ගතවුන අවුරුද්දක කාලය එක්ක හායුන් සංගීතයට සවන් දීම සම්පූර්ණයෙන්ම නතර කරලා තිබුනා. කලක් තමන්ට සැනසීමක් ගෙන දුන් සෑම සටහනක්ම, සෑම තනුවක්ම දැන් දැනෙන්නේ නැතිවූ දෙයක අවතාරයක් සේය.
තමන්ට හුරුපුරුදු තාලයක් ඇසෙන විට හදවතට රිංගා ගත්තේ තනිකම පමණක් නොවේ - එය කිසිම ශබ්දයකින් පිරවිය නොහැකි හිස්බවක් . ගීත ඇයට ඔහුව, නොචූව, JK ගැන ඕනෑවට වඩා නිතරම මතක් කරා. සෑම දෙයක්ම එකවර සැබෑ සහ අධියථාර්ථය ලෙස හැඟෙන, යහළුවෙකුට වඩා වැඩි යමක් ඇයට සොයාදුන් ඒ අමුතු ගම කෙල්ලට මතක්වෙන්න ගත්තා .
නගරයේ ඝෝෂාව මැද, කලින් දැන සිටි අය වෙස් මුහුණු පැළඳ සිටින බවක් පෙනෙන්නට තිබූ නුහුරු මුහුණු අතර, ඇයට වෙන කවරදාටත් වඩා අතරමං වූ බවක් දැනුනා. නොචූ ගේ මුහුණ, කටහඬ, ඔහුගේ පැමිණීම - ඇයව හොල්මන් කළා, නාඳුනන අයගේ ඇස්වල, ඇගේ කම්මුලට ගසාගෙන ආ සුළඟේ, රාත්‍රියේ නිශ්ශබ්දතාවයේ. ඔහු තවමත් කොහේ හෝ සිටින බවක් කෙල්ලට දැනී ගියා. නොචූ නැවත ඉපදුණාද? අලුත් ජීවිතයක් ගත කරනවද? අතීතය ගැන මතකයක් නැතිවද? එහෙම නැතිනම් එයා සදහටම නැති වී ගොස්, විශ්වයේ සැරිසරන ආත්මයක්ද?
මරණය කෙල්ලව භීතියට පත් කරා - ජන්කූක් සමග ගත කල හැම මොහොතක්ම හැම මතකයක්ම තවමත් ගම්මානයේ , තමන්ගේ සිතේ සැරිසැරුවේ හරියට , ඕනෑම මොහොතක ඒ මතක ඉල්ලා සිටීමට ජන්කූක් නැවත එනව වගෙයි .
ඒඑක දවසක එක හවසක හායූන්ගේ අම්මගෙ ඉල්ලීම මත හායූන්ගේ අයියා ගෙදර ආවා . ඒකත් හායූන්ව කාමරයෙන් පිටතට ගන්න . කෙල්ල දවසේ වැඩි කාලයක්ම ගත කරෙ ඔහේ අඇදේ හාන්සි වෙමින් හෝ ජනේලෙන් පිටත බලමින් වුනා .
" ඉක්මනින් කෝපි එකක් බීල එමු " හායූන්ගේ අයියා එහෙම කියන ගමන් යාහූන්ව කාමරයෙන් පිටතට අඇදගෙන ආවා . නමුත් එය කිසිසේත් වත් කැෆේ එකක් නම් නෙවේ . ඒ වෙනුවට එතන concert එකක පෙනුමක් ගත්තා . පිරිලා හිටපු මිනිස්සු කන්දරාව එක්ක හැමෝගෙම අතේ තිබුන ලයිට් ස්ටික්ස් එක්ක කෙල්ල පුන පුනාම කිව්වෙ ගෙදර යන්න අවශ්‍ය බවයි . නමුත් ඇයගේ අයියා එයට ඉඩ නොදුන්නා . ඔහු බලාපොරොත්තු උනා මෙය
ජීවිතය තවමත් ජීවත් වීමට වටින බව ඇයට මතක් කර දෙයි කියලා.
YOU ARE READING
Loonar Lantern | JJK
Fanfiction"යාහ් මොට්ට ජන්කූක් ! තමන්ගෙම ගෙදරට කුණු බිත්තර ගහන්න එපා යකොව්"