Chapter 33

229 30 20
                                    

වෙලාව පාන්දර තුනත් පහු වෙලා තිබුන මොහොතක ලුනා රෙසිඩන්ට් එක ඉස්සරහින් නතර උනේ ලුනා නමින්ම රෙජිස්ටර් වුන රෙන්ජ් රෝවස් තුනක්. පැය කිහිපයක ඉදන් පටන් අරන් තිබුන වැස්ස නිසා වෙනදා නිකම්ම රෙන්ජ් රෝවර් එකෙන් බහින නයිට්ස්ලාගේ අත්වල කලු පාට කුඩ තිබුනා. රෙසිඩන්ට් එන්ට්‍රන්ස් එකට කෙලින්ම නතර කරලා තිබුන රේන්ජ් රොවර් පැසෙන්ජර් සීට් එකෙන් මින්ජේ බැස්සෙත් කුඩ දෙකක් අතට අරගෙන. කලු පාට කුඩේ ඉහල ගත්ත මින්ජේ අනිත් එකත් එක අතකට ඉහළ ගත්තා. ඒක අනිත් කුඩවලට ⁣වඩා කැපිලා පෙනුනේ.. ඒක ට්‍රාන්ස්පේරන්ට් රෙද්දකින්.. හදපු විනිවිද පේන කුඩයක් නිසා.

කලු පාට කුඩ ඉහළ ගත්ත නයිට්ස්ලා දෙපැත්තෙන් පේළියට හිටගනිද්දි මින්ජේ රෙන්ජ් රෝවර් එකේ දොර ඇරියේ ටේහ්‍යුන්ට එළියට එන්න සම්පූර්ණයෙන්ම විනිවිද පේන කුඩේ එයාට අල්ලන ගමන්. ටේහ්‍යුන් එළියට ආවේ තනියම නෙමෙයි. එයාගේ අත්වල සේම් හිටියේ නින්දට වැටිලා.

ටේහ්‍යුන්ගේ කලු පාට කබායකින් සේම්ව ඔතලා තිබුනත් එයා දාගෙන හිටපු සිල්වර් පාට හීල් බුට්ස් ඒ අඳුරෙත් ලස්සනට කැපිලා පෙනුනා. ටේහ්‍යුන්ගෙ පපුවට මුණ චප්ප කරගෙන හිටපු සේම්ගේ කම්මුල් පීච් රතු පාටකට හැරිලා තිබුනේ.. ක්ලබ් එකෙදි ගත්ත ඩ්‍රින්ක්ස් නිසාම විතරක් නෙමෙයි. පෝල් ඩාන්ස් කලා මදිවට.. අන්තිමට ටේහ්‍යුන්ගේ ප්‍රයිවට් රූම් එකේ ටේහ්‍යුන් වෙනුවෙන් විශේෂයෙන්ම කරපු ඩාන්ස් එක නිසා එහෙම උනා කියන්නත් පුලුවන්. ඒත් ඒ නිසා අමාරුවේ වැටුනේ නම් ටේහ්‍යුන්... ⁣තමන් නිසා ටේහ්‍යුන්ගේ හැඟීම් උද්දීපනය උන නිසා අන්තිමට සේම්ටම තමයි ටේහ්‍යුන්ගේ පිපාසය නිවන්න සිද්ධ උනෙත්. ඒවගේ අතුරු ප්‍රතිඵල විදියට සේමි මේ වෙද්දි හිටියේ ටේහ්‍යුන්ගේ උණුසුමේ සුව නින්දක.


සේමිගේ ලස්සන දිග කකුල් ටේහ්‍යුන්ගේ අත් වලින් පහළට එල්ලිලා තියෙද්දි අනික් පැත්තෙන් එයාගේ හනී බ්‍රවුන් කලර් කොන්ඩේත් ටේහ්‍යුන්ගේ අත් ගොබ වලින් පහළට කඩන් වැටිලා තිබුනා. මින්ජේ කුඩේ ඉහළන් හිටියත්.. හිතු මනාපෙට වැටෙන වතුර බිංදුවක් දෙකක් ටේහ්‍යුන්ගේ පුළුල් උරහිස් තෙමුවා. ඒත් සේමිව නොතෙමි තමන්ගේ තුරුලෙම උණුසුමට තියාගන්න ටේහ්‍යුන් පුලුවන් උනා. සේමි තවත් ටේහ්‍යුන්ගේ ශක්තිමත් පපුවට ගුලි වෙද්දි ටේහ්‍යුන් රෙසිඩන්ට් එන්ට්‍රන්ස් එක දිහාවට ඇවිදන් ආවා. ඒ හා සමානවම ⁣මින්ජේ එයාලා එක්ක ඇවිදන් ආවත් අනික් නයිට්ස්ලා ඒ හිටපු විදියටම හිටියා. ඒත් ටේහ්‍යුන් තමන් ගාවින් යද්දි එයාලා තරමකට තමන්ගේ හිස පහත් කරගත්තා. ටේහ්‍යුන් තියන අඩියක් අඩියක් ගානේ පොළොවේ පේළියට සවි කරලා තිබුන සෙන්සර් ලයිට්ස් පත්තු උනා.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 27 ⏰

Add this story to your Library to get notified about new parts!

BLACK PANTHER || KTH || ONGOINGWhere stories live. Discover now