last episode

227 22 27
                                    

ජීවීතේ එක්තරා කාලයක හම්බ වුන මිනිස්සු ඒ කාලය සුන්දර කරා ...
එයාලත් සුන්දර මිනිස්සු විදිහට ජීවීතයට එකතු වුනා ...

ඒත් තොරතෝංචියක් නැතුව කියවලා යන්න ගියා

මාස දොලහක් ඇතුලත හමුව මගේම කරගත් ප්‍රේමය සාරාංශකරණය කලහොත් එය පරිච්ඡේද අටකි...
ජීවිතේ ලස්සන දවස් පැමිණ ඉක්මනින් ගෙවී යන බවත් මට ඉගැන්වූයේ ඒ පරිච්ඡේදයයන් ය ..
කෙටිකාලීන වූවද හමුවූ සැබෑ ප්‍රේමය සදා අමරණීය වූත් ෆීනික්ස් කුරුල්ලෙක් මෙන් සියලු මරණයන් අභිබවා නැගී සිටීමට තරම් බලවත් බව මා දැනගත්තේ ද එම පරිච්ඡේදයන් මතය ...

එකී ප්‍රේමය සංසාරණ්‍යයේ කොහේ හෝ තැනක පැවිදිව ප්‍රේම ධර්මයේ යටගියාව මා හට පසක් කිරීමට සැදී පැහැදී සිටින නියාව ද මා දනිමි...
එහෙයින් සංසාර පාද පරිචාරිකාව නොමැතිව ඔහුත් මාත් යලි භවයක හමුවන තුරු මේ සංසාර චක්‍රයට අනුගත වීමට මා තීරණය කලෙමි

  යතීශ් මිථුන් සස්මිත
  දිනපොතෙහි ,
  මැයි මස විසි නම වන දින සටහන .

------------------------------------------------------------●

" පුතා congratulation...මම හිතන් විදිහට ගෙදරින් ඔයා කැමති ම විදිහෙ ගෑනු ලමයෙක් තෝරලා වගේ. ඔයාගෙ අම්මා කිව්ව ඔයාලා දෙන්න පොඩි කාලේ ඉදන් ම යාලුවෝ කියලා..."

මම මොකුත් කිව්වේ නෑ...මට බැලුනෙ මිනුද් ගෙ මූණ දිහා..මිනුද් කෑම එකවත් නොකා මේසෙන් නැගිටලා යන්න ගියේ අම්මා කෑ ගහන එකවත් නොබලා...

ගෙදරින් කතා කරලා තිබුන කෙල්ල ගැන පොඩී මට කෝල් කරල කියද්දිත් මගේ උකුල උඩ මිනුද් ඉදියේ මට තුරැල් වෙලා..එයාගේ ඇස් වලින් වැටුන එක කදුලක් මගේ පපුව දිගෙ ගලන් යද්දී තමයි මට ඉහ වහා ගිය පපුවේ කැක්කුමක් හැදුනෙ.

එක්තරා දවසක කවදාවත් ගෙදර අයගේ තීරණයකට බෑ නොකියපු මම ගෙදර යන්න තීරණය කලේ හෙට අනිද්දා වෙන්න තියෙන කසාදය හොදින් හරි නරකකින් හරි නවත්තන්න.
මට දරා ගන්න අමාරු ම උනේ මිනුද් ට දේවල් තේරුම් කරල දෙන්නත් කලින් විභාගෙට පාඩම් කරන්න කියල යාලුවෙක් ගෙ ගෙදර නවතින්න  පොඩී කෝල් කල දවසෙ පහුවෙනිදා ම  එයා ගිහින් තිබුන එක ..අදට සතියක්. කටහඩ අහන්න ඒ මූණ බලන්න විදිහක් නැතුව මම විදවපු තරමක්....
මම දන්නව එයා මට වඩා විඳවනවා. එයා මේ ගෙවෙන තත්පරයෙත් මම එයාට නැති වෙයිද කියන බයෙන් ගැහෙනවා. මට කියා ගන්න ඕන ඉක්මනට ම ඒ දේ එහෙම වෙන්න මම ඉඩ තියන්නෙ නෑ කියන එක ..

කඩදහි ඔරු (complete) Where stories live. Discover now