episode 02

159 30 5
                                    

" සියක් තරු එලි අතර
  දෙනෙත් විඳි අකුණ නුබ
  දහස්වර ආදරෙයි මිමිණු
  නොලත් හිමිකම නුබ ..."
          - යේශා

♡____________________________________☆

මගේ නංගි ඒ කියන්නෙ පොඩ්ඩි තනිකර ම කොලු පිස්සුව ගහපු එකියක්. මට මේකීව ගිහින් බේරෙ වැවේ ඔබන්න හිතයි වෙලාවකට. මේකිට පේන්න කෙල්ලෙක් දිහා බැලුවත් වැරදිලාවත් කොල්ලෙක් දිහා බලන් නෑ..ඇයි ඉතින් හඤේ ගාගෙන මැරෙන්න යනවනෙ ...

මේකිට පිස්සු..මේකී හිතන්නෙ හැම gay කොල්ලම හෙන හොදයි උන් පට්ට රෝමාන්තිකයි කියලා.
රෙද්දේ රෝමාන්තිකත්වය..gay එවුන් සීයක් ගත්තොත් අනූවක් ම  relationship පවත්වගෙන යන්නෙ සෙක්ස් ඕන හන්දා.  මම නිකමට ඔය gay group එහෙක පෝස්ට් බැලුවා මේකී කියන කතාව ඇත්තක් ද හොයන්න ..ඒක පුරාවටම තිබුනෙ sex sex විතරයි . ලව් කරන උනුත් ඇති ..මට ඒක වැඩක් නෑ  ....මම ඕක ගැන මේකිට කියල බනින්නෙ මට බය මේකී gay කියපු ගමන් උන්ගෙ කරේ නෙ ..කොයි වෙලේ හරි හොද එකෙක් ට හම්බ වුනහම මටයි පවුලේ අයටයි වෙන්නෙ වහ කන්න..
පස්සෙ පස්සෙ මට තේරුම් ගියා නංගි ආශ්‍රය කරන්නෙ තෝරලා බේරල හොදම අය කියලා. එදා යැන්ග් වුනත් දැක්කම ඒකගෙ ලොකු වරදක් තිබුනෙ නෑ ...

අපි සතියකින් පොත් ප්‍රදර්ශනයට ගියා ..
යැන්ග් ඇවිල්ලා ඉදියා තව එයාගේ යාලුවෝ එක්ක. එදා ආපු අර සුදු ලමයත් ඉදියා ...
කොහොමෙන් කොහොම හරි මම කොලබ කැම්පස් select හන්දා බෝඩිමක් හොයනව කියන කතාව නංගි යැන්ග් ගෙ ඔලුවට දැම්මෙ මගෙන් අහලවත් නෙවෙයි.  යැන්ග් එවෙලෙ ම අර සුදු ලමයව පෙන්නුවේ එයාලගෙ ගෙදර බෝඩිම් කාමරයක් තියෙනවා කියලා...

එහෙම තමයි මම ඒ කොල්ලගෙ ගෙදරට ආවේ ..
අවුලක් නෑ කාමරය ඒ ගානට ශේප් .කාමරය තිබුනේ උඩ තට්ටුවේ යන්න එන්න එලියෙන් පඩිපෙලක් හදලා ..කාමරය ලස්සනට අස් පස් කරල තිබුනා . මම ඇවිත් ගෙනාපු පොත් ඇදුම් අඩුක් කරන්න ගත්තා.
මගේ ඇග නිකම් කියන්න තේරෙන්නෑ මොකක්ද වෙනවා. අසනීපයක් ද මන්ද...
ඒත් එහෙම වෙන්න බෑනේ මෙහෙම ලෙඩක් මම අහල නෑනේ ..මම හිතින් ඈතට ගියේ රෝග නිධානය හොයා ගෙන ....

නංගිගෙ පෝන් එකෙන් මගේ පෝන් එකට යවපු ss එක ගැන නංගි හාංකවිසියක්වත් දන්නෙ නෑ. දැනගත්තොත් ප්‍රශ්න කෝටියයි. මං දන්නෑ ඒ පොටෝ එක මාරම ලස්සනයි. මාව නිකම් එකපාරටම ශොක් වුනා වගේ. කලබලේ ට පස්සෙ බලනවා කියල මම ඒක මගේ පෝන් එකට දාගෙන නංගිගෙ පෝන් එකෙන් delet කරා ..

කඩදහි ඔරු (complete) Where stories live. Discover now