13📖️

5.9K 1K 1K
                                    

නුඹ නොඑනවා නම්
මට කියනවා නම්
විඳි වේදනා හමුවේ
නොසැලී හිඳින්නම්
හිත රිදෙනවා නම්
විමසන්නෙ නෑ මං
නුඹ කීව කාරණාවන්
මා ඉවසා ගන්නම්....

කඳුලක් වූ මතක
යලි පාරන්නෙ ඇයි ලං වී
මා වින්ඳ ආදරේ මියැදී ගිහින්........

.

.

.

.

"තා..තා..ත්ති.."

"ම්ම්...."

"තාත්ති නෙමෙයි මේ බාප්පි.."

"බා... බාපී... බාපී දෝ දෝ.."

"කෑගහන්න එපා නංගි.. බාප්පි දොයිනෙ.. එන්න අපි යමු.."

"බා.. බා.. බාපී ඕන.."

රෑ තිස්සෙ හොඳට ගහලා එලිවෙන පාන්දර නිදාගත්ත මට ඇහැරුනේ මෙතූගෙයි චූටි කෙල්ලගෙයි කටහඬින් වෙද්දී හෙමිට ඇස් ඇරපු මම මගේ ඇඳට උඩ ඉඳන් කියවන අයියායි නංගියි දිහා බැලුවා..

මෙතුල්ට දැන් අවුරුදු දහයක් වෙද්දී පොඩි කෙල්ලට යන්තම් අවුරුදු තුනයි..

කෙල්ලගෙ නම විනුලි තිශාක්‍යා..

මොන හේතුවක් නිසා හරි අයියා කෙල්ලට විනුලි කියන නම දෙද්දී මම තිශාක්‍යා කියලා නම දුන්නා..

ඒ නිසාම පොඩි එකීව දකින වාරයක් ගානෙ මට මගෙ විනූව මතක් වුණා..

"බාපී.."

"ම්.. ගුඩ්මෝනින් ප්‍රින්සස්.."

මං එහෙම්මම අනිත් පැත්ත හැරෙද්දී කෙල්ල මගේ තුරුලට පැ⁣න්නෙ මම හිනාවෙලා එයාගෙ කම්මුල් දෙක ඉඹලා තුරුලු කරගනිද්දී..

"බාපී.. විනූ දෝ.."

"නිදිමතයි ද මගේ චූටි කෙල්ලට ආ.. එහෙනම් ඔහොම දොයියන්නකො.."

කෙල්ල ඇස් දෙක පොඩි කරන ගමන් දෝමතයි කියද්දී මම එයාව මගේ ඇඟ උඩින් දිගා කරගෙන හෙමින් පස්සට තට්ටු කරා..

මම ගෙදර ඉන්නවා නම් පොඩි එකී එදාට අනිවාර්යයෙන්ම මාව හොයන් ඇවිත් මගෙ ඇඟ උඩ නිදියනවා..

දෙහදක කඳුලු [Completed]✅Hikayelerin yaşadığı yer. Şimdi keşfedin