"ඩොක්ටර් ජන්කුක්... මාව මගහරිනවද "
ඒ හිටියේ තේයොන්... බිත්තියත් තේයොනුත් අතරේ මං හිර වෙලා...එයා හිටියේ මගේ අත් බිත්තියට තියලා තද කරන්.. ඒත් මං මගේ අත් පහළට දාන්න උත්සාහ කරද්දි එයා ඒකට ඉඩ දුන්නා... එයා මගෙන් ටිකක් ඈත් වුනත් තාම මං ඉස්සරහ හිටගෙන ඉන්නේ මට මෙතනින් එයාව මගහැරලා යන්න බැරි වෙන විදිහට...
"මම... මොකටද එහෙම කරන්නේ.."
"ඩොක්ටර් උවමනාවෙන් මාව නොදැකපු ගානට ඉන්නේ..."
එයාගේ බැල්ම තියුණුයි... ඒ ඇස් දිහා බලන්න බැරි තරම් තියුණුයි... තවත් බලන් හිටියොත් මගේ ඇස් හරහා හී පාරක් යාවිදෝ කියලා හිතෙන තරමටම තියුණුයි...
"ඔයාට හිතෙන විදිහ තේයොන්... මට ඔයාව මගහරින්න හේතුවක් ඇත්තේ නෑනේ...."
"ඇයි කෙලින් නොබලා හංගන්න හදන්නේ..."
"මොකක්ද..."
"ඇස් දිහා බලන් කතා කරන්න ජන්කුක්...."
ආයෙමත් එයාගේ කටහඬින් මගේ නම විතරක් ඇහුනා... එයා ජන්කුක් කියලා විතරක් කතා කරද්දි මට දැනෙනවා මාව කම්පනය වෙනවා... ඒත් කොහොමද ඒ ඇස් දිහා කෙලින් බලන්නේ... කළු පාට ගැඹුරු ඇස් වල මාව ගිලිලා යාවි...
"මට තව කියන්න දේවල් නෑ... මට ඔයාව මගහරින්න හේතුවක් ඇත්තෙත් නෑ ඔයාගේ පස්සෙන් එන්න හේතුවක් ඇත්තෙත් නෑ..."
මගේ වචන රළු වැඩිදෝ කියලත් හිතුනා... ඒත් දැන් ඒ වචන පිට වෙලා ඉවරයි... තේයොන්ගෙන් විරුද්දත්වයක් නොතිබිච්ච නිසා මං තේයොන්ව පහු කරන් යන්න හැදුවත් මගේ උරහිසක් එයාගේ උරහිසේ ගැටුනා... මං ආපහු එතනම නැවතුනා... එයා ගොඩක් ශක්තිමත්... එයා මං දිහා බලන් ඉන්නවා... එයාගේ මූණේ කිසිම ඉරියව්වක් නෑ... අඩුමතරමේ මුහුණ රැලි ගැහීමක්වත් හමේ චලනයක්වත්... ඒ කිසිම දෙයක් නෑ... ඒත් එයාගේ ඇස් වල එයා මූණෙන් නොපෙන්වපු හැමදේම ලියවිලා තිබුනා...
ඒවායේ තිබුනේ කේන්තියක්... මේ පළවෙනිපාර වෙන්න ඇති මම ඒ වගේ හැඟීමක් ඒ ඇස් වලින් කියවපු...
"මුණගැහුණු පළවෙනි දවසේ ඉඳලා ඩොක්ටර් ජන්කුක්මයි මගේ පස්සෙන් ආවේ... දැන් එකපාරටම ඒක නවත්තන්න තරම් මොකක්ද සිද්දවුනේ..."
YOU ARE READING
Taint Me With Sin ᵀᵃᵉᵏᵒᵒᵏ ᶠᶠ
FanfictionHe was a canvas for his sin...... Cover design by @lchi_jk