මේ දවස්වල හැමෝටම වගේ ගෙවෙන්නෙ වැහි දවස් එහෙම නේද ...?
හැමදාම වගෙ නාය යෑම් රතු නිවේදන වැටෙන වැස්සක් ආපු ගමන් මතක් වෙන පහතරට තෙත් කලාපය එහෙම නැත්නම් කලුතර ඉන්න මම කියන්නෙම වැස්සට ඇග අත පය හොදට හුරු කරගත්ත කෙනෙක්...මට පලවෙනි වතාවට වැස්ස ගැන තද අප්රසන්න බවක් වැඩිපුර දැනුනා ..පලවෙනි වැහි දවස් දෙක යම්තම් රෙදි වේලගත්තේ එහෙට මෙහෙට දුවලා. ඒකත් ගේ වටේ වැල් තියෙන තැන් වලට දුවන එක ලේසී නෑ ..ගේ පිටිපස්සෙන් තීරුවේ ගල් ගොඩක්. ඊට උඩ කන්දෙ තැනක එක රෙදි වැලක් .ඒකට යන පාර තියෙන්නෙ අම්මගේ මෑ වැල් මැද්දෙන් .මම ලගදිත් එයාට කිව්වා ලගදිම මට රෙදි ගන්න ගිහින් ඔය මෑ වැලක් බෙල්ලේ ඔතාගෙන තමයි පහලට ලිස්සන්නෙ කියලා. එතකොට ගෙට අනිත් පැත්තෙ හීනී තීරුවෙ මම අනිත් රෙදි වැලට දුවන්න ඕන ගස් අතරින් ..මම නම් ලගදිම දවසක දන්නවා කොයි වෙලේ හරි මම ගුවන් පියාසර වටයක් යනවා කියලා.
අන්තිමට ගේ ඇතුලෙත් රෙදි වැල් බැදගන්න වුනා ඒක හන්දා...වැස්සෙ නරකම දේ මට මුලින්ම දැනුනේ මගේ පරණ පොත් පෙට්ටිය දැක්කම .ගෙදර බිත්ති භයානක විදිහට තෙත් කන එක මට ඉවසගන්න තිබුනා මං ලග පොත් තුන් හාර සීයයක් නොතිබුනා නම්. ඔයාට කියන්න මගේ සම්පූර්ණ පරණ පේපර් කට්ටල තුනක් ම මම විසික් කරා.ඒවයින් වැඩක් ගන්න බැරි තරමට විනාශ වෙලා තිබුනා .ඉතුරු හරිය මම බෝතල් පත්තර කාරයෙක් ට දුන්නෙ මට දැන් ඕන වෙන එකක් නෑ කියල හිතන පොත් ටික..
ඊටපස්සේ තිබුනේ මගේ පපුව ඇදුම් කන පොත් සෙට් එක .ඒවා ගත්තේ සල්ලි එකතු කර කර මගෙ ම ආසාවට .ඒ පොත් ඔක්කොම ආරක්ෂා කරගන්න මට සිද්ධ වුනා ලස්සනට අඩුක් කරලා තිබුන ඒවා ඔක්කොම බෑග් වලට දාන්න ...වැස්ස මට නරකම විදිහට ඊලගට බලපෑවේ පන්ති දවසෙ .උදේ පාන්දර වැස්සටත් කුඩෙන් යම්තම් ඇග වහගෙන බාගෙට තෙමි තෙමි ගිහින් වාඩි වුනෙ ඒසී දාන පන්තියක .මම හිතුව සර් ඒසී නවත්තයි කියල .එයාට ඒක ගානක් නොවූනට වැස්සෙ තෙමිල ඉදපු මාව වෙව්ලනවා. කොහොම හරි ලග ඉදපු යාලුවගෙ අතත් බැරිම තැන හයියෙන් අල්ල ගත්තා වෙව්ලන කොට .ඊටපස්සේ
පන්ති ඇරෙන වෙලාවටම හෙන වැස්සක් කඩා පාත් වුනා .කුඩෙන් යන්න තියා හිතන්නවත් බැ .ඒත් ලමයි ගියා .මටත් පොඩි අමුතු ඇම්මක් තියෙනවා crush එක බලන්න. (මං මහ පිස්සෙක්) එයා දකින්න හම්බ වෙන්නෙ ඔය විනාඩි දෙක විතරයි. එයා එන බස් එක ගානට සෙට් කරන් මම මොකා දෙකා වගේ දුවනවා බස් ස්ටෑන්ඩ් එක .අපරාදේ කියන්න බෑ එදත් ඕක කරා .අර හෙණ ගහන වැස්සෙ කඩයකවත් නතර නොවී ගියා ඉතින්. හොද වෙලාවට ලොකුවට තෙමුනම විනිවිද පේන ඇදුමක් ඇදන් ඉදියේ නෑ .හැබැයි මගේ ඩෙනිම දණහිසට වෙනකන් වතුර බේරෙනවා. ඇදන් ගිය බ්ලවුස් එකත් පිට මැද්දට ඇලිලා. ඔක්කොමත් හරි පොත් බෑග් එක හොදටම තෙමිලා යාලුවගෙන් ෂොපින් කවරයක් අරන් ටියුට් ටික දා ගත්තේ .එතකොටත් ඒවා තෙමිලා . ඒ අස්සේ අම්ම කෝල් ගන්නව එක දිගට
ඕක ආන්සර් නොකර ගෙදර යනවට වඩා හොදයි අකුණක් ගහල මැරෙන එක .කොහොම හරි වතුර පිටින් පෝන් එකත් අරන් කෝල් එකට කතා කරල යද්දී ඔන්න ඉන්නව බලන්න ආපු ගෙඹි කුමාරයා .මම හරියටම දන්නෑ එයා මාව දන්නවද කියලා. හැබැයි ඩයල් එක මාව දැකල අහක බලාගෙන මහ නක්කල් හිනාවක් දැම්මා. ඒකෙන් තේරුම් ගන්න මම කොච්චර තෙමිච්ච කිකිළියක් ද කියලා ...ඇත්තටම එදා ගෙදර එනකන් වැස්සා.මම කඩයකින් මඤ්ඤොක්කා බයිට් එකසිය පණහක අරගෙන ගෙදර යනකන් ම ඕක එකදිගටම කෑවා තනියම. (යාලුවෝ ඉදියේ නෑ ) ඒ ගමන් මටත් පොඩි නක්කල් හිනාවක් ආවේ වැස්සෙ ජීවීතය විඳීම ගැන මතක් වෙලා...ඊටපස්සේ වැස්ස මට එපා වුනු හේතුව තමයි සීතල ....දවසෙම සීතලේ ඉදල ගේ ඇතුලත් තෙත් කාලා තිබුන ම මට පැය විසි හතරම නොකා නොබී හරි ඇදට වෙලා ඉන්න ඕන කියල හිතුනා
වූෆි එලිය මඩ වලින් එයාගේ පා සටහන් මාර්ක් තියල මට නැට්ට වනලා යන හැම වෙලාවකම මම ගේ දෙවනත් වෙන්න කෑ ගැහුව...කොහොම වුනත් වැස්ස මාව අපහසු කලාපයක හිර කරල වගේ දැනෙනවා. මං දැන් බයේ ඉන්නෙ කොයි වෙලේ හරි අසනීප වෙයි කියලා. මොකද අසනීප වුනහම හෙන වදේ අප්පා...
වැස්ස හැමෝටම ලස්සන නෑ ...
සමහර වෙලාවට ලස්සන ඇති ...ඉක්මනින් හොද රස්නෙ ඉර අව්වක් එනකන් මම බලන් ඉන්නවා
මීට - ,
පොරෝනයක් අස්සෙ හැකරැල්ලෙක් වෙලා ඉන්න
හෞශා
YOU ARE READING
එකෝමත් දවස්
Cerita Pendekඅවුරුද්දකට දවස් තුන්සිය හැට පහක් කියලා දන්නවා වුනාට මට දැනගන්න ඕන උනත් දැනගන්න විදිහක් නෑ මම ජීවත් වෙන අවුරුදු ගාන ... ඒත් දවස් තුන්සිය හැට පහ තුල තියෙනවා මම මැරෙන දවස් මම ඉපදෙන දවස් " මම ජීවත් වෙන දවස්...." ඒවා එකෝමත් දවස්... -___________...