මේ අතරතුර හැග්රිඩ් ගේ නිවස" ඩොග්..... ඩොග්... ඩොග්.... "
එකපාරටම හැග්රිඩ් ගේ නිවසේ දොරට කවුරූ හරී එක පාරටම තට්ටූ කරන නාදය හැග්රිඩ් ට ඇහුනා
"පොඩ්ඩක් ඉන්න එනවා.... "
කියන ගමන් දොර ලගට ගිය හැග්රිඩ් දොර ඇරියා
"ඔහ් Firenze කියන්න "
හැග්රිඩ් දොරලග හිටන් හිටිය centaurs වරයාට කීවා .
" කගවේනෙක්ව මරලා දාලා කැලය ඇතුලේ "
" ආයම ? .. "
" ඔව් "
" මම හිතන්නේ ප්‍රොෆෙසර් අනුමාන කල දේ වෙන්නයි යන්නේ "
" ඒ මොකක්ද ? "
" මම ඒක පස්සේ කියන්නම් "
"ආ තව දෙයක් .. මේකකැලේ ඇතුලේ තිබිලා හම්බ උනේ. ඔක ඇතුලේ පොතක් තියනවා මම හිතන්නේ "
Firenze එක පාරටම එයා එල්ලන් හිටිය මල්ල ගලවලා හැග්රිඩ් ට දුන්නා.
හැග්රිඩ් ට එක පාරටම මතක් වෙන්න ගත්තා. මේක හර්මයිනී අද උදේ කැලේට යනකොට අරන් ගිය බැග් එක. රොන් ට මේක දුන්නාට කොල්ලා මේක අමතක කරල දාලා ගිහින් වගේ .
"මරූ මේක රොන් කැලේ අමතක කරලා දාලා ඇවිල්ලා වගේ "
හැග්රිඩ් තමන්ටම කියා ගත්තා
" thank u Firenze . මම මේක දෙන්නම් එයාලාට.මම හිතන්නේ මේ හර්මයිනී ලාගෙ බැග් එකක් "
" හරී එහෙනම් මම යනවා "
කියන ගමන් Firenze කැලේ පැත්තට දුවගෙන ගිය
Firenze ගිය ගමන් ලන්තෑරුමක් අතට ගත්ත හැග්රිඩ් අර මල්ලත් අරන් ගෙදර දොර වහලා ගෙදරින් එලියට බැස්සා .
හොග්වාර්ට්ස් මන්දීරයට ඇවිදගෙන ගිය හැග්රිඩ් ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් ගේ කාර්යාලය ලගට ආවා
" හැග්රිඩ් මොකද මේ හදීසීයේම "
ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් ඇහැව්වේ හැග්රිඩ් ඉන්න දිහාට එන ගමන්
" ප්‍රොෆෙසර් මම හිතන්නේ ඔබ තුම හිතුව දේ වෙන්නයි යන්නේ. "
" අපී කර්යාලයට ගිහින් කතා කරමූ හැග්රිඩ් . බිත්ති වලටත් කන් තියනවා කියලා කියනවා නේ "
YOU ARE READING
වෘක නාදය ( Harry potter X Wolfblood )
FanfictionHogwarts මන්දිරයට නුදුරින් පිහිටා ඇතී Forbidden Forest නම් සුවිසල් වනාන්තරය තුල සිදුවන්නේ කුමක් ද සැබවින්ම එය කිසිවෙකුත් නොදනී. හැග්රිඩ් හැරුන විට මේ වනන්තරය තුලට ඇතුලු වීමට එඩිතර අයෙකූ තවත් සිටිද ? මා එසේ නොසිතමී. මා දිව යමී.වේගයෙන් දිව යමි. කුසග...