මිස්සක පන්තියට යන විට මෛත්රී ඔහුගේ අසුන වෙත ගොස් මහ හඬින් කෑ ගසමින් සිටියේ ය..
"යකෝ මෙතන 6 ඉදලා හිටපු එකාගේ පුටුව අරන අලුතින් අපු හිපාටුවන්ට දෙන්න තරම් මේකේ ඉන්න උන්ට කොන්දක් නැද්ද "
බලපන් මිස්සක උබේ පුටුව අර අලුත් උන් දාපු පන්කියට අරන් යන්න හැදුවේ මම තියා ගත්තා"
මෛත්රී මා එනු දුටු පසු කෑ ගැසිමට හේතු පැවැසුවේ ය..
සාමන්ය පෙළ ප්රතිඵල පැමිණිපසු අලුත් පාසල් වාරයේ 12 වසර නව පන්ති ආරම්භය නිසා අලුත් ළමයි ඇවිත් පන්තියේ ඩෙස්පුටු මදි නිසා මගේ පුටුවත් අරන් යන්න ලැස්ති වෙලා ඒකට තමයි මෛත්රී ට තදවෙලා කෑ ගහන්නේ..
"අනේ මෛත්රී කෑ ගහන්න එපා මම හිතුවේ අද මිස්සක එන්නේ නැතිවෙයි කියලා හෙට වෙනතොට අලුත් ඩෙස් ගේනවා කියලා ලොකු සර් කිවිවා ඒකයි මේ පුටුව ගත්තේ "පන්ති නාය්කාව වන ගෝතමි කියන්නට විය මම ඇයට පිටට තට්ටුවක් දමා ගනන් නොගන්නා ලෙස දැනුම් දී මෛත්රී වෙත ගොස් කරට අත දමා
"යමං එළියට" කියා ඔහු සමඟ කොරිඩෝවට ගියේ කාලයකින් ඉස්කෝලේ ආපු නිසා දැනුණු නැවුම් බව විදන්නටය
විදුහලට ඉගෙන ගන්න පැමිණියේ කාලයකට පසු බැවින් පාසල පුරා ඇවිද බලන්නට මිස්සකට සිත් විය මෛත්රී සමඟ ඔහු පාසලේ ඉලක්කයක් නොමැතිව ඇවිද ගියේ එබැවිනි,අලුත් උසස්පෙළ පන්තියක් ආරම්භය බැවින් විදුහල් පති,ඇතුලු ගුරු වරු කාර්ය බහුල වී ඇති නිසා මිස්සකට හෝ මෛත්රී බාදා කරන්නට කිසිවෙක් නොවිය
