82 වන මතකය

603 74 83
                                    

වර්තමානයට.....
______________________________

වෙලාව පාන්දර පහ පහුවෙලා පැයබාගයක් ගෙවිලා ගිහින්.. තිනෙත්, මම අපි දෙන්නම හිටියේ තාමත් අවදියෙන්.. එයාටවත් මටවත් නිදාගන්න කිසිම වුවමනාවක් තිබුනේ නෑ. ගෙවුන මුලු රෑ පුරාම තිනෙත් ගොඩාක් දේවල් කිව්වා.. මම කලේම ඒ පපුවට තුරුල් වෙලා එයා කියපු දේ අහන් හිටපු එක විතරයි..

මම හිතන් හිටියට ගෙවුන කාලේ ඇතුලත මමයි වැඩිපුරම වේදනා වින්ඳේ කියලා ඒත් ඒක වැරදියි.. සම්පුර්ණයෙන්ම වැරදියි. එයා මට වඩා ගොඩක් විඳවලානේ.. මගේ හයියට මගේ වටේ කීපදෙනෙක් හරි හිටියා.. මම එයාලා ඉස්සරහ මගේ දුක පිට කලා.. ඒත් තිනෙත්..? තිනෙත් කවදාවත්ම කිසිම කෙනෙක් ඉස්සරහා එයාගේ දුර්වලතා පෙන්නන්නේ නෑ.. එයා හැමදාම කලේ පිටට පේන්න ශක්තිමත් කියලා පෙන්නපු එක..

හිත අස්සේ තෙරපෙන දරාගන්න බැරි ආදරය නිසාම මම ඒ උඩුකය නිරුවත් පපුවෙන් හාදුවක් තිබ්බේ ඒ අත්වලට මම තව තවත් හිරවෙද්දි.. කොහොමද මනුස්සයෙක් මේ තරමටම කෙනෙක්ට ආදරය කරන්නේ.. මට හිතාගන්න බෑ තිනෙත්.. මට දැනෙන්නේ මෙච්චරයි ඒ මගේ ආදරේට වඩා එක දශමෙකින් හරි ඔයාගේ ආදරේ බරයි කියලා විතරමයි.. මගේ ඇස්කෙවනි අග රැඳිලා තිබුණ කඳුලු බිංදු එකින් එක ඒ පපුවෙන් බේරෙද්දි මට දැනුනා කීපවතාවක්ම එයා මගේ හිස්මුදුන සිපගන්නවා..

"ඇස්වලට බර කඳුලු බිංදු ඔයා නිදහස් කලාටකඳුලු බිංදු මගේ පපුව උඩට වැටුනම ඒවා හරි බරයි ආදි.. "

"තිනෙත්.."

"නාඬා ඉන්නකෝ.. අඬලා අඬලම හුස්ම ගන්නත් අමාරුවේවි.."

"ඇයි මං වෙනුවෙන්තරම් දෙයක් කලේ තිනෙත්.. මගේ ජීවිතේ බේරන්න ඇයි ඔයා එහෙම කලේ.."

"හැමදේටම වඩා මට වටින්නේ ඔයාගේ ජීවිතේ.. ඒ වෙනුවෙන් මං මගේ ජීවිතේ අනතුරේ දාගන්න උනත් දෙපාරක් හිතන්නේ නෑ ආදි.. ඔයා තමයි මගේ හැමදේම.."

PLEASE REMEMBER ME ||| Completed ||| Sinhala BLWhere stories live. Discover now