හීනයක් නොවනා තැනක
නුඹ ආදරේ සඟවා..
හේතුවක් නොවනා දිනක්
මා හද ඉකිබිඳලා..
ගෙවුන අතීතෙක නුඹේ කතා.. ඇසෙනවා මෙදා..
නෙහෙලූ වදන් ඔහේ පාවෙලා ගියා....
.
.
.
"මෙතුල්.."
"මෙතූ.."
මෙතුල් කකුල පැටලිලා බිම වැටෙනවා දැකපු මට වගේම විනූටත් කෑගැහෙද්දි මං ඉක්මනට පොඩ්ඩා ගාවට දුවලා ගිහින් එයාව නැගිට්ටුවාත් බිම තිබුණ ගල් වල ඇනිලා කොල්ලාගෙ දණහිස් දෙකම තුවාල වෙලා තිබුණා..
ඒත් කොල්ලාට ඒ ගැන වගක් තිබුණේ නැහැ..
එයා බලන් ඉඳියෙ විනුල් දිහා..
"සු..දු බා..ප්පි.."
මෙතුල්ගෙ කටහඬ බිඳිලා යද්දී මං බලාගෙන ඉඳිද්දීම ඒ ඇස් වල කඳුලු පිරුණා වගේම තුවාල ගැනවත් වගක් නැතුව කොල්ලා දුවලා ගිහින් විනුල්ට තුරුලු වුණා..
"මෙතූ.."
"ඇයි මෙතූව දාලා ගියේ.. සර් එනකන් මං බලන් ඉඳියානෙ.."
"මගෙ පුතූ.."
"මට සමාවෙයන් රත්තරන්.. ඔයාගෙ සර්ට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ.."
විනුල් මෙතූව තුරුලු කරන් එයාගෙ හිස් මුදුනට හාදු තිබ්බා.. ආයෙත් එයාව තුරුලෙන් මෑත් කරලා පොඩ්ඩාගෙ කඳුලු පිරුණු කම්මුල් අත් දෙකෙන්ම පිහදාලා මාරුවෙන් මාරුවට කම්මුල් දෙක කිස් කරා..
එතනින් එහා විනාඩි දෙක තුනක් යනකම් සර්ගෙයි ගෝලයාගෙයි කඳුලු වලට ඉඩ වෙන් වෙද්දී කලිසම් සාක්කු වලට අත් දාගෙන මං එයාලා දිහා බලන් ඉඳියා..
තාත්තායි පුතායි වගේ..
හිතට ආපු ඒ සිතුවිල්ලත් එක්ක මගේ මූණෙ ඇඳුනෙ හිනාවක්..
"දෙන්නාත් එක්ක අඬලා ඉවර නම් දැන්වත් යමුද කකුලට බෙහෙත් දාගන්න.."
YOU ARE READING
දෙහදක කඳුලු [Completed]✅
Fanfictionආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරොත්..... නෑ උඹට මගෙන් සමාවක් නෑ රාද්.. 💔