3 ☠️

318 63 141
                                    


Jungkook"s pov

උදේ මායි ඩාලියයි ආපහු ග්‍රීන්වුඩ් ටවුන් එකට ගියා අපිට ඕනි කරන බඩු වගයකුයි තව ගෙදරට ඕනි කරන දේවලුයි ගන්න.. ඒ හැමදේම අරන් එද්දි ටිකක් හවස් වෙන්න ඇවිත් තිබ්බා.. ඒත් මට‍ අර දැකපු පිරිමි ළමයා මතක් වෙද්දි හෙට වෙනකන් ඉවසන් ඉන්න අමාරුයි කියලා හිතුනා... ඩාලියටත් මං මගෙ අදහස ගැන කිව්වම එයත් කැමති වුණා දැන් ගෙදර නොයා කෙලින්ම asylum එකට යන්න... මට‍ හිතාගන්න පුළුවන් ඇයි ඩාලියත් එක පයින්ම ඒකට කැමති වුණේ කියලා... මොකද අපි දෙන්නටම ඕනි වුණේ එකම කෙනෙක්ව දකින්න..

අපි ඊයේට වඩා ඉක්මනින් ග්‍රීන්වුඩ් වල ඉඳලා asylum එකට ආවා.. සමහරවිට දැන් යන්න ඕනි පාර ගැන අදහසක් තියෙන නිසා වෙන්න ඇති අපේ ගමන ඉක්මන් වෙන්න ඇත්තේ..

Asylum එකට ආපු ගමන් අපිට හම්බුනේ ඩොක්ටර් ජේඩන්ව... අදනම් ඊයේ වගේ නෙවෙයි නර්ස්ලා ලෙඩ්ඩු හැමතැනම පේන්න හිටියා... සමහර ලෙඩ්ඩු අපි දෙන්නව දකිද්දී පුදුම වෙලා බලන් හිටිය.. තවත් සමහරු කලබල කරන්න ගත්තා... ඩාලියනම් දිගටම හිටියේ මගෙ අතේ එල්ලිලා... එයාට බය හිතෙන්න ඇති... පළවෙනි වතාවට එයා මෙහෙම මානසික රෝහලකට එන්නේ... ඊයේ ආවට මේ කවුරුත් ඊයේ පේන්න හිටියේ නෑනේ.. මං බය වෙලා මගෙ ළඟටම වෙලා ඉන්න ඩාලියගේ අතින් අල්ලගත්තම එයා මං දිහා බලලා යන්තම් හිනා වුණා..

"ඩොක්ටර් ජන්කුක්ට තිබ්බේ හෙට උදේම එන්න.."

"එහෙම නෙමෙයි ඩොක්ටර් ජේඩන්.. මේ මගෙ වයිෆ්ට ඊයේ මුණගැහුණු අමුත්තෙක්ව ආයෙමත් මුණගැහෙන්න ඕනි කිව්වා.."

"ආව් "

මං මගෙ බිරිඳව පාවල දුන්නා..ඒකට තරහෙන් ඩාලියා මට වැලමිටෙන් අනින ගමන් මගෙ අතකුත් කෙනිත්තුව...මටත් ඒ කෙනා මුණගැහෙන්න ඕනි තමයි... ඒත් ඒක ඩොක්ටර් ජේඩන් දැනගන්න ඕනි නෑනේ..ඩොක්ටර් ජේඩන් ඩාලියා දිහා බැලුවේ පුදුමෙන් වුනත් මුලින්ම ඩාලියා එක්ක හිනා වෙලා කතා කරන්න ගත්තා..

"මිසිස් ඩාලියා මේ කියන්නේ නර්ස් කෙනෙක් ගැනද... නැත්තන්... මං කියන්නේ මෙහෙ ඉන්න ලෙඩ්ඩු කවුරුත් මිසිස් ඩාලිය අඳුරන්නේ නෑනේ.."

"නෑ නෑ මං අඳුරන්නේ නෑ එයාව.. ඊයේ අපි මෙහෙන් යන්න හදද්දී මං අහම්බෙන් දැක්කේ එයාව... මං හිතුවේ එයා මෙහෙ ට්‍රීට්මන් ගන්න කෙනෙක් කියලා.. ඒත් එහෙම කෙනෙක්ට තනියම නිදහසේ මෙහෙ ඇවිදින්න දෙන්නේනෑනේ... මං ඒත් දැක්කා එයා අර පැත්තේ කොරිඩෝ එකේ කෙලවරේ කාමරේට යනවා.."

Taint Me With Sin ᵀᵃᵉᵏᵒᵒᵏ ᶠᶠWhere stories live. Discover now