Chapter 17

211 45 44
                                    


හෝප් කියපු විදියටම ලුනා එකට වගේම මින් ක්ලෑන් එකටත් ඊළඟ දවස වෙද්දි වෙපන්ස් ට්‍රක් හතර පහ බැගින් එයාලගේ වෙයා හවුසස්වලට ආවා. ලුනා එකට ලැබුන වෙපන්ස් ට්‍රක් ඔක්කොම බලලා ඒවාවල කොලිටිය.. ප්‍රමාණය වගේ දේවල් චෙක් කලාට පස්සේ ටේහ්‍යුන් රෙසිඩන්ට් එකට එද්දි හවස් වෙලා තිබුනේ. වොශ් කරලා ඉවර වෙලා කලු පාට ස්වෙට් පෑන්ට් එකකට සුදු පාට ටෑන්ක් ටොප් එකක් ඇදගත්ත ටේහ්‍යුන් සෙකන්ඩ් ෆ්ලෝ එකට ඇවිත් එයාගේ ලන්ච් එක ගත්තා. වෙයාහවුස් එකේදි ලන්ච් එක ගන්න තරම් වෙලාවක් එයාට ලැබුනේ නැති නිසා ටේහ්‍යුන් හිටියේ බඩගින්නේ. මේඩ්ස්ලට කියලා එයා හදාගත්තේ සාමාන්‍ය කොරියන් දවල් ආහාරයක්. ඒක ඉවර කලාට පස්සේ සෙකන්ඩ් ෆ්ලෝ එකෙන් යන්න හදද්දි එයා අරිව දැක්කා. අරි හිටියේ මොනවා හරි කන ගමන්.


" අරි.. මෑම් කොහෙද...? "


" අහ්ම්.. සර්..."


" හිටගන්න ඕනේ නෑ.. ඔහොම ඉදන් කියන්න..."


" සර් මෑම් ට්‍රේනින් වලට ගියා.. අපිව එතනට අරන් යන්නැනේ.. මැම් නයිට්ස්ලා එක්ක ගියේ.. "


" දැන්.. තනියම මොනා කරනවද.. ඒ⁣ක ඇතුලේ..."


" මම හිතන්නේ මෑම් ගන් ⁣ශූටින් ප්‍රැක්ටිස් වෙන්න ගියේ..."


" ම්මම..."




අරි කියද්දි ඔලුව යන්තමින් හොලවපු ටේහ්‍යුන් එලිවේටර් එකට ආවා. රූම් එකට නොයා ටේහ්‍යුන් බේස්මන්ට් ඩ්‍රිල් හෝල් එකට ආවා. ඒ වෙලාවේ නයිට්ස්ලා එතන හිටියේ නැහැ. මොකද නයිට්ස්ලා ගොඩක් වෙලාවට ට්‍රේන් වෙන්නේ පාන්දර ඉදන් දවල් වෙනකල්. සමහරවෙලාව⁣ට රෑටත් නයිට්ස්ලා එතන ට්‍රේන් වෙනවා. ටේහ්‍යුන් කෙලින්ම ඇවිදගෙන ආවේ ගන් ⁣ශොට්ස් ට්‍රේනින් වෙන්න තියන ඒරියා එකට. එතනට ළං වෙද්දිම ටේහ්‍යුන්ට පෙනුනා ශූටින් රෙන්ජ් එකට ඇතුල් වෙන දොර ගාව හිටපු නයිට්ස්ලා දෙන්නෙක්ව. සේමි ගාව නිතරම ඉන්න ඒ නයිට්ස්ලා දෙන්නා ටේහ්‍යුන්ට ඔලුව නවලා ආචාර කරද්දි ටේහ්‍යුන් ශූටින් රේන්ජ් එක ඇතුළට ගියා. ඇතුල් වෙද්දිම ටේහ්‍යුන්ට ඇහුනේ වෙඩි හඬක්. සේමි ගාවින් තවත් නයිට්ස්ලා දෙන්නෙක් හිටියා. ශූට් කරද්දි උදව්වට ඒ දෙන්නා හිටියේ. ටේහ්‍යුන්ව දැකලා නයිට්ස්ලා දෙන්නා එයාට බෝ කලත් ටේහ්‍යුන් එයාලට එළියට යන්න සංඥා කලා.




BLACK PANTHER || KTH || ONGOINGWhere stories live. Discover now