chapter 08

1 0 0
                                    

මම හිටියෙ උදේට අරන් ආපු කෑම එක දිග ඇරන් .. කස්සා උදේම රවුන්ඩ් ගියා ..  ඉතින් මම තනියම කන්න හිතා ගත්තා මොකද ඔකා දැන් ආවත් කන්නෑ ඊයේ රෑටත් නැති නිසා මට බඩගිනී  .. උදේම කස්සා එක්ක ස්කෝලෙට ආවේ ඊයේ රෑ වුන දේවල් ගැනත් මොනවා හරි දැනගන්න පුළුවන් වෙයි කියලා වුනත් බලු බල්ලෙක් නෑ අපි එද්දි..

"අම්මට උබ කනවද සගෝ .. ගුඩ් මෝනින්...

චතුරයා ෆිෆ්‍රෙක්ට් රූම් එකට කඩා පනිද්දි මම ඌ දිහා බැලුවා.. මූ මොකද මේ බොටම් ඇදන් ..

"මොනිම් මොනිම්.. උබ ඔහොම ඇයි ඇදගෙන.. ක්‍රිකට් ප්‍රැක්ටිස්ද උදෙන්ම ..

මම අහද්දි මූ මොනාද මන්දා ෆයිල් එකක් බෑග් එක අවුස්සලා අරන් මගෙ ලගට ආවා ..

"නෑ බං.. අද අර ශ්‍රමදානෙට හතේ අටේ කොල්ලො ටික එක්ක යනවා .. ඒකයි..

චතුරයා කියද්දි මම ඔලුව හොල්ලලා බත් කටක් අනන්න ගත්තත් ..

"අම්මට සහස් අයියා කනෝ ..

අනේ මට කන්න දීපියව් .. ඒ පාර පිවිරුවා නිස්සා එක්ක ඇතුලට එද්දි මම ඇයි කියලා අහන්න ගියත් ඊලගට ආව රහියා එක්ක උන් සැලියුට් එකක් දාන් කැබින් එකට ගියා ..
චතුරයා එහෙමම එලියට ගියා ..

"හරි සර් ... හරි මම බලන්නම්.. ඕකේ සර් ...

තව කවුරු හරි කතා කරනවා ඇහෙද්දි මම බත් කට කටට දා ගත්තා .. නැත්තං කන්න නෙවේ වෙන්නෙ ..

"ගවියා මගෙ බෑග් එකේ ඇති ගනින් ..

"කොහෙද??

"ඇතුළෙ යකෝ ..

ඒ පාර ගවියා ඇවිත් ධනූර්ගෙ බෑග් එක අදිද්දි මම ඒ දිහා බලාගෙන හිටියා.. මුන්ට තියෙන වැඩ .. මේ අස්සෙ මම නිකන් කාලකන්නියා වගේ කනවා අප්පා...

"නෑ බං ...

"උබට මම.... සු...සහස්...

ධනූර්ට මම රවපු පාර ඌ ලාවට හිනා වෙලා බෑග් එක ගාවට ගිහින් අරූගෙ ඔලුවට එකක් ගැහුවා ..

"ආ මේ තියෙන්නෙ අරන් පල .. ගොනා..

"උබ එන්නෑ ..

" එන්නම් .. පලයන්...

ධනූර් එහෙම කියලා ගවියව යවද්දි මම තව බත් කටක්  කෑවා .. මොකුත් වැඩිය නෑ බං උදේ පරිප්පුවක් හදලා සොසේජස් හතරක් තෙල් දාලා පපඩම් බැද්දා.. දැට්ස් ඊසී..

මතක මන්දිර Where stories live. Discover now