15📖️

7.1K 1K 1K
                                    


පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතර කල
පෙම්වත්වී ගෙවූසුයාමයත් ඒද මතකෙට
නෑසේවා බිඳක් බිඳී සැලෙයි සුසුම් ද සිර කල
නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම......

.

.

.

.

ස්කෝලෙ ඇරිලා වෙනදාට වැඩිය වේලාසනින් ගෙදර යන්න ගිය මං දෙපැත්ත බලලා පාර මාරු වෙන්න හැදුවේ පාරෙන් එහා පැත්තෙ තිබුණ කඩේට යන්න හිතාගෙන උනාත් ඒත් එක්කම ආපු බයික් එකක් මගේ ඉස්සරහින් නතර කරේ මාව ගැස්සිලා යද්දී..

ඇඟටමයි එන්නෙ..

පාරෙ තව මිනිස්සු යනවා කියලා මේ මෝඩයොන්ට තේරෙන්නෙ නැද්ද මන්දා..

බයික්කාරයාට රවාගෙන මම යන්න ගියාත් එකසැරේටම එයා මගේ වැලමිට ළගින් ඇදලා ගත්තෙ දාගෙන ඉදපු හෙල්මට් එක ගලවන අතරේ..

"කොහෙද පැනලා යන්න හදන්නේ ආ.."

"රාද්..?"

වෙනදාට එන බයික් එක නොවුන නිසා මට එයාව අඳුරගන්න බැරි වෙද්දී මම එයා දිහා පුදුමයෙන් බැලුවා..

"ඔයා බයික් එක මාරු කරාද.."

"නෑ.."

"එතකොට මේක.."

"මගේ.."

එයා ආඩම්බරෙන් කිව්වේඇස් දිලිසෙද්දී..

රාද් බයික් වලට කැමති වගේ..

"මේකත් සීයා අරන් දීපු එකක්ද.."

"කොහොමද හරියටම කිව්වෙ.."

"අම්මායි තාත්තායි ඔයාව හුරතල් කරන්නෙ නෑ කියලා ඔයා කලින් කියපු දේවල් වලින් තේරෙනවා.. සීයා තමයි මෙයාව මුරණ්ඩු කරලා තියෙන්නේ.."

දෙහදක කඳුලු [Completed]✅Donde viven las historias. Descúbrelo ahora