━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━━
දැන් කරන්න වැඩකුත් නැති එකේ omma ට Call එකක් අරගෙන බලනවා එයාට කොහොමද දන්නේ නැහැ. Tharu එක්ක මොනවා කරනවද දන්නෙ කවුද. ඕකා අනිවාර්යයෙන්ම මගේ නම්බුව omma ඉස්සරහ කාලා ඇති. ෂික් දැන් omma ගෙදර ආවම මට විසුමක් වෙන්නේ නැහැ...........සාර්ථක ලෙස දැන් මගේ සිහියට අනුව phone එක දාපු තැනවත් මෙලෝ මතකයක් නැහැ ඉතින් මම බොහෝ අමාරුවෙන් අස්සක තිබිලා phone එකත් හොයාගෙන Tharu ට Call එකක් අරගෙන answer කරනකම් බලාගෙන හිටියා. ඒත් මේකා නෙමෙයි කොච්චර Rings ගියත් phone එක answer කරේ. අනිවාර්යයෙන්ම ඕකා හොඳට ඔලුවේ ඉඳන් රෙදි පෙරවගෙන නිදි ඇති. එයාට ඉතින් නින්ද තරම් වටින දෙයක් තවත් නැහැ නේ. අනික ඉතින් ඇත්තටම කොහොමත් අනිත් අය මේ වෙද්දි නිදියන්නවා මම තමයී බකමූණ වගේ ඇහැරිලා ඉන්නේ. එක පාරක් answer නොකරට මොකද අපි එහෙම එක පාරින් සැලෙන්නේ නැහැ නේ. ඒක නිසා Tharu phone එක උස්සනකම් මම එයාට Call කරා. අන්තිමට Calls දහයකට කිට්ටු වෙන්න ගියාම answer කරා.
Tharu : මොකද යකෝ මේ මහ රෑ Call කරන්නේ. නිදාගන්න දෙන්නේ නැද්ද ?.
🎀 : මොන පිස්සු මේ කොහෙද ? මහ රෑ. තාම රෑ 10.00 ට විතර ඇති නේ.
Tharu : ඒත් කරන්න දෙයක් නැහැ. මේ මම සුවෙන් සැතැපෙන Time එක. උබත් අසරණ මට මනේ නිදාගන්න දෙන්නෙත් නැත්තේ. ඇත්තටම පුදුම තරහක් නේද තියෙන්නේ මගේ නින්දත් එක්ක.
🎀 : එහෙම තමයි. පොඩ්ඩක් නැගිටලා හිටියා කියලා මොකද වෙන්නේ. අපි නම් මේ හොඳ Fit එකේ ඉන්නවා. ඔහේ තමයී වැටුන වැටුන තැන නිදියන්නේ.
Tharu : හරි හරි. දැන් මගේ නම්බුව කාලා ඉවර නම් කියන්න බලන්න මොකද Call කරේ කියලා.
🎀 : omma ගැන අහන්න තමයී ඉතින් Call කරේ. කවුද දන්නේ ඔයා නිදි ඇති කියලා.
Tharu : හැමදාම ඕක ගැන අහන්න දෙයක් නෑ. Omma හොඳින් ඉන්නවා. අපි අද ඇවිදින්න Park එකටත් ගියා. තව ගෙදර ඉඳන් film එකක් එහෙම බැලුවා. දැන් නම් omma නිදි.
🎀 : එහෙනම් අවුලක් නැහැ. හොඳින් නම් එච්චරයි.
Tharu : මේ Reza ඔයා මොකක් හරි බයකින්ද ඉන්නේ. Omma මෙච්චර වද වෙන්නේ.
YOU ARE READING
𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞 𝐀𝐧𝐠𝐞𝐥 𝐋𝐨𝐯𝐞 𝐒𝐭𝐨𝐫𝐲
VampireAngel කෙනෙකුගේ ආත්මයක් සහිත ගැහැණු ලමයෙක්. ඇය ගෙ රුධිරය පානය කර බලය ලබා ගැනීමට පැමිණි vampire කෙනෙක්. ඔවුන් එකිනෙකාට වෛර කර ද කාලයාගේ ඇවෑමෙන් එම වෛරය ආදරයක ට හැර වෙයි. එලෙස වෛරය ක් ආදරයක ට හැරවීමට හැකිද. ඔවුන් ට එම ආදරය දිනාගත හැකි වේවිද. කුමන ආකාරය...