Chapter 28

237 32 15
                                    


" ටේ... එහාට යනවා.. තමුසෙට පිස්සුද..? "

දවස් ගානක් බඩගින්නේ ඉදපු මෘගයෙක් වගේ තමන්ව සිපගන්න ටේහ්‍යුන්ව ආමාරැවෙන් ටිකක් ඈත් කරන ගමන් සේමි කිව්වේ තෙත් වෙලා අවුල් වුන දෙතොල් වලින් අපහසුවෙන් හුස්ම ගන්න ගමන්. ඒත් ටේහ්‍යුන්ගේ ඇස් වල තිබුන දරාගන්න අපහසු හැඟීම් ඇවිස්සුණු තියුණු බැල්මෙන් සේමිට නිදහසක් තිබුනේ නැහැ. තමන්ගේ තොල් තෙත් කරගත්ත ටේහ්‍යුන් ආයමත් සේමිව සිපගන්න පටන් ගත්තේ සේමිගේ ඉනේ තිබුන අතත් සේමිගේ අනික් කම්මුල්වලින් හිර කරනගමන්. ටේහ්‍යුන්ගේ ලොකු අත්වලට.. දරදඬු දිග ඇඟිලිවලට සේමිගේ කම්මුල් තෙරපිලා ගියේ එයාගේ තොල් ටේහ්‍යුන්ගේ නොඉවසිලිමත් දිවෙත්.. දත්වලත් ආධිපත්‍යයට යට වෙද්දියි. විනාඩි දෙක තුනක ආවේගකාරි සිපගැනීමකට පස්සේ සේමිට පුලුවන් උනා ආයමත් ටේහ්‍යුන්ව එයාගේ තොල් වලින් මෑත් කරලා අහකට තල්ලු කරන්න. ඒත් ⁣ඒ මොහොතේ නම් සේමි නිකං බලන් හිටියේ නැහැ.

චටාස්....



" ඕහ්..ෆක්....! "


තියුණු සිහින් හඬක් එන විදියේ පුලුවන්තරම් වේගවත් කම්මුල් පාරක් සේමි ටේහ්‍යුන්ට දුන්නා. පැත්තකට හැරැණු කම්මුල් එක්ක යටි දත් ඇන්ද ටිකක් එහා මෙහා කරපු ටේහ්‍යුන් තොල් අග රැදුණු අමන හිනාවක් එක්ක ආයමත් සේමි දිහා බලද්දි ⁣සේමිගේ ඇස් කේන්තියෙන් රතු වෙලා තිබුනා. විනාඩි කිහිපයක් පුරා ටේහ්‍යුන්ගේ දරාගන්න අමාරැ හාදුවට යටවෙලා හිටිය නිසා වගේම.. ටේහ්‍යුන් ගැන ඇතිවෙන කේන්තිය නිසා සේමි හිටියේ වේගෙන් හුස්ම ගන්න ගමන්. දරාගන්න බැරි කේන්තිය නිසාම එයාව යන්තමට වෙව්ලුවා.


" තමුසේ ඔය.. හිනාවෙනවද...!! යු බ්ලඩි ඈස්හෝල්...!!! "


තොල් අග රැදුණු අමුතු හිනාවත් එක්ක තමන් දිහා බලන් ඉන්න ටේහ්‍යුන්ට සේමි ⁣ආවේගයෙන් කෑ ගැහුව්වත් ටේහ්‍යුන් ඒක හුළං පොදක තරමින්වත් ගණන් ගන්න පෙනුමක් තිබුනේ නැහැ. ටේහ්‍යුන් හැදුවේ ආයමත් සේමිට ළං වෙන්න උනත් අත් දෙකෙන්ම උපරිම වෙර දාලා ටේහ්‍යුන්ගේ පපුවට අත තියලා එයාව තල්ලු කරපු සේමි හැදුවේ එයාගේ ඩ්‍රෙස් එකෙන් නිරාවරණය වෙලා තිබුන වම් කකුලේ දනිස්සෙන් ප්‍රයෝජනයක් ගන්න. ඒත් මේ වෙද්දි සේමිගේ හැම පුංචි චලයක් ගැනම.. වගේම එයා කේන්තියෙන් ඉද්දි හිතන විදිය ගැනත් ටේහ්‍යුන්ට හොද අත් දැකීමක් තිබුනා. ඒ නිසා අංශක අනුවට ටිකක් අඩුවෙන් උඩට ඉස්සුනු සේමිගේ වම් කකුලේ දනිස්ස ටේහ්‍යුන් තමන්ගේ එක අතකින් අල්ලගත්තා.

BLACK PANTHER || KTH || ONGOINGWhere stories live. Discover now