ.අනිත් එක ඔයා අකමැති උනා කියලා මං නවතියි කියලා හිතන්න එපා."
ජිමින් එයාගෙ කොනඩෙ අත් වලින් පිටිපස්සට කරන ගමන් කම්මැලිකමෙන් මිමිනුවා.
" ආහ් එනිවේ.මං නං ඕකට පොඩ්ඩක් වත් කැමති නැහැ.ඒත් ඔට්ටු නම් ඔට්ටු."
ටේ එහෙම කියද්දි ජිමින්ගෙ මූනෙ ඇදුනෙ මල් මල් හිනාවක්.එයා දැනගෙන හිටිය ටේහියුන්ග් කොහොමත් අන්තිමට කැමති වෙනවා කියලා.
" ඔට්ටු ද "
" ඔට්ටුයි."
" හරි ටේ එහෙනං ඔයා පැරදුනොත් ඔය යුන්ගිට කන්ෆෙස් කරන්න ඕනි.මං පැරදුනොත් මං ඔයා කියන දෙයක් කරනවා."
" aah that's not a big deal."
" deal"
" deal."
ජිමින් අන්තිම වතාවටත් ජන්කුක් දිහා බලන ගමන් ටේට අත දුන්න.
bye 🍃💖
කමෙන්ට් එකක්වත් ඉතින් හලාගෙන යන්න ඕනි හොදේ... ❤️❤️
YOU ARE READING
wild flower [ Jikook sinhala ]
Fanfiction" බලන්න ජන්කුකී...ඔයාගෙ බර්ත් මාක් එක ඒක හරිම කියුට්....මං ඒකට ගොඩක් ආදරෙයි." ජිමින් ජන්කුකීගෙ තොල් යට තියන බර්ත් මාක් එක දිහා බලාගෙන කිව්වෙ ජන්කුක් හුරතල් විදියට එයාට රවද්දි. " එපා ! ඒකට ආදරේ කරන්න එපා...මං ආස නෑ ඔයාගෙ ආදරේ වෙන දේවල් එක්ක බෙදාගන්න...