1

218 25 2
                                    

පාර දෙපැත්තට වෙන්න තිබුන යායක් උන විශාල ගල් දිහා බලාගෙන මන් කෙලින්ම අඇදුනේ ලුමිනාරා ගම්මානයට . ගල් අතරේ හැදිලා තිබුන සමහර මල් , නගරයෙදි ලොකු මිලකට ගත්තා මට හොදට මතකයි .

මේ සේරම පටන් ගත්තේ  මීට මාස කීපයකට කලින් . මට තෝරගන්න ලැබුන යුනිවසිටි අතරින් මන් තෝරගත්තේ ලුමිනාරා ගම්මානයටම අයිති උන විලෝ යුනිවසිටි එක.

මොකක්දෝ විශේශයකට මෙතනට එන හැම කෙනෙක්ම ඒ ගම හිතාගන්න බැරි තරන් සුන්දරයි වගේම අත්බූතයි කියලා කියනවා . එත් කිසිම කෙනෙක් කිසි දෙයක් වීඩියෝ කරලා නෑ . අඩුම ලුමිනාරා ගම්මානයේ ජීවත් වෙන කෙනෙක්ගේ බ්ලොග් එකක් වත් මේ වෙනකන් එලියට අඇවිත් නෑ .

සමහරු කියනවා එහෙට ඉන්ටර්නෙට් නෑ කියලා .  සමහරු කියනවා " කියන්න බැරි දේවල් " තියෙනවා කියලා . තවත් සමහරු කියනවා ලුමිනාරා ගම්මානයේ ලස්සන දකින්න මාස හයක් එහෙ ජීවත් වෙන්න ඕන කියලත්  . ඔන්න ඔය හේතු නිසාමයි අම්මා අකමැති උනේ මන් කාත් කවුරුත් නැති නොදන්න ගමකට යනවට .

ඒත් ඉතිම් දයිවයට එක එක පාරවල් තියෙනවනේ . කොහොමින් කොහොම හරි තාත්තගේ මාර්ගෙන් ඉන්න තැනකුත් හොයාගන්න පුලුවන් උනා .

හෙඩ්ෆෝන් එක අස්සෙන් අඇහෙන යුෆෝරියා සින්දුව මොහොතකට නතර කරලා මන් හිටගත්තේ , විශාල පර්වත දෙකක් අතර තියෙන හිඩසක් ගාව .  පපුවටම බය දැනෙද්දි පන්ඩිත කමට  " මන් දැන් ලොකුයි අම්මා . මට තනියම යන්න පුලුවන් " කියන වචන පේලිය දහ පහලොස් වාරයක් අම්මට කිව්වා වගේ ලාවට මතක් උනා.

ලොකු හුස්මක් අරම් බය නැති වෙන්නම කිම් නම්ජූන් , කිම් සොක්ජින් , මින් යුන්ගි ,ජන් හෝසෝක් , පාර්ක් ජිමින්, කිම් ටේහ්‍යුන්ග් , ජන් ජන්කූක්.. බටස!  කියලා මහ හයියෙන් කෑ ගහන ගමන් ගල් දෙක අස්සෙන් වේගෙන් එලියට ආවා

දෙයියනේ !!


මන් දැකපු හීන වගේ !!! යාහ් !!!  .

මටම කෑ ගැහෙද්දි එතන එහාපැත්තේ පීච් ගහකින් ගෙඩි කඩ කඩ හිටිය ලස්සන ගැහැනු කෙනෙක් මන් දිහා බැලුවා . එයා අඇදන් හිටියේ ගවුමක් . ලා පාට කහ පාටක් උන ඒ ගවුමට යටින් සුදු අත් දිග ශර්ට් එකක් තිබුනා . මුලු ගවුමම ලේයර් තුනකින් සමන්විත වෙද්දි ඒ වයිබ් එකටම යන රෙදි කෑල්ලකින් කොන්ඩෙ රදවගෙන හිටියා . හරියට ස්කාෆ් එකක් වගේ ඒත් එහෙම නෙවේ .

ඉතින් මන් ඒත් එක්කම බැලුවේ මන් දිහා . Chunky sneakers  එක්ක මටත් වඩා ලොකු ඩෙනිමකුයි ඊට උඩින් හූඩි එක්කුයි දාගෙන  කොන්ඩෙත් කඩාගෙන හිටපු මාවයි ඒ ගැහැනු ලමයවයි එකට තිබ්බ නම් වෙනස්ම පර්සනැලිටි දෙකක් විදිහට පේනවා . අඩුම යුනි එකේ ලමයි වත් මන් වගේ අඇදගෙන අඇති න්-

" පොඩි මිස්ට කොහෙ හරි යන්න ඕනෙද ? " හිත හිතා ඉන්න අස්සේ එයා මැදින් පැන්නා .   එයත් මගේ වයස වගේ නේ . ඕන්නම් අවුරුද්දක් දෙකක් වැඩි අඇති .

" ම්.. ඔව් .. අහ් .. ම්.. මට මිස් කියන්න එපා . ම්.. ම් මෙන්න මේ අඇඩ්‍රස් එක හොයාගන්න උදව් වෙන්න . ප් පුලුවන් නම් "  introvert  කම හිස් මුදුනෙන් මල් පැලයක් හිටවලා තියෙනකොට වාක්‍යත් හික් වෙලා ගියා කියලා මටම දැනුනා

" ආ  මේ  .. අර උඩ පේන  පාලමෙන් ගියාම දුර ඉදලම පෙනේවි චෙරි ගහක් . අන්න ඒ ගහට ඉස්සරහා ගෙදර "  දුර පෙන්නලා එයා කියද්දි මන් ස්තූති කරේ එයා පාඩුවේ පීච් ගෙඩි වට්ටියක් වගේ එක්ක අහුරන අතරෙදියි.

දෙයියනේ අච්චර දුර . කෝකටත් කියලා මන් ෆෝන් එක එලියට අරගෙන ෆොටෝ එකක් ගත්තා  දුරීඉන් පේන පාලමේ. ඒත්

" ම්.. පුලුවන් නම් ගමේ ෆොටෝ ගන්නෙ නැතුව ඉන්න . ලුමිනාරා ගම්මානට වර්තමාන කාලයේ ඉන්න එක අගය කරනවා "

එයා එහෙම කියන ගමන් ඔලුව නමලා ආචාර කරලා ගියේ මගේ අතට පීච් ගෙඩියක් දෙන ගමන්මයි .  ඉතින් මන් විනාඩි පහක් එතන යකා ගැහුවා වගේ   හිටියා . ලුමිනාරා ගම්මානය මොනා කරනවා කිව්වා ?

කොහොම උනත් රෑ වෙන්න වෙන්න මටම කරදර නිසා මන්  අඩිය ඉක්මන් කරේ හරි පාර හොයාගන්න . හරියට සුරන්ගනා කතාවකින් ආවා වගේ උන ගම්මානයේ පුන්චි මූසල ගතියලුත් තිබුනා .

හිතුවට මේක ගමක් කියලා මහා විශාල ගෙවල් තිබුනා . ම්.. ඒ සේරම හදලා තියෙන්නේ ? පරන විදිහට ? එව් අඇයි ? . මන් දන්නෙ නෑ

තව  යන මගට මට රෙදි කඩ කීපයක් එක්කම රෙදි මහන අයවත්  හම්බ උනා . ඒ හැම කඩේකම මන් අඇදන් ඉන්නව වගේ අවුට්ෆිට්ස් තිබුනා . ඒත් හැම ගෑනු ලමයෙක්ම අඇදගෙන හිටියේ ගවුම් .

ඒක දැනෙද්දි මන් තවත් ටිකක් වේගෙන් ගමන් කරේ මාව එතනට සුදුසු නෑ කියලා තරමක් දැනුන නිසයි ..

TBC

ගෙහෙහේ . මන් ආවා . අයිම් බැක්. කොහොම හරි මේ කතාවේ ඉන්ට්‍රො එකක් නොදුන්න නිසා මන් මෙතන කියන්නම් . Jk කියන්නේ ගායකයෙක් .

කෝමත කියලා කියන් යම්න

Loonar Lantern | JJKWhere stories live. Discover now