මේ අනන්ත රාත්රියේ
සඳේ නුඹ කොහේ
තාරකා කියන්නකෝ
නිදන්නෙ ඈ කොහේ
අඳුරේ ගිලී නොපෙනී ගියේ
සුසුමයිලු මා ඇගේ
යුග නෙත් මගේ කඳුලින් තෙමී
තනිවේද මා අනේ........
.
.
.
"රාද්.."
වාඩි වෙලා ඉදපු පුටුවෙන් නැගිටපු මම තොල් මැතිරුවෙ එයාගෙ ඔලුවෙ ඉදන් කකුල් දෙකට යනකම් බැල්මක් දෙන ගමන්..
දෙයියනේ මේ කොල්ලාට පිස්සුද..
එක අතකින් මෙතුල්ව අල්ලගෙන අනිත් අතින් චූටි කෙල්ලව වඩන් ඉදපු එයා ඇඳගෙන ඉඳියෙ කෙල්ලෙක් වගේ වෙද්දී ඒ හැමදේකටම වැඩිය මගේ අවදානෙ ගියේ එයාගෙ බඩට..
මේකා බඩට කොට්ටයක් බැඳගෙනද කොහෙද..
"තාත්ති.."
ඒත් එක්කම මෙතුල් මට තාත්ති කියාගෙන දුවන් ඇවිත් කකුලෙ එල්ලෙද්දී නිශානිගෙ කට කොනේ හිනාවක් ඇඳුනාත් එයාගෙ අම්මායි තාත්තායි පුදුම වෙලා අපි දිහා බලන් ඉඳියා..
"මෙතූ.."
මම බය වෙලා වගේ මෙතූ දිහා බලද්දී කොල්ලා කාටත් නොපෙනෙන්න මට ඇහැක් ගැහුවෙ කෙල්ලෙක් විදිහට ඇඳගෙන ඉදපු රාද් දිහා බලලා මම එයාට රවද්දී..
"ඇයි විනුල් ඔයා මටයි මගේ දරු පැටව්න්ටයි මෙහෙම කරන්නෙ.."
මොන මඟුලක්ද .. මෙයාට කෙල්ලෙක් වගේ කටහඬ වෙනස් කරන්නත් පුලුවන් ද..
"අවුරුදු දහ අටක අපේ ආදරේට මෙහෙම පයින් ගහන්න එපා සුදු මහත්තයා.."
"කේන්දර ගැළපෙන්නෙ නැ කියලා ඔයා මාව බඳින්න බෑ කිව්වා.. ඒ උනාට මගේ බඩට දරුවෝ තුන් දෙනෙක්ම දුන්නා.."
රාද්ගෙ කටින් පිටවෙන වචනයක් වචනයක් ගානෙ මට වහ කන්න හිතුණා..
VOUS LISEZ
දෙහදක කඳුලු [Completed]✅
Fanfictionආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරොත්..... නෑ උඹට මගෙන් සමාවක් නෑ රාද්.. 💔