කතු සටහන

129 14 6
                                    

මුලින් ම thank කරනවා කතාවේ cover එක හදපු ටීනා අක්කට
ඊටපස්සේ මේ දක්වා මට support කරපු සුකී, බුබූ ඇතුලු ආදරණීය රීඩක ප්‍රජාවට..

●●●●●●

කතාව ගැන කිව්වොත් උබලට මේකෙන් මං ගැන ඉගෙන ගන්න තියෙන්නෙ මෙච්චරයි.
මුල ඉදන් බාල්දි නැත්නම් මම අන්තිමට බාල්දියක් සෙට් කරනවා ඔක්කෝටම හරි යන්න.
මුල ඉදන් බාල්දියෙන් නාගන්න සීන්ම වැඩි නම් අවසානයේ හැපියක් 😂

ම් ඒක නෙවෙ.
මම කිව්වනෙ මේක පට්ට cringe type කියලා. මේ දක්වාම මේක ඒ වගේ දැනෙන පිරිසකුත් ඇති.හැබැයි අන්තිම එපියේ ඒ අදහස මැරුණ කට්ටියකුත් ඇති .
මම මේකෙන් ඉස්මතු කරේ ආදරේ ප්‍රබලත්වය.
එච්චර විතරමයි

එතකොට මම මේ කතාව වෙනුවෙන් මහන්සි වුනෙ නෑ මොකද මේක සරල plot එකක්. කිසිම දැනුමක් අවශ්‍ය නෑ මේක ලියන්න. ( උබලා හිතුවද මම කලින් කතා ලිව්වේත් මෙහෙම කියලා. පිස්සුද යකූ මම පොත් දහය පවා කියවල තියේ සමහර පොත්වල plot එකට කරුණු හොයා ගන්න. හැබැයි එහෙම මහන්සි වුන story තාම published නෑ .ඒක වෙනම කතාවක්)

ම් ඉතින් ඔයාලට දැනෙන දේ කියන් යන්න.
අවුලක් නෑ උබල තියෙන දෙස් දහගුණයකින් මට වදිනවා මම දන්නව.
මොකද අඩුම මගේ ඉදිරි මාස තුනකම තියෙන කුණාටුවේ පෙර නිමිති මේක ලියන අද දවසෙම පහල වෙලා ඉවර හන්දා.
ආ ඒක අවුලක් නෑ මට ඕවා ගානක් නෑ

සෑහීමකට පත් වෙන්න හරි හැටි සමු ගන්න ..

මේක  කීයටවත් මිනුද් යතීශ්ගෙන් සමු ගත්ත විදිහට අදාල නෑ .හැබැයි කඩදහි ඔරු ලියපු මේ දවස් කීපයේ අමුතු miracles සිද්ධ උනා මගේ ජීවිතේ. (ඒවා මොනවද කියන්න බෑ හැබැයි)
මම මෙහෙම කිව්වේ මගේ ජීවිතේ එක එක මිනිස්සු මුණගැහුනා.හුගක් අය වෙන් වුනෙ කතා බහ කරල හරි හැටි සමුදීලා. (එහෙම කරේ මම) මොකද මට ඒ කෙනා මතක් වුනහම වරදකාරී හැගීමක් දැනෙනවා.අරහෙම සමු ගත්තම කිසිම වේදනාවක් දැනෙන්නෑ...
අද  මට කලින් එහෙම සමු නොගත්ත කෙනෙක් කතා කරල එයාගේ පරිච්ඡේදය මගේ කතාවෙ හරිහැටි නිමා කරා .මට ඒක මාර සැනසීමක් ආවා..
ඇත්තටම ඔයාලා කවදාවත් කිසිම හේතුවක් නොකියා කාගෙන්වත් ඈත් වෙන්න එපා .එහෙම වුනු බැදීම් තියෙනවා නම් හිත රිද්දගන්නෙ නැතුව එයාගෙත් හිත නොරිද්දා හරි විදිහට සමු ගන්න. ස්තූතියි කියන්න එයාගෙන් ලැබුනු හැම හොද දෙයකටම. ඒ වගේම කියන්න අමතක නොකර මම ඔයාට වෛර කරන්නෙ නෑ කියන එකත් (කැමති නම් විතරක්) ..
මුණගැහීම අහම්බෙන් වුනාට සමුගැනීම එහෙම වෙන්නෑ

ඉතින් කතාව කොහොමද
මට හොදටම සනීප නෑ පොඩි rest එකක් අරන් ඉතුරු කතා continue කරන්න යනවා එහෙනම්

බායි හැමෝටම ආදරෙයි
ඒ වගේම ස්තූතියි

මම නපුරු ජැන්ජේ...

කඩදහි ඔරු (complete) Where stories live. Discover now