මන් ගාවට ලන් උන ජන්කූක් මගේ අත එයා වටා ගෙනිච්චා . එයාව මට දැනෙන්නෙ නැති උනාට .ඒත් එයාව වෙව්ලවා කියලා මට හොදට පෙනුනාඅ.
" ඔ ඔයාට අඇහුනද ?? " ජන්කූක් ගේ වෙව්ලන කටහඩ කියද්දි මන් වටපිට බැලුවේ මොනව හරි දෙයක් තියෙනවද බලන්නයි . මොකද මට කිසිම දෙයක්-
" එ එයාලා !! නවත්තනවා ! මාව මරන්න එපා !! මාව මරන්න එපා !! " එක පාරටම ගැස්සුන ජන්කූක් තවත් ටිකක් මට තුරුලු වෙලා මහ හයියෙන් කෑ ගහද්දි මගේ අඇස් වලට ආයෙමත් කදුලු පිරුනා ..
කවදද මේ වේදනාව නවතින්නෙ . කවදද ??
" ශ්.. ශ්.. ජන්කූක් . කවුරුත් නෑ . කවුරුත් ඔයාව අරන් යන්නෙ නෑ " මන් හරි හිමින් කිව්වා
" ඒත් එ එයාලා . එයාලා එනවා මාව අරන් යන්න!!! "
මගේ කදුලු බින්දු එහෙම්මම ජන්කූක්ගේ මූනට වැටුනා . සැනින් එයා මගෙව් මූන දිහා බැලුවා . සීතල වෙලා වෙවලන තොල් එක්ක එයා මන් දිහා බලන් හිටියේ අඇයි අහන්න වගේ .
මට ඕන උනා නොචූව බේරගන්න හැම කරදරයකින්ම . පලිහක් වගේ එයාව රකින්න .. ඒත් මේ වෙන දේට මන් කොහොම මැදිහත් වෙන්නද . ෆෑන්ස් ලට කිව්වොත් මාව විශ්වාස කරාවිද ? මට ප්‍රශ්න ගොඩක් තිබුනා..
" please ජන්කූක් .. එයාලා ගැන හිතන්න එපා .. අපි අපි ගැන හිතන්න .. දැන් වෙන දේ ගැන හිතන්න . අපි ...අපි හැම දේම හොදින් කියලා මවාගමු " මට වෙන කියන්න්න දෙයක් නොතිබුනත් අඇස් දෙක තද කරගෙන ඔය වචන ටික එලියට දාගන්න මට පුලුවන් උනා .
" මට යන්න ඕනේ නෑ හායූන් . මට හැම දේම දාලා යන්න ඕනේ නෑ .. මේ පාටවල් , මේ ලස්සන ආයේ කිසිම දවසක විදින්න වෙන්නෙ නෑ කියලා මතක් වෙද්දි මාව බය වෙනවා හායූන් .. මට බයයි "
"එහෙනම් බය වෙන්න. බයවෙන්න ජන්කූක් .. ඒත් ඒ බයට මේ මොහොතත් ඔයාගෙන් උදුරගන්න දෙන්න එපා . හැමදේම තිබුන විදිහට වේවි "
සමහරක් විට මේක වෙන්න අඇති මරන බය කියන්නෙ . මට එහෙම හිතුනා. මන් කොහොමද ඔයාගේ වේදනාව අඩු කරන්නෙ ජන්කූක්. මන් කිව්වෙ බොරුවක් .. මොකුත් වෙන්නෙ නෑ කියලා මටවත් විශ්වාසයක් නෑ . පුලුවන් උනානම් ස්වබාවදර්මයට පිටින් යන්න , මන් ඔයාව බේරගෙන කූක් ..
පැය ගානක් එතන හිටියගෙන් පස්සෙ ජන්කූක්ම මාව දාලා යන්න ගියා . මට මුකුත් කියන්න බෑ . එයා අවුල් වෙලා ඉන්නෙ කියලා මන් හොදටම දන්නවා..
ඒ අතරේ මන් ආයෙමත් ගියේ ජන්කූක්ගේ ගෙවල් පැත්තට . අඩුම මට එයාගේ අම්මට මේ සිද්දිය කියාගන්න තිබ්බ නම් ...
මන් වේගෙන් එයාලගෙ ගෙදර පැත්තට යනකොට මන් දැක්කෙ පීච් කෙල්ල . එහෙමත් නැත්තම් නෝරා . ඒප්‍රන් එකක් එක්ක බිත්තර ට්‍රේ එක්කුත් තියාගෙන ජන්කූක්ගේ ගෙදර ඉස්සරහ එයා හිටියා .
" නෝරා .. ඔයා මොනවද මෙහෙ කරන්නෙ ? " ම්න් අඇහුවා
" මන් කප්කේක් හදන්න ආවේ හායූන් .. කොහොමද ඔයාට ? " එයා එහෙම අහනවා එක්කම එයාගේ බිත්තර ට්‍රේ එක මන් අතට ගත්තෙ හදිස්සියෙන්.
" මට ඔයාට කියන්න වෙලාවක් නෑ නෝරා . ප්ලීස් බිත්තර ට්‍රේ එක දෙන්න . ඒප්‍රන් එකත් එක්ක . එයාලා ඔයාව දැකලා නෑ නේ. මට ඒ ...මට ඒ ගැහැනු කෙනාට කියන්න දෙයක් තියෙනවා . අනේ ප්ලීස් . ප්‍රශ්න පස්සෙ අහන්න " මන් එහෙම කියන ගමන් ඉක්මනින් ඒප්‍රන් එකත් ගලවගෙන අඇදගත්තා ..
නිකමට හරි සැක හිර්හුනොත් කියලා ඔලුවත් පල්ලැහැට කරගන්න ගමන් මන් ජන්කූක්ගේ ගෙදර දොර ගාවට ආවා . කලින් හුරුවට එයාගේ කිචන් එක පැත්තෙන්ම අඇතුලු වෙද්දි මන් දැක්කේ ජන්කූක්ගේ අප්පා කියලා හිතන්න පුලුවන් කෙනෙක්ව .
" ස් සර් .. මැඩම් .. මට මැඩම්ට කියන්න දෙයක් තියෙනවා .. " මන් එහෙම කියද්දි එයා මන් දිහා බැලුවා ..
ඒ අතරෙදි ජන්කූක්ගේ මල්ලි එතනට ආවා .
"මොනවද මෙයා කියන්නෙ තාත්තා ? "
" අම්මව හම්බ වෙන්න ඕනේ කියන්නෙ .. මන් බලලා එන්නම් " වැඩිමහල් පිරිමි කෙනා ගෙදර අස්සට යද්දි මන් ජන්කූක්ගේ මල්ලිට එරෙව්වා . පොඩි වෙලාවක් මන් දිහා බලාහෙන හිටපු එයා , මගේ පැත්තට හිමින් හිමින් ආවා .
"තමුසෙ මොනව හරි දන්නවද ?" ඌ එහෙම මගෙන් අහද්දි මන් ගල් ගැහුනාඅ. මට තේරුනා නලලෙන් දාඩිය දාගෙන එනවත්..
එච්චරයි මට මතක වේදනාබර පාරක් එක්ක හැමදේම කලුවර වෙමින් තිබුනා . ඒ සැනින් ජන්කූක්ගේ මල්ලි උඩට දුවද්දි මට කරකියාගන්න දෙයක් නැති උනා .
ඉතින් අවසන් ශක්තියෙන් මගේම ඔලුවෙන් ගලන ලේ වලින් වචන කිහිපයක් බිත්තියේ ලියද්දිම ...
හැමදේම කලුවර උනා..
" give sm time fr ur son or u'll regre- "
TBC
YOU ARE READING
Loonar Lantern | JJK
Fanfiction"යාහ් මොට්ට ජන්කූක් ! තමන්ගෙම ගෙදරට කුණු බිත්තර ගහන්න එපා යකොව්"