මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
මෙහිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්.....
.
.
.
.
.
"විනුල්.. ඔයා අද බස් එකේද.."
බස් එකක් එනකක් හෝල්ට් එක වෙලා ඉදපු මගෙ එහා පැත්තෙන් ඇවිත් විහඟි හිටගනිද්දී මම එයාට හිනාවක් දුන්නා..
"ඔව් විහඟි.. අද තාත්තාට ක්ලාස් එකක්නෙ.."
"අපරාදෙ.. හැමදාම දයාන් සර්ගෙ කාර් එකේ යන්න බලාගෙන ඉන්නෙ නැතුව ඔයාටත් තියෙන්නේ බයික් එකක්වත් ගන්න.. එහෙනම් මෙහෙම බස් වල රස්තියාදු වෙන්න ඕන නෑනෙ.."
"අම්මා කැමති නෑ විහඟි.."
මම කිව්වෙ බොරුත් නෙමෙයි..
මගේ කේන්දරේ තියෙනවාලු මට වාහන වලින් ජීවිත අනතුරක් වෙන්න පුලුවන් කියලා..
ඒ නිසා කොච්චර ලොකු උනාත් අම්මා තාත්තා දෙන්නාම මට බයික් එකක්වත් අරගන්න දුන්නෙ නෑ වගේම හදිසියකටවත් ගෙදර තියෙන තාත්තාගෙ කාර් එකවත් පදින්න දුන්නෙ නැහැ..
අනේ මන්දා ඉතිං ඕවා ඇත්තද බොරුද කියන්න නම්.. මොනවා උනාත් ඒ දෙන්නාට ඉන්න එකම ළමයා මම නිසා මම කැමති උනේ නැහැ එයාලාගෙ හිත රිදවලා එයාලට දුකක් දෙන්න..
"මොකක්ද අනේ.. ඔයා හිතාගෙන ඉන්නෙ හැමදාම අම්මා තාත්තාගෙ පදේට නටන්න ද.. කවදාහරි මැරි කරාම ඔයාගෙ වයිෆ් නම් ඕවාට කැමති වෙන එකක් නෑ.."
මගෙ වයිෆ් කැමති උනාත් නැතත් එයාට අදාල නෑනෙ.. මූණට එහෙම කියන්න බැරිකමට මට කටපියාගත්තා..
නොපෙන්නුවාට මොකද විහඟිත් වෙලාවකට මට හිසරදයක්..
ඒත් ඉතිං අලුතින් ආපු මට ස්කෝලෙ ඇතුලෙ හිතවත් කෙනෙක්ට ඉන්නෙ එයා විතරක් නිසා මම එයාව තරහා කරගන්න අදිමදි කරා..
BINABASA MO ANG
දෙහදක කඳුලු [Completed]✅
Fanfictionආදරේට විහිලු කරාට විහිලුවට ආදරේ කරොත්..... නෑ උඹට මගෙන් සමාවක් නෑ රාද්.. 💔