මට දැනුන දුක එක්ක මන් දුවගෙන ආවේ මගේඑපුම්චි ගෙදරට . ජන්කූක් මාව හොයන් ආවත් මා පස්සෙ එන්නෙ නැති එකම තැන බාතෲම් එක නිසා මන් මහ හයියෙන් වේදනාව ඉවර වෙනකන් කෑ ගැහුවා .ශවර් එකෙන් ගලන් එන වතුර පාරේ සීතලට මාව චුට්ට චුට්ට වෙව්ලන්න ගද්දි මුලු කොන්ඩෙන්ම අඇදගන්න මන් පෙලබුනා .
" හ් හායූන් . චූබබා !! ඔ ඔයා ඉන්නවද ? " මගෙ ඉකිගැසීම් මැදින් නොචූගේ කටහඩ අඇහෙනකොට හිමීට ශවර් එක ඕෆ් කරපු වතුර පිරුන බේසමෙන් මන් දිහාම බැලුවා .
මේ මමද ? . මේ තරම් අවුල් වෙන්න පුලුවන්ද මට ? මොකද කරන්නේ ? ජන්කූක් දැනගත්තොත් මාත් එතන හිටියා කියලා ?
මට තේරුනේ නෑ .ඉතින් මන් කරේ මගේන්ම ගැලවිලා වැරිලා තිබුන කෙස් වල රටා හොයන එක විතරයි
" චූ බබා . ඔ ඔයාට කියන්න දෙයක් ත් තියෙනවා .. " ජන්කූක් බාතෲම් එකේ දොර ගාවට අඇවිත් කිව්වා . මන් දන්නවා ජන්කූක් . මන් දන්නවා ඔයා කියන්න යන දේ
" ක් කියන්න " පුන්චි කටහඩකින් මන් කිව්වේ අඇස් දෙක තදින් පියා ගන්න ගමන්.
" ඔ ඔම්මලා honour kill ක් ක කරයි මාව ..... " ඒ වචන එක්ක ජන්කූක්ගේ වෙව්ලන කටහඩ හිර වෙලා ගියා . ඒ අතරේ මන් දැනගෙන හිටියේ නෑ කොහොම උත්තර දෙන්නද කියලවත්.හැමදේම හීනයක් වෙන්න අඇති නේද ??
" ඔ ඔයාට එන්න පුලුවන්ද ? . අ අපි කොහේ හරි යමු . ම් මට සතුටු වෙන්න ඔනා . අ අනේ හායූන් .. මේදේ . මේදේ විතරක් කරන්න" ජන්කූක් මගෙන් මූන හන්ගන ගමන් කියද්දි මට බෑ කියලා පව්කාරියෙක් වෙන මට උවමනා උනේ නෑ . ඊටත් වඩා මගේ හිතත් රිදුම් දුන්නා හරියට මගේම කාව හරි මට නැති වෙන්න යනවා වගේ .
" අපි යමු " මන් ඒ වචන ටික කියනවා එක්කම එයා හරි වේගෙන් මාව අඇදගෙන ගියා කොහේ හරි . මන් තප්පරයකට කලින් සේවල රැකූන් එයාගේම නැට්ට එක්ක සෙල්ලම් කරනවා දැක්කට ඊලග තප්පරේ මන් හිටියේ මහ පාලු මූසල තැනක .
කවුරු හරි අඇහුවොත් එතන විස්තර කරන්න කියලා , මන් කියන්නෙ එතන වැහිබර දුබුරු පාටයි කියලා ..
මායි නොචූයි අතරේ තිබුනෙ නිහඩතාවයක් . ඒක සුවපහසු නිහඩතාවයක් නම් උනේ නෑ . දෙන්නම හිටියෙ තමන්ගේ ඉකි ගැසීම් හන්ගගන්න ගමන් . මට ඕන උනා නිහඩතාවය බිදින්න .. ඒත් ඒත් මොනවද මන් කියන්නෙ ?? .
" මන් මහ මෝඩයෙක් !" ජන්කූක් එකපාරටම කිව්වා ...
" අඇයි අඇයි එහෙම කියන්නෙ ?? "
" මන් හැමදාම නැති දේවල් හෙව්වා හායූන් . අත්තම්මා ඉද්දි අම්මලගේ ආදරේ හෙව්වා . ජීවත්ව ඉද්දි මාවම ශෙඩූල් වලට කොටු කරගත්තා . හැමදේම මීට වඩා විදින්න තිබුනා කියලා මට තේරෙන්නෙ දැන් හායූන් . මන් පසු තැවෙනවා අවශ්‍ය තාවයක් නැතුව නිදියපු හැම තප්පරයක් ගැනම . මන් පසුතැවෙනවා කම්මැලි කමට ෆෝන් යූස් කරපු හැම තප්පරයක් ගැනම . මන් පසුතැවෙනවා යාලුකම් හදාගන්න පසුබැසමු හැම මොහොතක්ම ගැන . මට බැරි උනා සතුටෙන් යන්න දෙන්න පුලුවන් ජීවිතයක් ගත කරන්න හායූන් .. මට බැරි උනා "
ජන්කූක් කියාගෙන ගියා . ඒ අතරේ මන් හිටියේ මොනව කියන්නද කියලා හිතන ගමනුයි .
" ඔයා දැන් කරන්නෙත් ඒක නොචූ..."
" ඔයා පසු තැවෙනවා මේ මොහොත විදින්නෙ නැතුව .. මේ ගමට ... මේ ගමට ආපු මුල්ම දවසේ එයාලා කිව්වා වර්තමානයේ ඉන්න එක අගයනවා කියලා . මට දැන් ඒක තේරෙනවා .. එදා මන් පීච් කෙල්ල එක්ක කතා නොකර GPS දාගත්ත නම් මට ලූනා ලන්තෑරුම හම්බ වෙන්නෙත් නෑ . ඔයාව හම්බ වෙන්නෙත් නෑ .. හැබැයි මන් පසුතැවෙන්නෙ නෑ ජන්කූක් . ඔයා පසු තැවෙන්නත් එපා . හරිම මොහොතේ හැමදේම අපිට තේරුනානේ "
මන් එහෙම කියලා එයා දිහා බැලුවේ ඒ මූනේ සන්සුන් බවක් දකින්න . ඒත් ...
TBC
මරන්නද එපාද ??
YOU ARE READING
Loonar Lantern | JJK
Fanfiction"යාහ් මොට්ට ජන්කූක් ! තමන්ගෙම ගෙදරට කුණු බිත්තර ගහන්න එපා යකොව්"