Chapter 25

193 38 34
                                    


" ඔයා මොකටද එළියට ආවේ...? "

" මට ඕන නිසා...!! කටවහන් එක විදියකට ඉන්න.. ඔයා දගලද්දි මම කොහොමද හරියට මේක කරන්නේ...? "

" මම තමුසෙට මේවා කරන්න කිව්වේ නැහැ නේ...!! තමුසෙට ඇයි බැරි මම කියන දෙයක් එකපාරක් හරි අහන්න...!!! "



ටේහ්‍යුන් කිව්වේ තමන්ගේ නිරැවත් බෙල්ල පාමුල තිබුන සේමිගේ අත අහකට ගසා දාන ගමන්. සේමිගේ අතේ තිබුන වතුර පොඟවපු සුදු රෙදි කෑල්ල එයාගේ ඇඟිලිවලට තෙරපුනේ ටේහ්‍යුන්ගේ ආඩම්බර පාට නපුරැ ඇස් දිහා බලන් ඉද්දිමයි. මීට පැය දෙකක⁣ට විතර කලින් ඇස් ඇරිය වෙලාවේ ඉදන් ටේහ්‍යුන්ගේ ඇස් සේමි දිහාවට හැරැනේ ඒ නපුරැ දඩ්ඩබර පෙනුම එක්කමයි. එයා හිටියේ යටපත් කරගත්ත කේන්තියක් එක්ක. මොකද අන්තිමට එයාට සිහිය තිබුන වෙලෙ සේමි ඇස්වල කඳුලු පුරවගෙන තමන් දිහා බලන් හිටපු විදිය මතක් වෙද්දි ටේහ්‍යුන්ගේ හිතට පුංචි දුකක් දැනිලයි තිබුනේ.
.
.
.
.

ටේහ්‍යුන්ට සිහිය ආවේ දවසකුත් පැය කිහිපයකට පස්සේ. ඒ වෙලාවේ ටේහ්‍යුන් ගාව හනුල් වගේම ජිමිනුත් හිටියා. 


" සේ.. සේම්.. කොහෙද..? අහ්හ... එයා හොඳින් නේද..? "

" ටේ.. නැගිටින්න හදන්න එපා.. ඔහොම ටිකක් ඉන්න..! ඔයාගේ මැහුම් පෑරෙයි.."



" නුනා.. මට අවුලක් නෑ.. දැන් ජිමින්.. අරැන්ට මොකද උනේ.. සේම් කොහෙද..?? "




" වොහ්.. වොහ්.. කාම් ඩවුන්.. බ්‍රො..! ශී ඊස් ඕල්රයිට් නව්.. රශියන්කාරයො.. එකෙක්වත් දැන් නැ.. උන්ව බයි කරපු උන් ගැන තාම හොයන ගමන්.. ශැඩෝ ඉක්මනින් ඒ ගැන අප්ඩේට් කරයි.."



" සේම්⁣ට තුවා...ල..."


" ටේ... සේමිත් රෙස්ට් කරනවා.. එයාට ශොක් එකක්.. ආවේ දැන් හරි.. ඔයා පැය තිහකට පස්සේ මේ ඇස් ඇරියේ..!! මහන්සි වෙන්න හදන්න එපා.. ඔයාගේ ඇගේ ලේ ගොඩක් ගියා.. තව ටිකක් පරක්කු උනා නම් ඔයාව බේරගන්නත් අමාරැයි... You just came from the dead....!!! දෙයියන්ගේ නාමෙන්.. ඔයා ගැන හිතලා ⁣ටිකක් රෙස්ට් කරන්න..."



ටේහ්‍යුන් දිහාම බලන් හනුල් කියද්දි ටේහ්‍යුන් ඔලුව වනලා එයාට එකඟ උනා. හනුල් කියන්නේ සාමාන්‍යයෙන් කේන්ති ගන්න කෙනෙක් නෙමෙයි. එයා මේ විදියට කේන්ති අරන් ඉන්නේ තමන් ගැනම තියන වදවීම නිසා කියලා ටේහ්‍යුන්ට හොඳින්ම දැනුනා. එයාගේ නුනා එයා පොඩි කාලේ ඉදන්ම එයාට කොච්චර ආදරෙයිද.. කියලා ටේහ්‍යුන් හොඳටම දන්නවා. සේමිත් රෙස්ට් කරනවයි කියපු නිසා කාලය ගත වෙන්න ඉඩහරින්න එයා හිතුවා. ඒත් එයාගේ හිතට තදින් ම සේමි දකින්න ඕන උනා. පුලුවන් ඉක්මනින්.. ම..



BLACK PANTHER || KTH || ONGOINGWhere stories live. Discover now