ඩාලියා මට පිටිපස්සෙන් හිටියත් ඇවිත් ඉන්නේ තේයොන් බව දැකපු ගමන් මාවත් පිටිපස්සට කරන ගමන් ඇවිත් මගේ ඉස්සරහින් හිටගත්තා...
"ඔයා මොකද මේ වෙලාවේ..."
"මේ ෆයිල්... ඒවා ඩොක්ටර් ජන්කුක්ට දෙන්න ඕනි... හෙට අගමැති කාර්යාලයට යවන්න තියෙනවා... "
එයා ඩාලියා දිහා බලන්ම උත්තර දුන්නා...ඩාලියටනම් සතුට දරාගන්න බැරිවද කොහෙද... එයා කකුලේ ඇඟිලි වලින් ඉස්සි ඉස්සි තේයොන් එක්ක කතා කරන විදිහෙන්ම පේනවා තේයොන් අපේ ගෙදරටම ආපු එකට එයා ඕනිවටවඩා සතුටු වෙනවා කියලා...
ඩාලියා තේයොන්ගෙන් ප්‍රශ්න අහනවා... කොහොමද ගේ හොයාගත්තේ කියලා.. ඒ වගේම සමාව ඉල්ලනවා.. මගේ හැසිරීම වෙනුවෙන්... මට එතන තුන් වෙනියෙක් වගේ රැඳිලා ඉන්න ඕනි නෑ... මං ගේ ඇතුලට එන්න ආවා...
"තේයොන්ට ගේ ඇතුලට එන්න දෙන්න..."
කෑම මේසේ පැත්තට යමින් ගමන් මං ඇහෙන්න කිව්වා... මොකද ඒ දෙන්නටම සිහියක් නෑ තාමත් ඉන්නේ දොරකඩ බව...
කෑම මේසේ පුටුවකින් ඉඳගෙන මං බලන් හිටියා... 'මොනාද ඔය තරමට කතා කරන්න තියෙන්නේ...'
නොදැනිම මං සාලේ පැත්තට එබිලා බලන් හිටපු නිසා තව පොඩ්ඩෙන් බෙල්ලත් උලුක් වෙන්න තිබ්බා... ඩාලියගේ කටහඬ ළඟින් ඇහෙද්දිම මං ඉක්මනින් සාමාන්‍ය විදිහට ඉඳගත්තා...
ඩාලියා හිටියේ තේයොන්ගේ අතකින් තදින් අල්ලන්... මගේ ඇස් මුලින්ම ඒ දිහාවට නතර වෙනවා තේයොන් දැක්කා... හිතට අමුතු තිගැස්මක් වගේ දෙයක් දැනෙද්දී මං ඒ දිහා බලන් ඉන්නවා දැකපු නිසාද කොහෙදෝ තේයොන් ඩාලියගෙන් අත ගලවගත්තා... ඒත් ඩාලියටනම් ඒ ගැන වගක්වත් නෑ.... එයා තාමත් හරි උද්යෝගෙන් තේයොන් එක්ක කතාවේ පැටලිලා හිටියා... තේයොන් ඩාලියගේ කතාවට සවන්දෙනවා පෙනුනත් ඒ ඇස් විටින් විට මගේ දිහා බලන හැටි මං දැක්කා...
තවත් බලන් ඉන්න බැරිම තැන මං ටිකක් සද්දෙන් උගුර පෑදුවා...තේයොන් මං දිහා බැලුවත් ඩාලියනම් සම්පුර්ණයෙන්ම හිටියේ තේයොන්ගේ අවදානයෙන්...
තේයොන් ඩාලියා එක්කම ඇවිත් කෑම මේසේ මං හිටපු තැනින් ෆයිල් ටික තියද්දි මං අතින් සන් කලා එයාටත් වාඩිවෙන්න කියලා.... ඩාලියත් තේයොන් ලඟින්ම වාඩිවුණා.... ඩාලියගේ මේ හැසිරීම ටොරන්ටෝ වලදිනම් මට සාමාන්‍ය දෙයක්.... එයා මං ඉස්සරහ වෙනත් පිරිමියෙක්ගේ අතින් අල්ලන් ඉන්නවට වඩා සීමාව ඉක්මවලා හැසිරිලා තියෙනවා... ඒ ගැන තියෙන අත්දැකීම් කවදාවත් මගේ හිතේ මේ තරම් නොසන්සුන්ගතියක් ඇති කලේ නෑ...
YOU ARE READING
Taint Me With Sin ᵀᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ
FanfictionHe was a canvas for his sin...... Cover design by @lchi_jk