කාලයකට කලින් හිත ගාව
නැවතුනු එක රුවක් ඇත තාම
සිර වෙලා - මා නෙත් පාරවා
ඈ ළඟ නැති පෙමක් මට දාව
හිමි නැති උණුහුමක් මම තාම
සොයනවා - ඔව් මම සොයනවා
මට නැති වුනේ මා කෙරේ
බිඳුවක් හෝ ආදරේ නොදුන් ඔයා........
.
.
.
"චූටි අයියේ.."
රාද් ආයෙමත් මට චූටි අයියේ කියලා කතා කරද්දී මම අත් දෙකෙන් කන් වහගත්තා..
නෑ නෑ.. මේ දේවල් ඇත්ත නෙමෙයි..
එයා කොහොමටවත් ආයෙ මගෙ ඇස් ඉස්සරහට එන්න විදිහක් නෑ..
අම්මා ටවුන් එකට යද්දී, අයියායි අක්කායි එන්නත් රෑ වෙනවා කියපු නිසා ගේ ඇතුළට වෙලා තනියම ඉන්න බැරි නිසාම මම වීල් චෙයාර් එක තල්ලු කරගෙන මිදුලට ආවා..
ඒත් මම හීනෙකින්වත් බලාපොරොත්තු නොවුන දෙයක් තමයි අවසානෙදි සිද්ද උනේ..
එයා මොකද මෙහේ කරන්නෙ..
අනික.. එයා.. එයා කොහොමද මාව හොයාගත්තෙ..
එයාට මාව හොයාගන්න තියෙන හැම සාක්ෂියක්ම නැති කරලා දාලායි මං මෙහේ එන්න ආවේ..
"විනුල්.."
"අහකට පලයන් රාද්.. මාව අල්ලන්න එපා.. මගෙන් ඈත් වෙලා ඉදපන්.."
"එක විනාඩියකට මම කියන දේ අහපන් මැණික.."
"නෑ.. මට මුකුත් අහන්න ඕන නෑ.. මිනීමරුවා.. තමුසෙ මගේ තාත්තාව මරාගත්තා.."
මම කෑගහලා දෙවනි වතාවටත් එයා මගේ තාත්තාව මරාගත්තා කියද්දී ඒ ඇස් වේදනාවෙන් බර වුණා..
උඹ මගේ පවුලෙ සතුට නැත්තටම නැති කරා..
මගෙන් උඹට කිසිම සමාවක් නෑ රාද්..
තවත් එයාව පේන මානෙකවත් ඉන්න අකමැති උන මං කලබලෙන් වීල් චෙයාර් එකත් තල්ලු කරන් එයා ළගින් ඈතට යන්න හැදුවාත් නොහිතපු විදිහට බිම තිබුණ ගලක පැටලිලා වීල් චෙයාර් එක්කම මම බිමට වැටුණා..
YOU ARE READING
දෙහදක කඳුලු [Completed]✅
Fanfictionආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරොත්..... නෑ උඹට මගෙන් සමාවක් නෑ රාද්.. 💔