━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
එයා මගෙන් කොච්චර ඇහුවත් එවෙලේ උනේ මොකක්ද කියලා මට දෙන්න උත්තරයක් හොයාගන්න නැහැ. මම වත් දන්නේ නැතුව කොහොමද එයාට ඒ දේවල් ගැන කියන්නේ. මම මේක හිතින් හිතුව විතරයි කියන්න ගියේ නැහැ. කියන්න ගියානම් එයා තවත් දරුණු වෙන්න ඉඩ තියෙනවා.🎀 : අනේ please දැන් වත් යන්න දෙන්න කෝ. මට omma ගාවට යන්න ඕනේ ඉක්මනට 🥺.
Vampire Queen : ඔව් තමුසෙ කොහොමත් මෙහෙන් යන්න ඕනේ දැන්ම ම. ඒක නිසා ඉක්මනට එනවා යන්න.
🎀 : මම දන්නේ නැහැ මේ කොහෙද ඉන්නෙ කියලා වත් ඉතින් කොහොමද යන්නේ. අනේ මාව ගෙදර ගෙනියන්න කෝ. 🥺
Vampire Queen : තමුසෙ මම කවුරු කියලද හිතාගෙන ඉන්නේ.? 🤨
🎀 : ඔයා vampires ලගෙ රැජින හරිනෙ. ඔයා ඉස්සර වෙලා යන්න මම ඔයාගෙ පස්සෙන් ඇවිද ගෙන එන්නම්. එතකොට හරි නෙ. අනේ එක්කන් යන්න කෝ.... please......
Vampire Queen : එහෙනම් එනවා යන්න.? හැබයි වචනයක් වත් කියන්න එපා. තේරෙනව ඇතිනෙ? 🤨
මම කොච්චර යන්න දෙන්න කියලා කලින් කිව්වත් එයා මට යන්න දුන්නෙම නැහැ. ඒත් ටිකකින් මට මෙහෙ ඉන්න එපා කියලා ඉක්මනට යන්න කිව්වා. මට හිතාගන්න බැහැ මොකක්ද ඒ උනේ කියලා. පුදුමයි එයා මට යන්න දෙනව කිව්වා එක. ඒත් ප්රශ්නයක් තියනවා අඩුම මම මේ ඉන්නෙ කොහෙද කියලා වත් නොදැන කොහොමද ගෙදර යන්නෙ. දැන් රෑ ද, දවල් ද කියලා කිසිම දෙයක් දන්නේ නැහැ. දැන් රෑ නම් මම කොහොමද යන්නේ. ඉන්න තැන හරිය ටම නොදන්නවා වුනාට මේ ඉන්නේ තහනම් වනාන්තරයේ ඇතුලට වෙන්න කොහේ හරි තැනක කියලා දැනගෙන හිටියේ.
මිනිස්සු කවුරුත් පැත්ත පලාතේ යන්නෙ නැති, මිනිස් පුළුටක් හොයාගන්න වත් නැති තැනක රෑ වෙලා යනවා කියන එක කරන්න පුළුවන් දෙයක ද? දවල් උනත් වෙනසක් නෑ. මොකද තහනම් වනාන්තරයේ ඇතුලෙ දවල් රෑ දෙකම එක වගේ නිසා. ලොකු රූස්ස ගස් වැවිලා තියෙන නිසා වනාන්තරයේ ඇතුලට හිරු එළිය යන්නෙ අඩුවෙන් අඩුවෙන් කියන්නේ යන්නෙම නැති තරම්. ඒක නිසා දවල් උනත් ඒක ඇතුලෙ භයානක කම් ඒ විඳියටම තියනවා.මම හිතන්නේ නැහැ මිනිස්සුන්ට තහනම් වනාන්තරය ගැන තියෙන භයට මැරෙන්න වත් එකේ ඇතුලට යාවි කියලා. ඒකයි මම කියන්නේ තනියම යන්න බැහැ කියලා.
YOU ARE READING
𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞 𝐀𝐧𝐠𝐞𝐥 𝐋𝐨𝐯𝐞 𝐒𝐭𝐨𝐫𝐲
VampireAngel කෙනෙකුගේ ආත්මයක් සහිත ගැහැණු ලමයෙක්. ඇය ගෙ රුධිරය පානය කර බලය ලබා ගැනීමට පැමිණි vampire කෙනෙක්. ඔවුන් එකිනෙකාට වෛර කර ද කාලයාගේ ඇවෑමෙන් එම වෛරය ආදරයක ට හැර වෙයි. එලෙස වෛරය ක් ආදරයක ට හැරවීමට හැකිද. ඔවුන් ට එම ආදරය දිනාගත හැකි වේවිද. කුමන ආකාරය...