පන්සල කියන තැනට තිබුනේ හුගක් උඩක . සුදු පැහැයට හුරු පාලම ගාවින් බැහැලා ජල පාර දෙපැත්තෙන් උඩටම ගමන් කරද්දි පටු පාරක් හම්බ වෙනවා .
තියෙන ගස් කොලන් ගොඩ නිසාමද මන්දා පොලොව හරිම තෙතයි . ගල්පර වල පාසි පවා බැදිලා තිබුනා . එක දෙක කූඩැල්ලෝ ලේ සුවදට කෙලින් වෙලා ඉද්දි ජන්කූක් ,පොලොවට වඩා අඩියක් උඩින් පාවෙවී ගමන් කරා.
"චූ බබා අඇග සේදුවේ නැත්තම් කූඩැල්ලො නගින්නෙ නෑ නෙ.." එයා එහෙම කියන ගමන් ඉදිරියටම අඇදුනා
" ඒ අඇයි ? " මන් අඇහුවා
" අදි සාන්ද්‍රිත ලුනුනෙ ඉතින් " ජන්කූක් එහෙම කියන ගමන් ටකරමකට ගල්ගැහුවා වගේ හිනා වෙද්දි උන ලැජ්ජාව පැත්තකට ආදා මගේ තොල් අතරත් යන්තම් හිනාවක් අඇදිලා ගියේ මන් මැරෙනකන් මේ විහිලුවෙන් ගැලවෙන්න බෑ කියලා තේරුන නිසයි .
තෙත ගමන්මගේ යන මගට පොලොවෙ තැනින් තැන තිබුන පුන්චි ගොලුබෙලි කටු සුදු වගේම දම් පැහැයට හුරුවෙන් පෙනුනා . ඉස්සරහින් යන නොචූට නොකියම මන් ගොලුබෙලි කටු දෙකක් තුනක් අහුලගත්තේ ඒවට කරන්න ඕන හොදම වැඩේ මම දන්න නිසයි .
පටු පාර ඉවර වෙන තැනින් උඩට උඩට තිබුනේ පඩිපෙලක් . එතනින් උඩ පන්සල තිබුනා ..
ඒක මන් හිතුව විදිහේ පන්සලක් නෙවේ . පන්සලක් කිව්වට ඒක ගරා වැටුන ගොඩ නැගිල්ලක්. කිසිම කෙනෙක් නැති !
පැත්තකට වෙන්න තිබුන ඝාන්ටාරය එක්කම මුලු ගමම පැහැදිලිව , පන්සල කියන තැනට පෙනුනා . ඒ අතරෙදියි නොචූ මාව වෙන දිහාවකට හැරෙව්වේ.
"මොකක්ද ඒ ජන්කූක් ? " මන් අඇහුවා ." පෙටල් විල . ඒක තමයි පෙටල් විල " එයා එහෙම කියන ගමන් මන් දිහා බලලා අත දික් කරා.
මගේ අතත් අල්ලගෙන පරිස්සමෙන් පාසි පඩිපෙල් අගට අඇවිත් නෙලුමක් අරගෙන එයා යමක් පෙන්නුවා .
" හායූන් දැනන් හිටියද . උඩ පිපුන නෙලුම් මල් ආපහු වතුර අස්සට යැව්වොත් ඒක පොහොට්ටුවක් වෙනව කියලා ? " මන් දිහා බලාගෙන පොඩි යකෙ- එකෙක් වගේ එයා හිනා උනා . ම්
" මට මේ ගමම තේරෙන්නෙ නැ ජන්කූක් . නොචූ ගෙන්න ගන්න එපාලු . දැන් නොචූ අඇවිත් . හැම මනුස්සයෙක්ම පෙටල් විලටත් එනවා . බාහිර ලෝකෙනුත් වෙන් වෙලා වගේ .අනේ මන්දා " මන් එහෙම කියද්දි එයා එයාගේ මූන අහස දෙසට හැරෙව්වා .
" නොචූ නිසයි .. "
" නොචූ නිසයි මේ සේරම ! "
" නොචූ කියන්නෙ ඔයා නේ ? ඉතින් ඔයා කොහොමද මේවට මැදි උනේ ? " මන් අඇහුවා .නෑ ඉතින් . අවුරුද්දකට කලින් ගායකයෙක් උන එයාට මෙහෙම උනේ කෝමද . එතකොට ඒ අවුරුද්දෙද ගම වෙනස්-
" නොචූ කියන්නෙ මට විතරක් නෙවේ හායූන් . එයාලා නොචූ කියනවා කාටවත් මතක නැති ආත්මයන්ට . පෙටල් විලේදි මිනිස්සු ලූනාර් ලන්තෑරුම් යවනවා . අහසට යන හැම ලන්තෑරුමක් ම තමන්ට සපමීප ඒත් .මිය කෙනෙක්ව මතක් කරනවා. සමහරු කියනවා ඒ ඒ අය වෙන උපතකට ගිහින් නැත්තම් එයාලව මැවිලා පේනවා කියලත් .
ඒ සමහරුම කියනවා ඒ කෙනා කොහෙ හරි ඉපදිලා නම් අහසට යවන ලන්තෑරුම ගිනි ගන්නවා කියලත් . එතකොට වතුරෙ පා කරම නෙලුම් හැඩැති ලන්තෑරුම් , තමන්ගේ හිත පෙන්නනවලු . ඒත් කිසිම කෙනෙක් නොචූට ලන්තෑරුම් යවන්නෙ නෑ . එයාලා නොචූ ගැන දැනගන්නෙ කොහොමද නොචූ කියන්නෙ අමතක උන ආත්මයක් වෙද්දි ? ."
දිග කතාවක් කිව්ව නොචූ එයාගේ අඇස් ආපහු මගේ දිහාවට අරන් ආවා . මට පුදුමයි . අඇයි එයා තමන්ව කාටවත් මතක නෑ කියල හිතන්නෙ. එයාව මතක මිලියන ගානක් මිනිස්සු අඇති . අඇයි එයා එයාටම නොචූ කියාගන්නෙ . මාව ප්‍රශ්න වලින් පිරිලා ගියා
"ගමට පිටින් හුගක් මිනිස්සු එනවා හායූන් . නොචූව මතක තියාගන්න බැරි උන එක කෙනෙක්ටවත් නොචූ නිසා දකින සුන්දරත්වය මේ ගමෙන් පිටදි මතක හිටින්නෙ නෑ " එයා එහෙම කිව්වා
" ඒ කියන්නෙ කිසිම දෙයක් මතක නෑ? "
මන් එහෙම අහනවා එක්කම එයා ඔලුව වැනුවා . එදා රෑ වෙනකන් මන් එයාගෙන් ගම ගැන ඉගෙන ගත්තා . ඒත් කිසිම මොහොතක තමන් ගැන කියන්න එයා පෙලඹුනේ නෑ . මොන තරම් මිත්‍රශීලි ස්වබාවයක් එයාට තිබුනත් , විශ්වාස කරන්න ඕන අය තෝරගද්දි එයා සූක්ශමයි
TBC
අනේ කමා වෙන්න . මේ ටිකේ මන් කෝඩ් ටෙස්ට් කරනවද කෝඩ් මාව ටෙස්ට් කරනවද කියලා හිතාගන්න බෑ යකොව් .
අහම් ඉවසාගෙන සිටි සහ මේ ලබ්බ කියවන්න හිත පහල කරගත්ත කැරපොතු ජනතාවට ආ(දරෙයි)
YOU ARE READING
Loonar Lantern | JJK
Fanfiction"යාහ් මොට්ට ජන්කූක් ! තමන්ගෙම ගෙදරට කුණු බිත්තර ගහන්න එපා යකොව්"