Chapter 05

214 42 45
                                    



ටේහ්‍යුන් බෙන්ස් එක ඩ්‍රයිව් කලේ තනියම. සති කිහිපයකින් විතර ඩ්‍රයිව් කරන්න බැරි උන නිසා එයා තනියම බෙන්ස් එකේ එද්දි මින්ජේ නයිට්ස්ලා දෙන්නෙක් එක්ක ටේහ්‍යුන්ගේ බෙන්ස් එකට පිටිපස්සෙන් රෙන්ජ් රෝවර එකක ආවා. රෑ වෙලා තිබුන නිසා සෝල් අහස යට නගරය පාට පාට ලයිට්වලින් දීප්තිමත් විදියට දැල්විලයි තිබුනේ. පොඩි ට්‍රැෆික් එකක් තිබුනත් වාහ⁣න අස්සෙන් දාන ගමන් ටේහ්‍යුන් වේගෙන් බෙන්ස් එක අරගෙන ගියා.

" BABY DON'T ACT LIKE A BOLO..."


අඳුරට හැරිලා තිබුන ටේහ්‍යුන්ගේ බෙන්ස් එකේ එළියකට කියලා තිබුනේ තද රතු පාටට පෙනුන ඩිජිටල් ස්ක්‍රින් එකේ ප්ලේ වුන කොරියන් සිංදුවේ නම විතරයි. ⁣ඩ්‍රයිව් කරන අතරතුරේ ටේහ්‍යුන්ගේ තොල්වලින් සිංදුවේ වචන මිමිණුණේ එයා ඒ සිංදු⁣වට වයිබ් වෙන ගමන් ඔලුව වනද්දි. ටේහ්‍යුන්ගේ දරදඬු වෙලා නහර ඉලිප්පුනු දිග අත් ස්ටියරින් වීල් එකට තද වෙලා තියෙද්දි ඒ මොහොත බලන්න වටින දර්ශනයක්.
( ඔවාලට බලන්න පින නැති.... :-)

" I'll be Ridin in the CITY... MAKE I GO...
Make I Go.. make I see....
YOU CARRY BODY..."


ටේහ්‍යුන්ට එයාගේ බෙන්ස් එක ඩ්‍රයිව් කර⁣න වේගේ සාමාන්‍ය උනත් පිටතින් බලද්දි ඒක සද්දෙන් ඇහෙන වේගවත් යාමක්. විනාඩි කිහිපයකට පස්සේ ටේහ්‍යුන්ගේ බෙන්ස් එක නතර වුනේ සෝල්වල ලොකුම සුඛෝපභෝගීම ක්ලබ් එකක් වුනු ලූනා ඩොලර් එක ඉස්සරහින්. ටේහ්‍යුන්ගේ බෙන්ස් එකට පාකින් එකේ ගේට්ස් විවිර උනේ ඉඹේමයි. ටේහ්‍යුන් බෙන්ස් එකෙන් බහිද්දිම වගේ මින්ජේ වගේම නයිට්ස්ලා කිහිප දෙනෙක් එයා පිටිපස්සට එකතු උනා. සාක්කුවලට අත් දාගෙන ටේහ්‍යුන් ක්ලබ් එන්ට්‍රන්ස් එක දිහාවට ගමන් කලේ කිසිම දේකට පොඩිමවත් බැල්මක්වත් නොදී ඉස්සරහා බලාගෙන. ටේහ්‍යුන්ගේ බැල්මක් විශේෂයෙන් ලැබෙන එකත් හරිම කලාතුරකින් වෙන දෙයක්. ඒ ගෝල්ඩ් දුඹුරැ පාට ඇස්වල බැල්ම ලේසියෙන් දරාගන්න පුලුවන් එකකුත් නෙමෙයි.



ක්ලබ් එකට ඇතුල් වෙද්දිම ටේහ්‍යුන්ගෙ කඩවසම් මුහුණ රතු.. නිල් පාට ලයිට් එළිවලන් වැහිලා ගියා. ලුනා ඩොලර් කියන්නේ ට්වෙන්ටිෆෝ අවර්ස් ඕපන් ක්ලබ් එකක්. හරියටම කියනවා නම් ගැන්ග් එක ඇතුලේ සිද්ධ වෙන වැදගත් රහසිගත ඩීල් හැමදෙයක්ම සිද්ධ උනේ.. පාලනය උනේ එතනින්. කොරියාව පුරාම තියන එයාලගේ ක්ලබ්වල මේන් ක්ලබ් එක මේක. ගැන්ග්ස්ටලා එක්ක.. එයාලගේ වැඩවලට සම්බන්ධ බිස්නස්මන්ලා එක්ක වෙන දේවල් ටේහ්‍යුන් කන්ට්‍රොල් කලේ මෙතන ඉදන්. ලුනා ඩොලර් එක තට්ටු හයක මොඩ්න් බිල්ඩින් එකක්. ඒත් පිටතට එක පෙනුනේ තට්ටු පහක බිල්ඩින් එකක් විදියට.

BLACK PANTHER || KTH || ONGOINGWhere stories live. Discover now