"මතක මන්දිර තනා ..
කීව ඒ රස කතා
පන්තියේ පෙම නිසා ..
තාම මං තනි වෙලා .."තාමත් ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරන් මාවම පාර පාර අහන සුපුරුදු සින්දුව නිසා හැමදාම වගේ මගෙ තොල් අතරට නිවිච්ච හිනාවක් ආවා .. ඔව් උබව මතක් වෙන වාරයක් වාරයක් ගානේ මට හිතෙනවා මම කරේ හරිම දේ කියලා .. උබට ආදරේ කරපු එක කවදාවත් වරදක් නෙවේ මගෙ ධනූර්...උබව තෝරගත්ත එක වරදක් නෙවේ .. උබට මගෙ හැමදේම දුන්න එක වරදක් නෙවේ .. අනිත් අතට උබව මම අතෑරපු එකත් වරදක් නෙවේ ධනූර් ...
ෆෝන් එක අතට අරන් සින්දුව ඕෆ් කරපු මම කා එක අයිනෙන් නතර කරලා බ්ලෙසර් එක පිටිපස්සෙ ශීට් එකට විසික් කරලා කා එකෙන් බැහැලා කා එක ලොක් කරා .. උඩ පේන පුංචි ගෙදර දිහා බලලා හිනා වුන මම ඒ පඩිපෙල නගින්න පටන් ගත්තත් මගෙ ඇස් ගැටුනෙ පුංචි පැටව් දෙන්නෙක්...."අප්පච්චී.... අනී එන්නකූ ... අදීට බඩගිනී .. ම්හුක්... අප්පච්චියෝ ... අනී එන්නකූ ....
"අදී... අඩන්න එපානෙ .. කො එන්නකූ මං ගාවට .. අප්පච්චියා ඉක්මනට එයිනෙ ...
"සදී ... අප්පච්චීයා කෝද ගියේ ??? අපිව දාලා ගීද .?? අම්මියා වගේ ... ම්හූ...
"පුතූලා .. මොකද මේ පිල් ගැට්ටෙ ඉදගෙන කරන්නෙ ම්හ් ...
ගැලවෙච්ච පිල් කන්ඩියෙ ඉදගෙන අඩන පුංචි කොල්ලා අදී... ඒ පුංචි කොල්ලව ඔඩොක්කුවෙ තියාන ඉන්න ලොක්කා සදී.. අදීශ , සදීශ නිවුන්නු වුනාට දෙන්නට දෙන්නා ලංගින්වත් තියන්න බැරි තරම් වෙනස් පර්සනැලිටි එකක් දෙන්නට තිබ්බෙ .. අදී හරී අහිංසක කොල්ලෙක් වෙද්දී සදී ධනූර් වගේම හිතුවක්කාර මුරන්ඩු දඩබ්බර කොල්ලෙක් .. ඒත් දෙන්නට දෙන්නා පණ ඇරලා හරියට එදා පුංචි සානූ හිතුවක්කාර ධනූර්ව විතරක්ම විශ්වාස කරා ආදරේ කරා වගෙ..
"පුතූලා වැස්සක් එන්න හදන්නෙ රත්තරනේ .. එන්නකො අපි ඇතුලට යමු .. අප්පච්චි කෝ ..
සදීගේ ඔඩොක්කුවෙ හිටිය අදීව වඩා ගන්න ගමන් මම සදීශ දිහා බලාගෙන අහද්දි කොල්ලා ලාවට හිනාවක් දීලා සාලෙ ලයිට් එක දැම්මා... මේ කොල්ලො දෙන්නා වැස්සක් අත ලග තියලා තනියම පාළු ගෙදරක දාලා යන්න මේ මිනිහට පිස්සුද යකෝ ...

YOU ARE READING
මතක මන්දිර
Non-Fiction"ආදරේ අතෑරෙන්නෙ අල්ල ගත්ත හිත් බිදුනහම බං එහෙම බලද්දි උබ වැරදි නෑ... උබ ආදරේ කරා .. මාත් ආදරේ කරා .. ඒත් උබට මං ඕන තැන මම මාව අතෑරියා .. ඉතින් මතක කොච්චර ලස්සන වුනත් උබත් එක්ක මටත් නැති මාත් එක්ක මම තනි වුනා ..." ඉතින් අත්හැරුණු හිත්වල ආදරේ අවුන්ස...