Chapter 07

199 50 47
                                    


ටේහ්‍යුන් හිටියේ එයාවම පාලනය කරගන්න උත්සහ කරන ගමන්. අත්වල නහර ඉලිප්පිලා තිබුනත් එයා එයාගේ හුස්ම ගන්න වේගය සන්සුන් කරගන්න ගමන් හිටියේ. ඔය අස්සේ එයාගේ හිත එයාට දොස් කිව්වා. යුන්ගි කියපු දේවල් එයාගේ ඔලුව ඇතුලේ දෝංකාර දුන්නා.



" බ්ලැක් පැන්තර්ගේ ඇන්ගර් ඉෂූස් වලට රෙඩ් වෝනින් එකක් වැටිලා වගේ..."
.
.
.
.
.
.
.
" කාම් ඩවුන් බ්‍රෝ.. ජොන්කුක් මේ කෙල්ල එක්ක නැටුවා විතර නේ... අනික මෙයාගේ අකමැත්තක් පෙන්නෙත් නෑනේ.. අපි කවුරැත් දැනන් හිටියේ නැනේ.. උඹට මේ වගේ රෙඩ් වෝනින් එකක් තියනවා.. කියලා.. දැන් ඉතින් පරිස්සමින්.. මේකේ ඉන්න හැම එකාම උඹේ ඇන්ගර් ඉෂු එකට හේතුවක් දැනගත්තා.."



මුලින්ම ටේහ්‍යුන් සේමිට ඇටෙන්ශන් එක ගන්න එපා කියලා තර්ජනය කලත් දැන් අන්තිමට එයාගේ කේන්තිය නිසා සේමිට ඇටෙන්ශන් එක උනාවටත් වඩා වැඩියෙන් ලැබිලා. මාෆියාව ඇතුලේ ඉන්න හැම එපා කරපු එකෙක්ම දැන් සේමි ගැන අගක් මුලක් නෑරම හොයන්න ගනි. මිසිස් හ්වන්⁣ග් ගැන.. සේමිගේ ඇත්ත අන්‍යයතාව ගැන.. මේ හැමදෙයක්ම අවුල් ජාලයක් වෙයි. මේක ඉල්සන් දැනගත්තම තවත් නියමයි. ටේහ්‍යුන් බෙන්ස් එකේ ටයර් එකට වේගෙන් පහර කිහිපයක් ගැහුවා. මේ හැමදේටමත් වඩා ටේහ්‍යුන්ට තිබුනේ එකම ලොකු ප්‍රශ්නයක්..

" මොන මගුලකටද.. මම එච්චර කේන්ති ගත්තේ...!!! "




" ඒක තමයි යකො.. මොකක්ද උඹ ඒ කලේ..? "



ජිආ එක්කම එතනට ආව ජිමින් ඇහුවේ අදහගන්න බැරි විදියට ටේහ්‍යුන් දිහා බලලා.

" ආාශිබල්....! "

ටේහ්‍යුන් එයාගේ නළලේ බැදලා තිබුන කලු පාට බැන්ඩනා එක ගලවලා දකුණු අතේ අල්ලේ ඉදන් කරවලා බැදගත්තා. නළලට කඩා වැටුනු කොන්ඩේ අතින් ඇදලා පිටිපස්සට කරපු ටේහ්‍යුන් එයාගේ යටිතොල හපාගෙන කාර් එක ඇතුලේ අත් දෙක බැදගෙන ඉන්න සේමි දිහා බැලුවා.


BLACK PANTHER || KTH || ONGOINGWhere stories live. Discover now