Chapter 14

203 46 51
                                    

" තෂි......!! තෂි...!! "
( ආයමත්.. ආයමත්...)

ටේහ්‍යුන්ගේ ගැඹුරැ හඬ ඩ්‍රිල් හෝල් එකේ දෝංකාර දුන්නේ එතන හිටියේ එයත් තව කෙනෙකුත් විතරක් නිසා. ට්‍රේනින් ඒරියා එකේ පන්චින් බෑග්ස් එල්ලලා තිබුන තැන ටේහ්‍යුන් හිටියේ එහා මෙහා යන ගමන්. දාඩියෙන් තෙත් වෙලා හිටපු සේමි ⁣පන්චින් බෑග් එකකට පන්ච් කරන ගමන් හිටියේ වේගෙන් හුස්ම ගන්න ගමන්. එයා හිටියේ මහන්සි පාටට.

" ඔයාගේ පන්ච්ස් බෑග් එකකට දැනෙනවද දන්නෙත් නෑ... පන්ච් බෑග් එකට රිදෙන්නැ.... හයියෙන් ගහනවා සෙමි...!!! "

ටේහ්‍යුන් කිව්වේ සේමිට රවන ගමන්. ටේහ්‍යුන්ට රවපු සේමි පන්ච් බෑග් එකට වැරෙන් පහර දෙන්න ගියත් ටේහ්‍යුන් එයාගේ අත අල්ලගත්තා.

" කරන දේ.. හරියට කරනවා.. ඔහොම ගහලා අතට ඩැමේජ් උනොත්.. අත කරකවන්නැතුව කෙලින් හයියෙන් ගහන්න..."

" වෙනදට වැඩිය මොකද අද කම්මැලි වෙලා වගේ.. ආ... තාම ට්‍රේනින් පටන් අරන් දවස් හතරයි.. ටිකක් පන්ච් කරලා මේ විදියට ටයර්ඩ් උනොත්.. ෆයිට් එකක් අතරතුරේදි ඒ මිනිහා.. තමුසෙව උස්සන් අරන් යයි.. සේම්.. එනිවේ ටික වෙලාවක් රෙස්ට් කරනවා.."

" නෑ... ඕන්නැ..."

ටේහ්‍යුන් කිව්වත් සේමි එයාට මුරණ්ඩු විදියට රැව්වා.

" පන්ච් කලා.. ඇති.. එනවා.. මාත් එක්ක ෆයිට් කරනවා.. එහෙනම්..."

සේමිගෙ අතින් අදින ගමන් ටේහ්‍යුන් කියද්දි සේමි එයාට රවන ගමන්ම ඇතේ බැදන් හිටපු බොක්සින් ග්ලවුස් දෙක ගලවලා දැම්මා. ඊට පස්සේ ඒ දෙන්නා එකිනෙකා දිහා ටික වෙලාවක් බලන් හිටියා. සටන් කවය මැදට ආවට පස්සේ කට කොනින් හිනාවුන ටේහ්‍යුන් සේමිට අතක් දික් කරලා තමන් එක්ක ෆයිට් කරන්න කියද්දි සේමි එයාට රැව්වා.

" කමෝන් ඩෝලි ලෙට්ස් ෆයිට්...!! "

" ඕප්ස් දැට් වොස් අන්එක්ස්පෙක්ටඩ් වන්..."

ටේහ්‍යුන් සේමි දිහා බලන් තොල් අගින් හිනාවෙවි කියන අතරතුරේම සේමි ටේහ්‍යුන්ගේ කම්මුලකට බර කරලා මූණට පන්ච් කලා. සේමිගෙන් ඒ වෙලාවේ පන්ච් එකක් ලැබෙයි කියලා නොහිතුව නිසාම ටේහ්‍යුන්ට හොඳ පාරක් ඒ නිසා ලැබුනා. ටේහ්‍යුන් එයාගේ පැත්ත⁣ට හැරැනු කම්මුලත් අල්ලගෙන කට ඇරලා හකු එහා මෙහා කලේ හිනාවක් එක්කමයි.

BLACK PANTHER || KTH || ONGOINGWhere stories live. Discover now