89 වන මතකය

505 58 32
                                    

"ආදි.. ඕන කරන හැමදෙයක්ම ගත්තා නේද.."

"ඔව් ඔව් ගත්තා.."

"මඟට ගිහින් කියන්න එපා අරක නෑ මේක නෑ කියලා.. දෙනවා පස්ස පුපුරන්න එකක්.."

"හනේ මං බයයි.. "

තිනෙත්ට දිවත් දික් කරගෙන මම බෑග් ඔක්කොම කොරිඩෝ එකෙන් ගෙනත් තිබ්බේ තිනෙත් පොඩ්ඩව අරන් එද්දි.. එයා නම් තාම නිදිමතේ ඉන්නේ.. දැන් වෙලාව පාන්දර හතරට විතර ඇති.. අපි තුන්දෙනාම උදේම ඇහැරගෙන මේ යන්න ලැස්තිවෙන්නේ අපේ ගෙදර යන්න.. හැමදාම කාර් එකේ නැත්තන් බස් එකේ යන නිසා වෙනසකටත් එක්ක මට ඕන උනා ට්‍රේන් එකෙන් යන්න.. උදේම තියෙන පොඩි මැණිකෙ ට්‍රේන් එකට යන්න ඕන නිසයි පාන්දරම නැඟිටලා ලෑස්ති උනේ..

"සවීන් එන්න වෙලා යයිද තිනෙත්.. පහමාර වෙද්දිවත් කොටුව ස්ටේශන් එකේ ඉන්න වෙයි.."

"එනගමන් කිව්වා ආදි.. බයවෙන්න එපා වෙලාවට යන්න පුලුවන්.."

"හ්ම්ම්.. පොඩ්ඩව දෙන්න තිනෙත් මං ගන්නම්.."

චූටි ඔනෙත් නම් හිටියේ හොඳටම නින්දේ.. ඇඟිල්ලකුත් කටේ ගහගෙන නිදාගෙන ඉන්න විදිහ දැක්කම හපලා හපලා ගිලින්න හිතෙනවා.. ඒ තරම් හුරතල් වෙලාවකට..

"අද එනවා කියලා අම්මට කිව්වද ආදී.."

"ඔව් තිනෙත් මං කිව්වා.."

"මං එනව කියලත්..? "

"නෑ.. මම කිව්වේ මම එනවා කියලා විතරයි.. එයාලාට ඔයාව දැක්කම සතුටු හිතෙයි.."

"හ්ම්ම්ම්.. ආදි, එතකොට ඔනෙත්..?"

"ඔනෙත්..?"

"නෑ මං කියන්නේ අම්මලා අහයිනේ-"

PLEASE REMEMBER ME ||| Completed ||| Sinhala BLWhere stories live. Discover now