Chapter 1 🖤

128 13 4
                                    

━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━

                 අනේ එයාට කරදර කරන්න එපා. එයාව අත අරින්න. ඔයාට මොනවද ඕනේ. Please අපිට ඉන්න දෙන්න ඔයාට ඕනෙ මාවනේ එයාට යන්න දෙන්න. අනේ Omma aaaaa............ ආයෙත් ඒ හීනෙමයි. ඇයි මට මේක හැමදාම පේන්නේ. ඒක කවදාවත් ඇත්තක් නම් වෙන්න එපා. මම දැන් ටික කාලෙක ඉඳං එකම හීනයක් දකිනවා ඒක මගේ හිතට ගොඩක් වද දෙනවා. මේ හීනෙ නිසා මාව දැන් හීනෙන් බය වෙලා හැමදාම නැගීට්ටෙනවා.

                 ඔයාලා බලනවා ඇති මම කවුද කියලා මම Lee Reza. වයස 24 යි. University එකෙන් Out උනේ මේ අවුරුද්දේ. දැන් Part Time Job එකක් කරලා තමයී ජීවත් වෙන්නේ. මගේ Appa පොහොසත් කෙනෙක්, ඒත් Appa මගේ Ommaව දාලා ගිහිල්ලා දැන් ගොඩක් කල් වෙනවා හරියටම බැලුවොත් මම පොඩිකාලේ තමයි එයා ගිහිල්ලා තියෙන්නේ. Appa ට දැන් වෙන පවුලක් ඉන්නවා. එයා අපිට සල්ලි එවනවා ඒත් අපේ මදි පාඩු හදාගන්න Omma එපා කිව්වත් මම Job එකක් කරනවා.

                 මට Appaගෙ ආදරේ ඕනේ උනත් එයාගෙන් මට ඒක ලැබුණේ නැහැ. Appa හිතන්නේ සල්ලි වලින් හැමදේම කරන්න පුළුවන් කියලා. ඒකයි එයා මට ලැබෙන්න ඕනෙ ආදරේ වෙනුවට සල්ලි ආදේශ කරන්නේ. තාත්තා කෙනෙකුගේ ආදරේ ඒ තරම් පහතට දානවට මම කැමති නැහැ. ඒක නිසා මම වැඩිය Appa එක්ක කතා කරන්නේ නැහැ. පුළුවන් තරම් මග අරින්න උත්සාහ කරනවා.

                 Omma නම් මට පොඩි කාලේ ඉඳලම මට ආදරය දුන්නා. කවදාවත් Appa නැති අඩුව දැනෙන්න දුන්නෙ නැහැ. එයා මට කියලා දුන්නා හැම කෙනෙකුටම හොඳින් සලකන්න. කවදාවත් වෛර කරන්න Omma මට කිව්වේ නැහැ. මම මට පුළුවන් විඳියට හැම කෙනෙකුටම උදවු කරනවා. හැමෝම එක්ක මම හොඳින් හිටියට. මට යාළුවෝ එහෙම හිටියේ අඩුවෙන්. සමහර යාළුවෝ හිටියා මම එයාලා ව හොඳම යාළුවෝ කියලා හිතුවට ඒ අය එහෙම හිතුවේ නැහැ. ගොඩක් අය කරේ මගේ හිත රිද්දපු එක. ඒ අය කොහොම මට රිද්දුවත් මම හැමොටම පේන්න රිදුනෙ නැහැ වගේ හිටියා. එහෙම ඉන්න එකත් එක්තරා ආකාරයක අමාරු දෙයක්.

                  හැමදාමත් මගේ දුක අහන්න මගේ ගාව එකම එක යාලුවෙක් හිටියා. එයා තමයී මම දුකින් ඉඳිද්දි මට හිනා නොවුන එකම කෙනා. එයාගෙ නම් Min Tharu. එයාට තියෙන්නේ හරිම හොඳ හදවතක්. දැන් මට ඉන්නේ එයා විතරයි යාලුවෙක් විඳියට. ඒත් Tharu වත් මට දැන් දවස් ගානකින් හම්බෙන්නනෙ බැරි උනා. මොකද මම ගෙදරින් එලියට යන්නේ අඩුවෙන්. මට බයයි මම රෑට දකින හීනෙ ඇත්ත වෙවී කියලා. Ommaට කරදරයක් වෙනවට මම කැමති නැහැ. මම මේක ගැන කාටවත් කියන්න ගියේ නැහැ අඩුම ommaට වත්. Ommaව බය කරන්න මට උවමනා වුණේ නැහැ සහ වෙන කෙනෙක්ට මේක කිව්වනම් මට අනිවාර්යයෙන්ම පිස්සු කියලා හිතෙනවා. කවුද විශ්වාස කරන්නේ vampires ලා ගැන.

𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞 𝐀𝐧𝐠𝐞𝐥 𝐋𝐨𝐯𝐞 𝐒𝐭𝐨𝐫𝐲Where stories live. Discover now