8☠️

252 52 48
                                    

උදේ මම ඇහැරුනේ මගේ මූණට වැටුණු ඉර එළිය නිසා..ඇස් අරින්න ඕනිකමක් නැතත් ඇහැරුනාට පස්සෙත් ඇඳට වෙලා ඉන්න එක මගේ පුරුද්දක් නෙමෙයි... ඒ නිසා මං ඇඳේ ඉඳගෙන කොන්ඩේ අතරින් ඇඟිලි ගෙනිච්චා...

'පොඩ්ඩක් ඉන්න....මම කොහොමද මෙතනට ආවේ...මට‍ හොඳටම මතකයි මම කලින් දවසේ රෑ හිටියේ රෙස්ට් රූම් එකේ පුටුවක් උඩ බව.. තේයොන් මිස් වින්ඩි කිව්ව නිසා බෙහෙත් අරන් එතනින් යද්දිත් මට‍ සැකයක් නෑ මම හිටියේ ඒ පුටුවේ ඉඳගෙන..... ඒත් දැන් කොහොමද මං මෙතන ඉන්නේ... ඒකත් තේයොන්ගේ කාමරේ එයාගේ ඇඳ උඩ...' මම වටපිට බැලුවා.... තේයොන් නම් පේන්නවත් නෑ... මට‍ මගේ මතකය විශ්වාසයි.... මම හිටියේ මෙතන නෙමෙයි... ඒත් කොහොමද... මගේ හිතේ ප්‍රශ්නයක් විතරක් ඉතුරු වෙලා.. ඒත් උත්තරයක් පේනතෙක් මානෙක නෑ... මම සාමාන්‍යයෙන් නින්දෙන් ඇවිදින කෙනෙක් නෙමෙයි.... බැරි වෙලාවත් තේයොන්.... එයාද.... එයා මාව මෙතනට අරන් ආවවත්ද.... මගේ හිතට ආපු ක්ෂණික අදහසෙන් මිදෙන්න මං ඔලුව දෙපැත්තට වැනුවා.... එහෙම වෙන්නෙ කොහොමද...

මේ ගැන සැකහැර දැනගන්න පුළුවන් තේයොන්ගෙන් විතරයි...මම නිදාගෙන තියෙන්නෙත් නිළ ඇඳුම පිටින්ම නිසා නාන කාමරේට ගිහින් මූණ විතරක් වතුරින් තෙම්මගත්තා....මං ආපහු තේයොන්ගේ කාමරේට ගියේ මගේ කබාය ගන්න වුනත් ඒ වෙද්දිත් තේයොන් කාමරේට ඇවිත් හිටියා... එයා ඇඳ ඇතිරිල්ල හදනවා... මම කලබලේට නැගිටලා ගියා මිසක් මට‍ ඒ දේ කරන්න අතපසු වුණා.. මාව දැකපු ගමන් එයා මං දිහා බැලුවා...

"සුභ උදෑසනක්.. ඩොක්ටර් ජන්කුක්..."

එයා මට‍ සුභ උදෑසනක් කියලා කිව්වත් ඒකට පෙරලා උත්තර දෙනවා වෙනුවට මං කලේ මගේ හිතේ තිබුණු ප්‍රශ්නය අහපු එක.....

"මම ඊයේ රෑ මෙතන නෙමෙයි නේද තේයොන් හිටියේ... ඔයා දන්නවද මං ඔයාගේ කාමරේට ආවේකොහොමද කියලා..."

එයා මොකුත් නොකියා මං දිහා බලන් ඉන්නවා...හරියට ඒ ගැන කිසිම අදහසක් එයාට නෑ වගේ... එක අතකට මං අහපු ප්‍රශ්නය කොච්චර මෝඩ එකක්කද කියලත් මට‍ හිතෙනවා...

"ඔයාද මාව මෙතනට ගෙනාවේ..."

අන්තිමට මට‍ ඕනි වුණු උත්තරේම එයාගෙන් ප්‍රශ්නයක් විදිහට මං ඇහුවා.... ඒක තමයි මගේ හිතේ තිබුණු දේ... මට‍ ඕනි වුණේ තේයොන් මාව මෙතනට ගෙනාවා කියන මගේ හිතේ ඇඳුනු සිතුවිල්ල යතාර්ථයක්‌ වෙනවා බලන්න...

Taint Me With Sin ᵀᵃᵉᵏᵒᵒᵏ ᶠᶠWhere stories live. Discover now