why you ?

81 13 3
                                    

ජිමින් කිසිම දෙයක් නොකියා එයාගෙ මාම් ලගට ගියේ එයාගෙ කොනඩෙ පොඩ්ඩක් හදාගන්න ගමන්.

ජිමින්ගෙ විදියට ගත්තොත් නම් අපි මිනිස්සුන්ව අදුරගන්නව කියන්නෙ අලුත් බැදීම් ඇති වෙනව.ඉතින් අපි ඒ බැදීම් රැකගන්නයි,පවත්වගෙන යන්නයි දවල් රෑ නොබල මහන්සි වෙනව.ඒ මිනිස්සු නිසා අපි හිනාවෙනව,දුක් වෙනව,අඩනවා,තරහ ගන්නව....ඒත් දවසක අපි එච්චරටම පරිස්සම් කරපු බැදීම් එයලම කෑලි කෑලි වලට කඩල දානව...බැදීම් විතරක් නෙවෙයි අපේ හදවතත්....ඒකයි ජිමින් බැදීම් ඇති කරන්න බය.අන්තිමට ඒවයින් වෙන්නෙ අපිට ම රිදෙන එක විතරයි.....

" ඔයා හොදින්ද පුතේ ? "

මිසිස් පාක් කල්පනා ලෝකෙක ගිලිල ඉන්න ජිමින්ගෙ අත හෙලෙව්වෙ ජිමින් එයාගෙ මාම් දිහා බලල සන්සුන් විදියට හිනා උනේ එයා හොදින් කියන්න...ඒත් ඒක තනිකරම මවාගත්ත හිනාවක්...

" මම හොදින් මාම්..."

ඒත් එක්කම වගේ ජිමින්ට ඇහුනෙ ලේඩි කෙනෙක්ගෙ හීල් එකක සද්දයක්...එයාට ශුවර් එයාට මේ එන කෙනාටත් හිනාවෙන්න හරි වෙනවා කියලා.

හැබැයි එතන හිටියේ එයා හීනෙකින් වත් බලාපොරොත්තු උනේ නැති කෙනෙක්...

ජියෝන් මේ

පිස්සු ලෝය..අවුරුදු කීයක් එයාගෙ ජීවිතේ විනාස කරලා දැම්මද...

ජිමින් ආයාසයෙන් ම එයාගෙ ඉස්සරහ ඉන්න එයාගෙ කතාවෙ මේන් විලන්ට..එයා හිතන විදියට. සුපුරුදු සෙල්ලන්කාර හිනාවක් පා කරලා ඇරියෙ මේගෙ මූනත් එක සැරේටම වගේ ව්‍යාකූල වෙලා ආයෙත් සාමාන්‍ය වෙද්දි...ඔව් එයත් හැගීම් හංගන්න ගොඩක් දක්ශයි.

" මේ ඉන්නෙ අංකල්ගෙ එක ම සහෝදරී...ජියෝන් මේ "

මුකුත් දන්නෙ නැති මිසිස් ජියෝන් පුරුදු විදියට ම ජිමින්ට මේව අදුන්වලා දුන්නෙ ජිමින්ගෙ සයිරන් ඇස් කේන්තියට ම ගින්දර වගේ දිලිසෙද්දි.

" nice to meet you miss.jeon mea."

ජිමින් අන්තිම ටික ටිකක් බර කරලා කිව්වෙ මේගෙ මූන අදුරු වෙලා යද්දි..

ඔව් ඒ දෙන්නගෙන් එක්කෙනෙක් වත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති...

wild flower [ Jikook sinhala ]Where stories live. Discover now